මාස අටක් පුරා පැවති ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති පුරප්පාඩු පිරවීම සඳහා නව තානාපති ලෙස නාවලගේ බෙනට් කුරේ මහතා අද අදේ රෝමයට පැමිණියේය
ඒ මහතා අද සවස රෝමයේ තානාපති කාර්යාලයකට ගොස් වැඩ භාර ගැනිමට නියමිත බව තානාපති ආරංචි මාර්ග කියයි
නව තානාපති රොමයට පැමිණිමත් සමඟ රොමයේ තානාපති කාරියාලය ආශ්‍රිතව පවතින බොහෝ ගැටළු වලට විසඳුම් ලැබෙනු ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාර්යාලයත්, අර කාර්යාලයත් හැම කාර්යාලයත් හැම විටම විමර්ශණය කිරීමට ක්‍රම වේදයක් සකස් කලොත් නරකද? හැබැයි බොරු වාර්තා දෙන අය අල්ල ගන්න ක්‍රමයකුත් ඇතුලත් කර ගන්න (ස)
ඔබගේ පැමිණීමත් සමගම ගැටළු විසදා ගන්න හැකිවේවි.(නදී)
ද්විත්ව පුරවැසිභාවය තිබෙනවා නම් අපිට පුළුවන් ඉතාලියේ ඡන්දය දෙන්න එතකොට අපිට පුළුවන් අපේ නියෝජිතයෙක් ඉතාලියේ නගර සභාවට , පාර්ලිමේන්තුවට යවන්න , අපිට එතකොට පුළුවන් මෙහෙ කොටි ඩයස්පොරවත් එක්ක සටනක් දෙන්න , මෙහෙ උපයන මුදල් ලංකාවට ගෙනිහින් ආයෝජනය කරන්න . වයසට ගිහාම පුළුවන් ලංකාවට ගිහින් පදිංචිවෙන්න විශ්‍රාම වැටුප කෙලින්ම ලංකාවට ගෙන්න ගන්න මෙමගින් සිධු වන්නේ ලංකාවට වාසියක් (අ)
අම්මෝ ....ඇති යන්තන් ආවා. මගේ තියෙන්නේ එක ඉල්ලීමයි .කලින් වගේ ඉරිදා විවෘර්ත කරන්න.ස්තුතියි.(නදී)
අපි හොඳ සාධාරණ සේවයක් බලාපොරොත්තු වෙනවා. ඔබට අපගේ සුභ පැතුම්. ඇතුලේ හරියට කචල් පසුගිය දවස් වල. විසා, පාස්පෝට් අංශයේ දුෂණ වැඩි වෙලා. මහජන මුදල් ගස කනවා. දක්ෂ, ක්‍රියාශීලි, උගත් රජයේ නිලධාරීන්ට දේශපාලන බල පුළුවන්කාරකම් පෙන්නලා එක්කෙනෙක් බොරු ගොන් පාට් දානවා . ඇත්තටම එයාට එහෙම දේශපාලන බලයක් නැහැ. බංකොලොත් වෙලා දෙකේ කොලේට වැටිලයි ඉන්නේ. කකුල් අල්ලලා වැඳලා, බුලත් දීල, හොටු පෙරාගෙන තමයි ජොබ් එක ගත්තේ. ඒ නිසා තානාපතිතුමෝ පරිස්සමින් වැඩ කරන්න. (අ)
මඩ ගාගත්තේ නැති දේශපාලඥයෙක්.... (ස)
සඳුනි, ඔය දන්නා එක මෙයාගේ වැඩ ගැන කොල්ලොන්නාවේ අයගෙන් අහල බලන්න. අපි නොදන්නා මොනරතැන්න ... (ස)
වැඩි හරියක්ම අය හිතන් ඉන්නේ එම්බසි එකක් තියෙන්නේ මොකටද වත් දන්නේ නැහැ වගේ. රට වල් අතර සම්බන්ද කම් පවත්වාගෙන යන්න මිසක් ඒ රටවලට ඇවිත් ඉන්න ලාංකිකයන්ගේ කුදු මහත් කටයුතු බලන්නම නෙමේ. ඉතාලියේ තියෙන්නේ නම් එම්බසි එකක් නෙමේ අම්බලමක් කියලයි හැමෝම හිතන්නේ. ලංකාවෙන් වැඩියෙන්ම හොරට හදා ගත්තු පාස් පොර්ට් , හොර උප්පැන්න වලින් ගිය අය ඉන්නෙත් ඉතාලියේ. ඉතින් කුරේ මහත්තයට අමාරු වෙන එකේ අරුමයක් නැහැ.(නදී)
දැන් තානාපති කාර්යාල ලංකාවේ පළාත් සබා වගේ වෙලා. අසමගිය, වංචාව දුෂණය ලෙසින් ලංකාවේ රජයේ ආයතන තුල තිබෙන ලක්ෂණ දැන් තානාපති කාර්යාල තුළටත් යන හැඩයි. එහෙම වුණොත් අනේ අපොයි! (නි)
ඉතාලියේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස වැඩ බාර ගත් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ගරු බෙනෙට් කුරේ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාපොලි කම්පානියා ශාඛාවේ හද පිරි සුබ පැතුම් (නදී)
මොකට පුම්බනවද මේ ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලකයින්.(නදී)
අර නවත්වල තියෙන ද්විත්ව පුරවැසි බාවය නැවත ලබාදෙන්න පටන්ගන්න කියලයි මගේ ඉල්ලීම ...එහෙම දෙන්න බැරිනම් පරණ ලබාගෙන තියෙන අයගෙත් එම අයිතිවාසිකම අවලංගු කරන්න .. රටේ එක එක කට්ටියට එක එක නීති තියෙන්න බැහැනේ ..දෙනවනම් ඉල්ලන ඔක්කොටම .. නොදෙනවා නම් එත් ඔක්කොටම ..(නදී)
හැමෝටම මුලින් යනකොට අපේ අය කියන්නේ ඔහොම තමා. (නි)
ඉතාලියේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස වැඩ බාර ගත් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ගරු බෙනෙට් කුරේ මහතා ,රාණි බුලත්වෙල මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට තානාපති කාර්යාලයේ වැඩ කටයුතු ඉතාමත් හොදින් කර ගෙන යාමට හද පිරි සුබ පැතුම් (අ)
ජීවිතේ බොහොම පුංචිම තැනකින් පටන් ගත් මනුස්සයෙක්. මොනවා වුණත් දේශපාලනයට නොපැමිණියා නම් හොඳයි කියලයි මම කියන්නේ.කොහොම වුණත් ඔබට මගෙන් සුබ පැතුම්! (නි)
කවුරු ආවත් මෙහෙ ලාංකික පාතාලයට ඉඩ දෙන්න එපා. අවංක සේවයක් ලැබුනොත් ඇති (නි)
වර්තමානයේ තානාපති සේවය ලෝක රටාවට ගැළපිය යුතුවේ.ඒ ඒ රටවල මවු භාෂාව හැසිරවීමට හැකි දක්ෂ,කාර්යශූර,දේශ මාමක,තම රටේ ඉතිහාසය,සංස්කෘතිය දන්නා පුද්ගලයන් තානාපති සේවා වලට යෙවිය යුතුයි (නි)
ඇන්ටනි රණසිංහ නාපොලි දෙම්ම පටන් ගත්තා වගේ වෙළඳ ව්‍යාපාරය . පොඩ්ඩක් ඉවසන්න ඔහු අවේ දේශපාලනයට නොව . ඉතාලියේ වසන සියලුම් ලාංකිකයන්ට සේවයට . එනිසා පක්ෂ බේදයක් මෙතනට ඕන නැහැ (දිල්)
කොළොන්නාව ආසනය නියෝජනය කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අවංක දේශපාලකයෝ දෙදෙනෙක් සිටියා එක් අයෙක් අභාවප්‍රාප්ත ටීබී ඉංගරත්න මැතිතුමා අනෙක් කෙනා තමයි බෙනට් කුරේ මැතිතුමා (දිල්)
වෙන රටක පුරවැසිකම ගන්න පෙර වැඩිදුර සිතිය යුතුයි (නි)
රොමේ තානාපති කාර්යාලයයේ වැඩ අන්තිමි. දුරකතනයට කතා කෙරන්නේනැහැ. නිතරම වැඩ. ඉසේලම එකේ හරි ගස්සන්න. ඉතාලියේ අනික් නගරවෙලට නාපොලි , සිසිලි වගේ කොන්සුලර් දන්න. (අ)
පිටිගල මිලානෝ. අපරාදේ ලංකාවෙන් තානාපති කෙනෙක් එව්වේ. ඔයාව දන්නා තිබ්බේ. (අ)
අපි සියලුම දෙනා හරිහැටි මතක තබා ගනිමු.මේ දීලා තියෙන්නේ රැකියාවක්.අපි වැටුප් ගෙවනවා.ඉදුම් හිටුම් ඇතුළු අනෙක් පහසුකම්ද සපයනවා.තානාපතිතුමාට තිබෙන්නේ ඔහුගේ කාර්යය ඉටු කරන්නයි. (නි)
ශ්‍රී.ල.නි.ප. මිලානෝ ශාඛාව ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. (නි)
ගරු බෙනට් කුරේ මැතිතුමාව ලේක්කෝ ශ්‍රී.ල.නි.ප. ශාඛාව විසින් සාදරයෙන් පිළිගනිමු.
ලඟින් ගියොත් ඇහැක් නෙමෙයි ඔක්කොම නැතිවෙන කෙනාගෙන් පරිස්සම් වෙන්න. ගිය තැන විනාස කරනවා. අම්මෝ කියන බොරු. ඔක්කොම කයිවාරු තමයි. ලන්ඩනයේ කාගෙන් ඇහැව්වත් විස්තර කියාවි. (අ)
නාමල් කියන කතාව සම්පුර්ණ ඇත්ත.කොහොම උනත් තානාපති වශයෙන් පත්ව එන පුද්ගලයා විශේෂ සැලකිල්ලකින් අපේ රටට එරෙහිව එල්ල කරන බොරු චෝදනා නිශේධ කිරීමට මහන්සි ගතයුතුයි.වර්තමානයේ විශේෂයෙන්ම බටහිර යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ කකුලෙන් ඇදීමේ උත්සාහයක දී ඉන්න බව අපි කව්රුත් දන්නා දෙයක් නිසයි මම එහෙම කියන්නේ. (අ)
මටත් ද්විත්ව පුරවැසිභාවය තියෙනවා. ගත්තේ ලොකු මුදලක් ගෙවලා. මට නම් ඕක තිබුණත් නැතත් එකයි. (නි)
නාවලගේ බෙනට් කුරේ මැතිතුමාට ශ්‍රී.ල.නි.ප. මොන්සා ශාඛාවේ උත්තමාචාරය මෙයින් පුද කරමි. (නි)
ද්විත්ව පුරවැසිභාවය ළගදීම දෙනබවත් අඩුවකට තිබෙන්නේ කුමක්දෝ පනත් කෙටුම්පතක සුළු ප්‍රශ්නයක් බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක් ළගදී පුවත්පතකට කියා තිබුනා. තානාපතිතුමනි, කරුණාකර මේ ගැනත් සොයා බලන්න. ද්විත්ව පුරවැසිභාවය ලැබුනොත් යුරෝපයේ පදිංචි ශ්‍රී ලංකික පුරවැසියන් ලංකාවේ විශාල ලෙස මුදල් ආයෝජනය කරන්න බලාපොරොතු වෙනවා.සමහරු බලාපොරොතු වෙනවා විශ්‍රාම ගිය විට ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වෙන්න. ශ්‍රී ලාංකික පුරවැසියන්ට එම රට වලින් පිටත ජිවත් වෙන්න පුළුවන් මාස 6යි. ඊට පසු වීසා අවලංගු වෙනවා (නි)
නව තානාපති බෙනට් කුරේ මහතාව මිලානෝ ශ්‍රී.ල.නි.ප. ශාඛාවේ සියලු දෙනා විසින් සාදරයෙන් පිළිගනිමු. (නි)
ද සිල්වා මහතාණෙනි, ඔබ ද්විත්ව පුරවැසිභාවය ගැන කථා කරනවා. තව විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුපත් ගැන කථා කරනවා. ලියන්නන් වාලේ දන්නේ නැති දේවල් ලියන්න එපා. නීති ගැන අවබෝධයක් ලබාගන්න පලමුව. (අ).
අපි බලාපොරොත්තු වෙනවා මෙම තානාපතිට හසල ලෙස ඉංග්‍රීසි සහ ඉතාලි හෝ ප්‍රංශ භාෂාව ව්‍යක්ත ලෙස කතා කරන්න පුළුවන් ඇති කියා. මෙහි කුමනාකාරයේ කාර්ය මණ්ඩලයක් සිටියද තානාපතිතුමා විශේෂයෙන් කළ යුත්තේ රාජ්‍ය නායකයින් හමුවී ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ඔවුන්ට වැටහෙන භාෂාවකින් පැහැදිලි කරදීමයි. (නි)
ඇයි අර දැන් ඉන්න කිසිවත් මතක නැති එක්කෙනා ගැන මුළු රටම දන්නවනේ. එයා හොද නැද්ද? (නි)
සුභ පැතුම්! (නි)
සුදුසු දේ තමයි ලැබෙන්නේ (නි)
තැන්ක්ස් අමා , මම කලින් කීවේ එඅකයි මේ මනුසය දෙස පාලනයට නාවනම් හොඳයි කියල . අපි කුඩා කාලේ බොහොම ආදරෙන් බෙනට් අය්යේ කියල කතා කල බොහොම ගුණ ගරුක මනුස්සයෙක් (අ)
ගරු තානාපතිතුමෙනි, ඔබ ඉතාලියේ තානාපති උවත්, රෝම නගරයේ ඉන්න හොර තක්කඩි ටික හොදින් හදුනාගන්න.ඔවුන්ගේ මපියාවට හසුවන්න එපා.අසිත පෙරේරා මහතා මෙන් අවංකව හා නිර්බයව තීරණ ගන්න.ඔබට අපි සුබ පතන්නෙමු. (අ)
දැන් ලංකාවේ මිනිසුන්ට 75% වැඩි ශාක්ෂරතාවයක් තිබෙනවා කිවුවට බුද්ධිමත්කම 5%-6% කට වඩා නැති බව ඔප්පු වෙනවා පාර්ලිමේන්තුවට එවලා තිබෙන මිනිසුන්ගේ බුද්ධිමත්කම දෙස බැලූ විට. (නි)
මම දන්න විදියට බෝට්ටුවෙන් ඇවිල්ලා උයන් වල කාලයක් නිදා ගත් අය තමයි ද්විත්ව පුරවැසිභාවය ගැන වැඩිපුරම කතා කරන්නේ. (නි)
මිනිසුනේ මෙහි අදහස් දක්වන්නේ අලුතින් පත් කරපු තානාපති වරයෙකුට මිස මැතිවරණයකට නාම යෝජනා දුන් කෙනෙකුට නොවේ. මටත් ඉතින් මේවා බලල ලියන්න තියෙන්නේ 'ජයවේවා!' (දිල්)
ඉතාලියේ පුරවැසි භාවය ගන්නනම් ඉතාලියේ ඉන්න.ලංකාවේ පුරවැසිභාවය ගැන හිතන්න තිබුනේ මිට ඉස්සර වෙලා.දැන් ලංකාවේ අයට බැනල වැඩක් නැහැ.(දිල්)
ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩලය ඔබව සාදරයෙන් පිලිගන්නවා (දිල්)
අසෝක මහතාණනි , ඔන්න ඕක තම වැරැද්ද. ඔක්කොටම කලින් දේශපාලනය. (ත)
මම නම් ඉන්නේ ලංකාවේ. ඒ වුණාට ඉතාලියත් දැන් නිකන් ලංකාවේ ප්‍රාන්තයක් වගෙයි අපිට හැගෙන්නේ,මේ ලියලා තිබෙන අදහස් දැක්කම. (නි)
දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම්! (නි)
කුලතෝනේ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් ඔබව සාදරයෙන් පිලිගන්නවා. (ත)