IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


බුදුරුව කෙටු හිස බාන යන්ත්‍ර 20ක් අල්ලයි

(තිස්ස කොටින්කඩුව)

බුදු දහමට අගෞරව අන්මට සකසා විදේශීය රටකින් මෙරටට ආනයනය කරණ ලද   බුදුරුව කෙටු කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර 20 ක් අද දහවල  ජාඇල නගරයේ ප්‍රධාන තැපල් කන්තෝරුව ඉදිරිපිටදී සැක කරුවකු සමග අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

බුදු දහමට අගෞරව අන්දමින් සකසා රිදී වර්ණ ගන්වා තිබු මෙම කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර ගැනුම් කරුවකුට අළෙවි කිරීමේ බලා පොරොත්තුවෙන් අදාල ස්ථානයේ රැදී සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි වියේ පසුවන තැපැල් පෙටිටිය පාර, නැදගම,කොටුගොඩ යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සදහන් කරයි.

 



අදහස් (9)

බුදුරුව කෙටු හිස බාන යන්ත්‍ර 20ක් අල්ලයි

Sarath Wednesday, 27 March 2024 01:35 AM

අම්මෝ මෙන්න බුද්ධාගම අනතුරේ ....... බේරගන්න නැමොල කුමාරය වරෝ .......

:       13       25

Pradeep Wednesday, 27 March 2024 07:33 AM

මේ භාණ්ඩ මෙරටට පැමිණ ඇත්තේ රේගුව හරහායි.එසේ නම් ඒ ආයතනවල අය මුලින්ම රාජකාරි පැහැර හැර ඇති බව පැහැදිලියි .ඊට අමතරව ඔය බුදුරුව සටහන්ව තිබූ පමණින් බුදුදහමට හෝ එහි හරයන්ට කිසිම හානියක් වන්නේ නැති බව මෙරට සිටින කුලප්පු වෙන බෞද්ධයන් අවබෝධ කර ගත යුතුයි.ඔය සියළුම භාණ්ඩ නිපදවන්නේ අදටත් බුදු දහම ප්‍රචලිතව ඇති රටක් වන චීනයේ වන අතර එහි ඇති මහායාන සම්ප්‍රදායන් අනුව එහි වරදක් නැත.ලංකාවෙ බුදු රුව හා එම දහම විකුණමින් ජාවාරම් කරන භික්ෂූන් හා අනෙකුත් අය කරන අපරාධ තරම් මෙය වරදක් නොවේ...

:       7       43

Perera Wednesday, 27 March 2024 07:51 AM

ආයිමත් රට ජාතිය ආගම බේරා ගන්න අවසාන අවස්ථාවක් එන බවක් නම් පෙනෙන්නට තිබේ.

:       11       29

මැටිමෝලා Wednesday, 27 March 2024 08:06 AM

කෝ අර පූර්ණ කස්සප පරම්පරාවේ අකිරීයවාදීන් ටික? මුකුත් කියන්න, නැත්නම් උගත්කම පෙන්නන්න බැරි වෙයි.

:       6       19

Kumara Wednesday, 27 March 2024 08:51 AM

මේක නිශ්පාදනය කරලා තියෙන්නෙ වෙන රටක. මොකක්ද මේකෙන් බුදු දහමට වෙන අගෞරවය​.

:       7       28

achini Wednesday, 27 March 2024 09:12 AM

එතකොට කැළණියෙන් බුදු දහමට කරපු අපහාසයට ?

:       7       37

ආලෝක Wednesday, 27 March 2024 09:52 AM

පූජා සත්කාර කළ යුතු, නමස්කාර කළ යුතු ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය සියලු භාණ්ඩවල තිබුණහොත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ වටිනාකම මිනිසුන් විසින් පහත් කර සලකන්නට පටන්ගනී. තවත් දීර්ඝ කාලයක් ගොස් මිනිසුන් එයට පුරුදුවූ විට සියල්ල දන්නා බුදුවරයෙක් පහත් කොට සැලකීමෙන් මනසින් පාප කර්ම රැස් කරගෙන මිනිසුන් අපායේ උපදිති. සත්‍ය වශයෙන්ම ගෞරවනීය චේතනාවකින් මෙබඳු භාණ්ඩ පරිහරණය කළ නොහැක. එසේ කළ හැක්කේ බුදුරජාණන් වහන්සේට ගෞරව නොකරන අන්‍යාගමිකයින්ට පමණි.

:       5       3

de silva Wednesday, 27 March 2024 08:37 PM

පොලිසියේ නිලධාරී ධර්ම චක්‍රය නිල ඇඳුමේ ගහගෙන, පගාව ගහන එක මිනිස්සුන්ට අඩම්තේට්ටම් කරන එක බුදුදහමට කරන අගෞරවයක් නොවේද? එහෙම නම් බස්වල, ලොරිවල බුද්ධ රූප ගහගෙන යනඑකත් වැරැදියි නේද? සිවුර ඇඳන් බිස්නස් කරන හාමුදුරුවරුත් බුදුදහමට අගෞරව කරනවා නේද?

:       0       2

කුමාරThursday, 28 March 2024 08:37 AM

ධර්ම චක්‍රයයි, බුද්ධ රූපයයි එක වගේ පේනවා නම් ඇස් පරීක්ෂා කරන්න. නෑ නෑ මොළය පරීක්ෂා කරන්න. ධර්ම චක්‍රය කියන්නේ රෝදය. රෝදය භාවිතා කළේ ධර්මය ඉදිරියට මිනිසුන් අතරට පෙරලී ඉදිරියට යන වග නිරූපණය කරන්න. විද්‍යාව දන්නෙත් නැති, අභව්‍ය කථා කියන ඔයාලා වගේ අය කියන දේවල් එච්චර වැඩක් නෑ. හැමෝටම එක සමානව බුද්ධිය නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 1028 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 518 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 2058 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 1002 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 2370 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 3231 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 356 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1753 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1585 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site