(කේ බුද්ධික කුමාරසිරි)

කොළඹ මෝදර මාදම්පිටිය හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණයෙ පිටත බිත්තියක් කපාරාරු කර තිබූ සිමෙන්ති බදාමයක කොටසක් හිස මතට කඩා වැටීමෙන් හත් හැවිරිදි  දරුවෙකු මියගොස් ඇතැයි මෝදර පොලිසිය පවසයි
.
මිය ගිය දරුවා මහල් නිවාස සංකීර්ණය අසල සෙල්ලම් කරමින් සිටියදී එක්වරම එම බදාම තට්ටුව හිස මතට කඩා වැටීම නිසාවෙන් බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද (05) මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 මෝදර රන්දිය උයන පදිංචිව සිටි මොටීර් සදරුවන් නමැති හත් හැවිරිදි කුඩා දරුවෙකි.

අදාල මහල් නිවාස සංකීර්ණයේ පිටත බදාම තට්ටුව කැඩී වැටෙමින් පවතින බවට නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් කිහිප අවස්ථාවකදී  දැනුවත් කලද එය නොසලකා හැරි තිබූ බැවින් මෙම අනතුර සිදුවූ බවට අසල්වාසීන් පවසා සිටි බවත් පොලිසිය පවසයි