(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්‍ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
වෛද්‍යවරුන් තිදෙනෙකු,හෙදියන් හයදෙනෙකුට සහ කනිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩලයේ හත් දෙනෙකුට රෝගය වැළදී තිබේන අතර 12දින අහඹු ලෙස රෝගීන් කිහිප දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 27 දෙනෙකුටද රෝගය වැළදී ඇතැයි සොයාගෙන තිබේ.
බදුල්ල මහ රෝහලේ මේ වෙද්දී කොරෝනා රෝගීන් 116 දෙනෙකු වාට්ටු පහක ප්‍රතිකර ලබමින් සිටින බවත් දිනකට ඒ අතරට තවත් රෝගීන් විශාල පිරිසක් එක්වන බවද පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.