IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බදුලු කෝච්චියට ගල් පෙරළේ

(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට අද (17) අලුයම හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

රාත්‍රි තැපැල් දුම්රිය අද (17) අලුයම මෙසේ හපුතලේ දුම්රිය ස්ථානය පසුකර දියතලාව දුම්රිය ස්ථානය දෙසට ධාවනය වෙමින් තිබියදී සැතපුම් 156/13 කණුව අසලදී එක්වරම කදු මුදුනේ තිබූ විශාල ගල්පර්වතයක් ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට වැටී ඇති අතර ඒ සමගම දුම්රියේ ඉදිරි එන්ජිම දුම්රිය මාර්ගයට කඩා වැටුන ගල්පර්වත මත සිරවී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

මින් කිසිවකුට තුවාලයක් සිදු වී නොමැති අතර දුම්රිය මාර්ගයට සහ දුම්රිය එන්ජිමට අලාභහානි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .

දුම්රිය එන්ජින් දෙකක් සමඟ ධාවනය වන කොළඹ බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියේ ඉදිරි එන්ජිම මෙසේ ගල්පර්වත තුළ සිරවී ඇති අතර ඊට පසුපස අමුණා තිබූ දුම්රිය එන්ජිම මගින් රාත්‍රි තැපැල් දුම්රියේ මැදිරි සියල්ල යලි හපුතලේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර මේ වන විට රාත්‍රි තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා එහි සිටි දුම්රිය මගීන්ට බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා දුන් බවද දුම්රිය බළධාරීන් පැවසූහ .

 



අදහස් (3)

බදුලු කෝච්චියට ගල් පෙරළේ

රිතික් Friday, 17 November 2023 08:24 AM

බලාගෙන ගියහම දේවදත්තලා බුදුන්ගේ කාලේ විතරක් නෙවි අදත් ඉන්නවා.

:       0       0

Rajya Saba Friday, 17 November 2023 08:44 AM

කඩාකප්පල් වැඩක් ,වංචාවක් සුදු වෙලා

:       0       0

ජයන්ත Friday, 17 November 2023 08:56 AM

ගල් වැටෙනකොට නවත්වන කෝච්චිය... අලි පිට අලි පීලි උඩ හිටියත් නවතින්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site