රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලෙකම් වයි එල් එස් හමීඩ්ගේ පක්ෂ සමාජිකත්වය හා තනතුර තාවකාලිකව අහෝසි කළ බව පක්ෂ ආරංචි කියයි.
පක්ෂ විනය කඩ කළ නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව ද එම ආරංචි සඳහන් කරයි.
ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා ඒ එල් ෂා ජහාන් පත් කළ බව රිෂාන් බදුර්දීන් සිය ට්විටර් ගිනුමේ සඳහන් කර තිබේ..
පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය යටතේ එම පක්ෂය තරග කළ අතර එජාප ජාතික ලැයිස්තුවෙන් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනයක් හිමි විය. එය ලැබුණේ එන් නවාවි හටය.
නැගෙනහිර ඡන්ද ගණන් කිරීම ගැන සෑහීමකට පත් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් රිෂාඩ් බදුර්දීන් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් දන්නේ නැහැ ඕව ගැන. (බ)