(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අර්ථසාධක අරමුදල අවභාවිත කරමින් බැදුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
ඉහළ බැලපෑමක් මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බැදුම්කරවල මුදල් ආයෝජනය කිරීම නිසා මේ වන විට රුපියල් මිලියන 146 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවට වාර්තාවන බවද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය කේ.කේ.අයි.යු.අරුණ කුමාර මහතා පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා බැදුම්කරවල ආයෝජනය කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කිරීම පිළිබඳව බරපතල සැකසංකා මතුවන බවද කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ සංගම් ශාලාවේ පැවති ප්‍රවෘත්ති සකච්ඡාවකදී සභාපතිවරයා කීවේය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වු විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා මෙසේ පැවසීය.
‘‘ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රුපියල් මිලියන 880 ක් යොදවා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා පර්පචුවල් සමාගමෙන් බැදුම්කරවල ආයෝජනය කර තිබෙනවා .මේ ගනුදෙනුව බරපතල සැක සංකා පළ කරන්නක්. පර්පචුවල් සමාගම හැර වෙනත් සමාගමක මේ මුදල් ආයෝජනය කළේ නම් අඩු මිලකට බඳුම්කර මිලදී ගත හැකිව තිබුණා .ඒ නිසාම විශාල මුදලක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පාඩු ලබා තිබෙනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බැඳුම්කර මගඩිය තමයි හිතල-මතල එළිපිටම කරපු මහා මංකොල්ලය. මේ ලාභ සල්ලි ගත්ත හැමෝගෙම නම් ගම් ප්‍රධාන පුවත්පත් වල පලකරන්න ඕන.
මේක මහා හොරකමක්. මේකට ඔය ගොඩක් අය සම්බන්ද ඇති. මේකේ පරීක්ෂණ වලට බැරිද අලුත් උසාවියක් හදන්න.. දැන් ඩොලරය කීයට බැහැලද ? හමෙදේම ගණන් යනවා..
ඉතාමත් කාලෝචිත යෝජනාවක්. දිරිගන්න මහතුනේ ඉදිරියටම යන්න.
හැමෝටම වැඩේ දීලා.
මේ සඳහා අනුමැතිය දී තිබෙන්නේ 2013 බව අමතක කරන්න එපා.