බදුල්ල මහ බස් පොළේ දී අන්තර් පළාත් බස් වලින් රුපියල් සියය බැගින් කප්පම් ගත්තැයි 99 බදුල්ල- කොළඹ පෞද්ගලික බස් ධාවන සේවක සංගමයේ සභාපති අනුර රාජපක්ෂ බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය විසින් ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පොලිසිය අධිකරණයට දැන්වූයේ කොළඹ සිට බදුල්ලට එන පෞද්ගලික බස් සේවකයනට තර්ජනය කර වසර ගණානාවක සිටි මොහු රුපියල් සියය බැගින් කප්පම් එකතු කරන බවයි.
සීමාසහිත බදුල්ල මගී ප්‍රවාහන සමාගම ද ඔහුට එරෙහිව පැමිණිලි කර ඇතැයි ද, අයථා ලෙස මුදල් ගැනීම නතර කරන බවට දුන් පොරොන්දු ඉටු කර නැතැයි ද බස් සේවකයන් මීට එරෙහිව වර්ජනයක් ඇරැඹීමට යතියි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කප්පම් ගන්න අනිත් උන් පෙන්නේ නැද්ද? හැම ගමකට යන පුද්ගලික බස් වලින් ලොග් ශීට් එක අත්සන් කරන්ඩ රුපියල් 50ක් දෙන්ඩ ඕනි.මෙතැන කාඩ්බෝඩ් චන්ඩි වගේ ඉන්න උන් පිටින් එන බස් වලින් කප්පම් ගන්නවා පේන්නේ නැද්ද???? (ස)
කප්පම්, පගා, කොමිස් මුදල් නීති ගත කරන්න. 10%-15% සාධාරණයි. (ස)
දේශපාලකයෙකුවත් ඔහුව ඇප දීලා නිදහස් කර ගනීවිද? (නි)
අනේ අමිමපා දිල්හානිට පිස්සුද? (ස)
පොලිසියේ හොඳ ක්‍රියාවක්.(නදී)
මේක කප්පම් නෙමෙයි ,සේවා ගාස්තු. මේක අනිවාර්ය ගෙවීමක්. නැත්නම් කොහොමද හවසට 'සෙට් වෙන්නේ'? (නි)
බදුල්ල විනිසුරුතුමියට අපේ උපහාරය..මේ වගේ ක්‍රියා නවත්තවන්න හැම ආයතයකම සහය අවශ්‍යයි..(නදී)
මේ කෙනාට සහය වෙන අනෙක් අයත් අල්ලන්න.බදුල්ල පොලිසියට ,අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)
පොලිසියට අධිකරණයට අපේ ප්‍රණාමය... (නි)
අදිකරණයට උපහාරය...(නදී)