ශ්රී ලංකාව පශ්චාත් යුද ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා වැදගත් පියවර රැසක් ලබාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් ප්‍රකාශ කරයි.
අඟහරුවාදා (20) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 71 වැනි සැසිවාරය අමතමින් එසේ කී මහ ලේකම්වරයා දස වසරක සේවා කාලයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන අවසන් අවස්ථාව එයයි. ඔහු ලබන දෙසැම්බර් 31 වැනිදා සිය ධූරයෙන් සමුගැනීමට නියමිත අතර දකුණු කොරියාවේ හිටපු විදේශ ඇමතිවරයකු වූ බැන් කී මූන් ලබන ජනවාරි මාසයේ නැවත සියරට බලා ගිය පසු එරට ජනාධිපති ධූරය සදහා තරග කිරීමට නියමිතය.
මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ප්‍රසාදය පළ කළ මූන් මියන්මාරය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව හා සයිප්‍රසය යන රටවල අනාගතය වඩාත් ධනාත්මක බව ද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඉඩම් ටිකක් නිදහස් කරලා, හමුදා කඳවුරු ටිකකුත් අයින් කළා නම් මීටත්වඩා පසසයි (නි)
ඔව් ඉතින්, පසසන්න ඕනෑ නේන්නම් (නි)
ඒ කාලෙ නම් පසසනවා තියා හැරිලාවත් බැලුවේ නැහැනේ. රටේ මිනිස්සු අන්දන්න පුළුවන් වුණාට ලෝකෙම අන්දන්න බැහැනේ. (නි)
මේකේ අදහස් දාපු සමහර අන්ධයන්ගෙන් අහන්න තියෙන්නේ මේකේ තියන රටවල් ඔක්කොම හමුදා කදවුරු ඉවත්කළ රටවල්ද කියලා විතරයි. (නි)
මූන් යනු ඇමරිකන් හිතවතෙකි. මූන් මෙම ප්‍රශංසාව කළේ ඇයි කියා සිතාගත හැක. (නි)
යුද්ධය ඉවර වෙන්න කලින්, බෝම්බ පුපුරන කාලේ මූන් මහත්තයා කිසිම දෙයක් කිව්වේ නැහැ. (ර)
සතුටු නැද්ද අනේ කියන කියන දේවල් ඒ විදියටම ඉස් මුදුනින්ම පිළිඅරගෙන කරලා දෙනකොට! එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු (විශේෂයෙන්ම ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ මානව හිමිකම් මණ්ඩලය යනු) බටහිර රටවලට ලෝකයේ සෙසු රටවල් තමන්ගේ ඕනෑකම්වල හැටියට පාලනය කිරීමට හැකි වන යාන්ත්‍රණයක් මිස සෙසු රටවලට සාධාරණයක් ඉටුවන තැනක් නොවේ. (බ)
මෙයා විතරක් නෙවෙයි කොටි හිතවාදී හැම රටම දැන් පැසසුමට ලක්කරනවා. (හේ)
සමහරක් ගැන ඇත්තටම කනගාටුයි. අපේ රණවිරුවෝ ලේ මස් ඇට නහර දන්දීලා බේරාගත්ත රට ආයේ ආපස්සට හරවන්නයි බටහිර රටවලට ඕනේ (බ)