
(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට අද 04 පස්වරුවේ තරමක තද වැසි පතිත වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවසීය.
දිට්වා කුණාටුව සමඟ තද වර්ෂාවක් ලැබී කඳුකර ප්‍රදේශ තවදුරටත් තෙත බරිත වී තිබෙන බැවින් අවදානම් කලාපවල සිටින ජනතාව සුලු වැසි තත්වයන් වුවද ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටි.
දැඩි මීදුම් සහිත තත්ත්වයක් මේවනවිට කඳුකර ප්‍රදේශවල දක්නට ලැබෙන බැවින් එම මාර්ග භාවිතා කරන්නන්ද විමසිලිමත් විය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd