(එම්.සුසිල් ප්‍රියන්ත , ජනක් ද සිල්වා සහ සරත් ආනන්ද)

බද්දෙගම පාසලක වතුර ටැංකියක් අද (9) දහවල් කඩා වැටී සිසුන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලීසිය කියයි.

තුවාල ලැබූ සිසුන් පස් දෙනාම පළමුව බද්දෙගම රෝහලටත් බරතල තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් කරාපිටිය රෝහල මාරුකර යැවූ බවත් පොලීසිය කියයි. එම විදුහලේ හය ,හත වසර දෙකේ සිසුන් පස් දෙනෙකු මේ අනතුරට ලක්වී ඇති බව ද පොලීසිය කියයි.

බද්දෙගම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.