(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්‍ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
වෛද්‍යවරුන් තිදෙනෙකු,හෙදියන් හයදෙනෙකුට සහ කනිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩලයේ හත් දෙනෙකුට රෝගය වැළදී තිබේන අතර 12දින අහඹු ලෙස රෝගීන් කිහිප දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 27 දෙනෙකුටද රෝගය වැළදී ඇතැයි සොයාගෙන තිබේ.
බදුල්ල මහ රෝහලේ මේ වෙද්දී කොරෝනා රෝගීන් 116 දෙනෙකු වාට්ටු පහක ප්‍රතිකර ලබමින් සිටින බවත් දිනකට ඒ අතරට තවත් රෝගීන් විශාල පිරිසක් එක්වන බවද පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ලෙඩ උනාම රටට මොකද වෙන්නේ .මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ .දෙනෙත් පියාගෙන ඉනන්වද දන්නේ නෑ .රටට ගිය කලක්
කලු ජුලි වල ඇඳිරි නීතිය දැම්මා නම් දෙමල ජන සංහාරයක් වෙන්නේ නැහැ .ඒ වාගේම රට ඒ වගේ අගාදයකට ඇදිලා යන්නෙත් නෑ .ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා වගේ .ජනපති දැන් ඇඳිරිනීතිය දැම්මේ නැත්නම් විශාල ජන සංහාරයක් වෙන එක නවත්වන්න බෑ
මිනිස්සු සේරම මළාම රටට ම තනි ඔප්පුවක් ලියන්න පුළුවන් වෙයි . අපායත් දිව්‍ය ලෝකයත් දෙකම ෆිල් වෙනවාලු මේ දවස්වල. සංචාරකයෝ මාරයා අරන් එන එක නවත්තල මුලින්ම රට උන්ට වහල රට ස්වයන් පෝෂිත කරන්න උත්සාහ කරා නම් රට ඇතුලේ මිනිස්සුන්ට ඕන තරම් පහසුවෙන් ඇවිදින්න තිබ්බා. තමන්ගේ ජොබ් නුත් හිතේ හැටියට කර ගන්න තිබ්බා. තවමත් පරක්කු නැහැ ඒක කරන්න. ඒත් මට පේන්නේ නායකයන්ට හරි තීරණ ගන්න ඉඩ නොදෙන මාර බලවේගයක් හරි අමනුෂ්‍ය බලවේගයක් හරි ක්‍රියාත්මක වෙනවා. මේ වගේ කාල වල එහෙම වෙනවා. විශාලා මහනුවර තුන් බිය එද්දී රෝග නිසා මැරෙන අය වැඩිවෙද්දී අමනුෂ්‍ය යොන් ගේ බලපෑම් නුත් වැඩි උනා. අපිට මේ වෙලාවේ කරන්න තියන එකම දේ හොඳින් සිල් රකින එක . අඩුම තරමින් පන්සිල්. ඒක අපිට උදව් වේවි