ඌවේ ඡන්දය සැප්තැම්බර අග දී පැවැත්වීමට නියමිතය.
ඡන්දය පැවැත්වෙන දිනය අගෝස්තු හය වැනි දා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
ඌව පළාත් සභා ඡන්දයේ ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු සියලු කටයුතු සිදුවනුයේ බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයයේ දීය. රාජගිරියේ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් සුපුරුදු පරිදි ප්‍රතිඵල නිකුත් නොවන බව මැතිවරණ කොමසාරිස් පවසයි.
මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් මොණරාගල දිස්ත්‍රික්කයට එක් වේ. ඒ අනුව ආසන 21ක් වූ බදුල්ලට ආසන 18ක් ද, ආසන 11 වූ මොණරාගලට ආසණ 14ක් ද වශයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 32ක් බව කොමසාරිස් පවසයි.
වැඩි ජනගහනයක් සිටිනුයේ බදුල්ල දිස්ත්‍රික්කයේය. එහෙත් වැඩි භූමි ප්‍රමාණයක් ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේය.
හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ සන්ධානයෙන් ද, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එජාපයෙන් ද, සමන්ත ව්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණෙන් ද මහ ඇමැති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට නියමිතය.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බදුල්ලෙන් තුනක් කැපෙයි : මොණරාගලට තුනක් වැඩිවෙයි
රංජිත් Friday, 18 July 2014 07:05 AM
වෙනස් කරන්නේ නැහැ කියා කව්දෝ එක්කනෙක් වගකීමෙන් කියනවා මටත් ඇසුණා (නදී)
ශාන්ති Friday, 18 July 2014 07:08 AM
අපි බලමු මොකද වෙන්නේ කියා (නදී)
ඇනස්ලි Friday, 18 July 2014 07:40 AM
3ක් නෙවි ගොඩක් කැපෙයි මේ පාර. (නදී)
රොහාන් දයාදර පැරිස් Thursday, 17 July 2014 07:15 PM
බුද්ධියට ඉඩ දී, ඉදිරියට ඡන්දය පාවිච්චි කිරීම බුද්ධිමත් ජනතාවට පැවරී ඇති බරපතල වගකීමකි. (නි)
සුසන්ත Thursday, 17 July 2014 08:53 PM
මිගාර, බණ කතාකරනවද? අපිට දරු මල්ලන් ඉන්නවා,රකින්න පවුලක් තියෙනවා. (නි)
රුවන් Friday, 18 July 2014 01:05 AM
ඌවේ අය ගැන අපිට මේකෙන් දැනගන්න පුලුවන් (නි)
සාගර Friday, 18 July 2014 03:13 AM
බදුල්ලේ ජනතාවට කරපු අසාදාරන වැඩක්. දැන් බදුල්ලේ කෙනෙක් මන්ත්‍රී කෙනෙක් වීමට ඡන්ද 45000 ගත යුතු අතර මොනරාගල අයුකුට ඡන්ද 32000 කින් මන්ත්‍රී කෙනෙක් විය හැක. මෙය බදුල්ලේ ජනතාවට කරපු ඉතාමත් අසාදාරන ක්‍රියාවකි. මේ ගැන බදුල්ලේ සියලුම පක්ෂ විපක්ෂ දේශපාලකයන් තමන්ගේ මතය ප්‍රකාශ කල යුතුය. (නදී)
නිහාල් Saturday, 19 July 2014 04:36 AM
තුනක් කපලා තුනක් දැම්මහම උත්තරේ බින්දුවයි! හැමදාම මේ උත්තරය අපිටමයි. (නි)
ජනිත් Friday, 18 July 2014 03:55 AM
බදුල්ලට කල අසාදාරනය ජනතාවට තේරුම් කර දීම කාගේත් වගකීමත් , එවිට බදුලු ජනතාව ආණ්ඩුවට සලකාවි. (නදී)
අජිත් කරුණාරත්න ලියනගේ Friday, 18 July 2014 04:45 AM
මොණරාගල භුමිය වැඩි නිසාලු එහෙම කොරන්නේ. එතකොට ජනගහනය පදනම් කරගෙන නොවෙයිද මන්ත්‍රී වරු පත් කරන්නේ. අනේ මන්ද? මේකත් කොම්පියුටර් ජිල්මාර්ට් එකේ තවත් අලුත් වර්සන් එකක් වගේ. (නදී)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 17 July 2014 01:00 PM
කොහොමහරි සියල්ල වෙනස් වෙනවා. (නි)
ප්‍රදීප් Thursday, 17 July 2014 01:19 PM
ඌවේ කට්ටියත් කොහොම අයද කියලා බලන්න පුළුවන් අපිට (නි)
සමන් Thursday, 17 July 2014 01:29 PM
මෙදා පොඩි වෙනසක් වෙයි වගෙයි (නි)
හැරිසන් Thursday, 17 July 2014 01:30 PM
දැන් මේක හරි කියලා කියන්නේ කවුද? (නි)
මිගාර Thursday, 17 July 2014 01:31 PM
ඉතින් මේක වැරදි වැඩක් කියලා කවුරුහරි කියනවා නම් නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්නේ. (නි)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 17 July 2014 01:53 PM
මිගාර, කාටද නඩු කියලා දිනන්න පුළුවන්? (නි)
සේනක Thursday, 17 July 2014 02:04 PM
ප්‍රජාතන්ත්‍රවාදය මහජනතාව සඳහාද? (නි)
හසන්ත Thursday, 17 July 2014 02:07 PM
බලමුකෝ ඉදිරියට වෙන දේ (නි)
ගාමිණි Thursday, 17 July 2014 02:20 PM
තුනක් අඩු කලාට අනිත්පැත්තට තුනක් දීලනේ ඉතින් වැරැද්ද මොකක්ද? (අ)
පියුමි Thursday, 17 July 2014 02:42 PM
වෙන දේ දන්නවා.(අ)
ගාමිණී - සිරි Thursday, 17 July 2014 02:58 PM
කව්රු ,කොහොම පොහොසත් උනත් කමක් නැහැ .ජනතාවටත් එයින් ටිකක් හෝ දීලා ඔවුන්ගේ මනදොල සැපිරීම කළහොත් , ඌවට පමණක් නොවන අතර සමස්ත ජනතවාටම කරන සේවයක් වන්නේය !එවිට ජයග්‍රහණයක් ලැබෙයි !(අ)
මුර Thursday, 17 July 2014 03:03 PM
මේකට කියන්නේ තමන්ට වාසි ප්‍රජාතන්ත්‍රවාදය කියල නේද? (අ)
කුසුම් Thursday, 17 July 2014 03:09 PM
අතට වැඩිය කකුල ලොකුයි කියල අතෙන් ඇඟිලි කපල කකුලට හයි කරනවා වගේ, බලයට කෑදර පාලකයෝ මැතිවරණ කොමසාරිසලා එක්ක එකතු වෙලා ඔය වගේ ශල්‍ය කර්ම කලාට, මෝඩකම නැතිකරන කරන ශල්‍ය කර්මය නම් වෛද්‍ය විද්‍යාවේ තවම හොයාගෙන නැහැ ගාමිණී මහත්තයෝ. ඒක හොයාගත්තු දාට වැරැද්ද මොකක්ද කියල තේරෙයි.(අ)
ප්‍රියන්ත Thursday, 17 July 2014 03:12 PM
යාල ඉන්න සත්තුන්ටත් ඡන්ද අයිතිය දුන්නා නම් මේක හරි. එක අතකින් මෙයාලට ඡන්දෙ දෙන්නෙත් ඒ වගේ අයනේ (අ)
බවර් පැරිස් Friday, 18 July 2014 06:27 AM
මේ මැක්කගේ හැටිද නැත්තම් පිස්සුද ? (නදී)