මීගහකිවුල , අරාව පාර , ඉමකඳුර ඇතුළු ගම්මාන රැසක ජනතාවට පානීය ජලය සැපයෙන ජල උල්පත් රැසක් පිහිටි මීගහකිවුල මිරිස්හේන රක්ෂිතයට අද (26) දහවල් 1.00 ට පමණ කිසියම් පිරිසක් ගිනි තබා තිබිණි.

රක්ෂිතයේ මැදට වන්නට වම් පසින් හා දකුණූ පසින් සිදුකළ මෙම ගිනි තැබීම් හේතුවෙන් එහි මීටර් 500 ක පමණ ප‍්‍රදේශයක් පුරා ගින්න පැතිර යමින් තිබූ අතර රක්ෂිතයේ යටි වගාවේ අක්කර සියයක් පමණ  මුළුමනින්ම විනාශයට පත්ව ඇතැයි රක්ෂීතය පාමුල පිහිටි මිරිස්හේන ගම්වාසීහු පැවැසූහ.

පවත්නා සුළං තත්වය හා වියළී කාල ගුණය හේතුවෙන් ගින්න කන්ද ඉහළට වේගයෙන් පැතිර යමින් තිබූ අතර  අද (26) පස්වරු 2.30 පමණ වන විටත්  ගින්න නිවා දැමීමටද කිසිදු පියවරක් ගෙන නොතිබිණි. 

01 3 4