IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන මාස හයක් සිරගෙට

(රෝෂන් තුෂාර)

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද මස හයක සිර දඬුවම් නියම කළේය.

අදාළ බදු මුදල් ගෙවන ලෙසට 2023/11/14 අධිකරණය නියෝග කර තිබියදී එම බදු මුදල් නොගෙවා පැහැර හැරම හේතුවෙන් මෙම දඬුවම නියම කළේය.

අදාළ නඩුව කැඳවීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර වග උත්තරකරුවන් අද දිනයේදී අදාල බදු මුදල් නොගවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

වග උත්තරකරුවන් මීට පෙර නඩු දිනයේදී අධිකරණ යේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මගින් වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.

2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු වැට් බදු මුදල වන රුපියල් බිලියන 3.5ක් ගෙවන ලෙසට විත්තිකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්ඛයා ලියනගේ මහත්මිය පෙනී සිටියාය.

 



අදහස් (11)

බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන මාස හයක් සිරගෙට

ජයනාත් Monday, 14 October 2024 12:28 PM

එතකොට මුදල් අය වෙන්නේ නැත්ද.. සිර දඬුවම විතරක් මදි.

:       5       98

Chaminda Monday, 14 October 2024 12:48 PM

එයින් කියන්නේ අද දිනයේ ගෙවීම් නොකරන්නේ නම් මාස හයක සැහැල්ලු සිර දඬුවමක් දෙනවා කියලා තමයි අදාල මුදල් ගෙවීම අනිවාර්ය වෙනවා..

:       2       61

NalinMonday, 14 October 2024 12:51 PM

බදු මුදලට දඬුවම නෙමෙයි, අද ගෙවපු නැති හින්දයි හිර දඬුවම දීලා තියෙන්නේ...! බදු මුදල කොහොමත් ගෙවන්න ඕනේ...!

:       2       78

Gon Monday, 14 October 2024 12:47 PM

බිලියන 3.5ට මම නම් අවුරුද්දක් වුණත් හිරේයනවා...!

:       8       26

Gihan Monday, 14 October 2024 12:48 PM

දේපල රජයට පවරාගෙන වෙන්දේසි කරලා බදු මුදල් පියවා ගත්තා නම් හරිනේ. මාස 6 ඇතුලේ ඉඳලා එයි. රජයේ බදු මුදල් හම්බ වෙන්නේ නෑ...

:       9       15

නොමිලේ Monday, 14 October 2024 01:13 PM

එයා රටට වැරැදි කරනවා. රට එයාට කන්න, බොන්න, නවාතැන් දෙනවා. ඔය කොම්පැනිය විකුණලා මුදල පොලියකුයි, දඩයකුයි එක්ක අයකරන් අර පහසුකම් දුන්නාට කමක් නෑ...!

:       0       16

ලසා Monday, 14 October 2024 01:17 PM

ඔය මාස 6 ඉවර වෙලාත් නොගෙව්වොත් සියලුම දේපළ රජයට පවරාගෙන වෙන්දේසිකර බදු අයකරනවා. බදු නීතිය ඉතාම දැඩි එකක්...!

:       0       38

විපරමා Monday, 14 October 2024 01:34 PM

මෙයා විතරක් නෙවෙයි, තවත් අය ඉන්නවා. දේශපාලුවෝ සහ ඔවුන්ගේ පිහිටෙන් ව්‍යාපාර කරගෙන යන අයත්...?

:       1       26

H.M ඉදුනිල් කුමාර Monday, 14 October 2024 02:19 PM

මොවුන් විතරක් නෙමේ... තව ඉන්නවා බැංකු ලෝන් පවා ගෙවන්නැතුව ඇරියස් කරලා හිතා මතාම මග හැරලා ඉන්නේ... මේ අයට දේසපාලකයින් උදව් කරනවා... මේ අයට අනිවාරෙන් නීතිය කළයුතුයි මේ අය දැනගන්න ඕනෑ කොච්චර සෙල්ලන් දැම්මත් හරි නායකයෙක් ආවොත් ඒ සේරම සෙල්ලන් කරලා ඉවරබව ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න අපි බලාගෙන ඉන්නේ මේවා...!

:       0       10

ranjith Monday, 14 October 2024 02:21 PM

අර්ජුන මහේන්ද්‍රන් සහ රනිල් මේ දෙන්නා ඒකට හිරේට දාන්න. මොවුන්ට ජනාධිපති ආරක්ෂාවන් සහ තව වරප්‍රසාද සඳහා රටේ මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරන්න එපා...

:       2       11

nimal Monday, 14 October 2024 02:47 PM

බන්ධනාගාර රෝහල ඔහු වෙනුවෙන් සූදානම්. ඔහු අසනීප තත්ත්වයෙන් පසුවෙයි. මාස හයක් ඔහු බන්ධනාගාර රෝහලේ රැඳී සිටින අතර නිවසේ සිට ආහාර ලබා ගත හැකි අතර ජංගම දුරකථනය ද භාවිතා කිරීමට ඉඩ සලසයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 543 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 789 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 338 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site