ඌවේ ඡන්දය සැප්තැම්බර අග දී පැවැත්වීමට නියමිතය.
ඡන්දය පැවැත්වෙන දිනය අගෝස්තු හය වැනි දා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
ඌව පළාත් සභා ඡන්දයේ ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු සියලු කටයුතු සිදුවනුයේ බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයයේ දීය. රාජගිරියේ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් සුපුරුදු පරිදි ප්‍රතිඵල නිකුත් නොවන බව මැතිවරණ කොමසාරිස් පවසයි.
මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් මොණරාගල දිස්ත්‍රික්කයට එක් වේ. ඒ අනුව ආසන 21ක් වූ බදුල්ලට ආසන 18ක් ද, ආසන 11 වූ මොණරාගලට ආසණ 14ක් ද වශයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 32ක් බව කොමසාරිස් පවසයි.
වැඩි ජනගහනයක් සිටිනුයේ බදුල්ල දිස්ත්‍රික්කයේය. එහෙත් වැඩි භූමි ප්‍රමාණයක් ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේය.
හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ සන්ධානයෙන් ද, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එජාපයෙන් ද, සමන්ත ව්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණෙන් ද මහ ඇමැති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස් කරන්නේ නැහැ කියා කව්දෝ එක්කනෙක් වගකීමෙන් කියනවා මටත් ඇසුණා (නදී)
අපි බලමු මොකද වෙන්නේ කියා (නදී)
3ක් නෙවි ගොඩක් කැපෙයි මේ පාර. (නදී)
බුද්ධියට ඉඩ දී, ඉදිරියට ඡන්දය පාවිච්චි කිරීම බුද්ධිමත් ජනතාවට පැවරී ඇති බරපතල වගකීමකි. (නි)
මිගාර, බණ කතාකරනවද? අපිට දරු මල්ලන් ඉන්නවා,රකින්න පවුලක් තියෙනවා. (නි)
ඌවේ අය ගැන අපිට මේකෙන් දැනගන්න පුලුවන් (නි)
බදුල්ලේ ජනතාවට කරපු අසාදාරන වැඩක්. දැන් බදුල්ලේ කෙනෙක් මන්ත්‍රී කෙනෙක් වීමට ඡන්ද 45000 ගත යුතු අතර මොනරාගල අයුකුට ඡන්ද 32000 කින් මන්ත්‍රී කෙනෙක් විය හැක. මෙය බදුල්ලේ ජනතාවට කරපු ඉතාමත් අසාදාරන ක්‍රියාවකි. මේ ගැන බදුල්ලේ සියලුම පක්ෂ විපක්ෂ දේශපාලකයන් තමන්ගේ මතය ප්‍රකාශ කල යුතුය. (නදී)
තුනක් කපලා තුනක් දැම්මහම උත්තරේ බින්දුවයි! හැමදාම මේ උත්තරය අපිටමයි. (නි)
බදුල්ලට කල අසාදාරනය ජනතාවට තේරුම් කර දීම කාගේත් වගකීමත් , එවිට බදුලු ජනතාව ආණ්ඩුවට සලකාවි. (නදී)
මොණරාගල භුමිය වැඩි නිසාලු එහෙම කොරන්නේ. එතකොට ජනගහනය පදනම් කරගෙන නොවෙයිද මන්ත්‍රී වරු පත් කරන්නේ. අනේ මන්ද? මේකත් කොම්පියුටර් ජිල්මාර්ට් එකේ තවත් අලුත් වර්සන් එකක් වගේ. (නදී)
කොහොමහරි සියල්ල වෙනස් වෙනවා. (නි)
ඌවේ කට්ටියත් කොහොම අයද කියලා බලන්න පුළුවන් අපිට (නි)
මෙදා පොඩි වෙනසක් වෙයි වගෙයි (නි)
දැන් මේක හරි කියලා කියන්නේ කවුද? (නි)
ඉතින් මේක වැරදි වැඩක් කියලා කවුරුහරි කියනවා නම් නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්නේ. (නි)
මිගාර, කාටද නඩු කියලා දිනන්න පුළුවන්? (නි)
ප්‍රජාතන්ත්‍රවාදය මහජනතාව සඳහාද? (නි)
බලමුකෝ ඉදිරියට වෙන දේ (නි)
තුනක් අඩු කලාට අනිත්පැත්තට තුනක් දීලනේ ඉතින් වැරැද්ද මොකක්ද? (අ)
වෙන දේ දන්නවා.(අ)
කව්රු ,කොහොම පොහොසත් උනත් කමක් නැහැ .ජනතාවටත් එයින් ටිකක් හෝ දීලා ඔවුන්ගේ මනදොල සැපිරීම කළහොත් , ඌවට පමණක් නොවන අතර සමස්ත ජනතවාටම කරන සේවයක් වන්නේය !එවිට ජයග්‍රහණයක් ලැබෙයි !(අ)
මේකට කියන්නේ තමන්ට වාසි ප්‍රජාතන්ත්‍රවාදය කියල නේද? (අ)
අතට වැඩිය කකුල ලොකුයි කියල අතෙන් ඇඟිලි කපල කකුලට හයි කරනවා වගේ, බලයට කෑදර පාලකයෝ මැතිවරණ කොමසාරිසලා එක්ක එකතු වෙලා ඔය වගේ ශල්‍ය කර්ම කලාට, මෝඩකම නැතිකරන කරන ශල්‍ය කර්මය නම් වෛද්‍ය විද්‍යාවේ තවම හොයාගෙන නැහැ ගාමිණී මහත්තයෝ. ඒක හොයාගත්තු දාට වැරැද්ද මොකක්ද කියල තේරෙයි.(අ)
යාල ඉන්න සත්තුන්ටත් ඡන්ද අයිතිය දුන්නා නම් මේක හරි. එක අතකින් මෙයාලට ඡන්දෙ දෙන්නෙත් ඒ වගේ අයනේ (අ)
මේ මැක්කගේ හැටිද නැත්තම් පිස්සුද ? (නදී)