බොදු ජන පෙරමුණ මහ මැතිවරණයට තරග කරන්නේ අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් 2025 වසරේ දී හෝ බිහි කර ගැනීමේ ගමනක් යාමේ අරමුණින් යැයි එහි ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ අද (6) මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.
‘යහපාලනය, මතට තිත, පිවිතුරු හෙටක්, සාධාරණ සමාජයක් ආදී සුන්දර වචන කියමින් බලයට ආ අය වර්තමානයේ දී රටේ දූෂණය හා භීෂණය වපුරමින් සිටිනවා. එකම පරිසක් පක්ෂ මාරු කරමින් දේශපාලනය කරනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාව පිරිසිඳු කරනවයි කිව්වම මම හිතුවේ කට්ටිය එක්කහු වෙලා වැව සුද්දකරන්න ශ්‍රමදානයක්වත් කරන්න යනවද කියලයි.(නදී)
මේක කමෙන්ටිස් දාලා තියන භාගයක් දෙනා සිංහල බෞද්ධයෝ නොමෙයි. සිංහල ජාතිය, බෞද්ධාගම ගැන මිනිස්සුන්ට හැගීමක් ඇතිකරන්න සෝම හිමිගෙන් පස්සේ බිහි වුණු අභීත සිංහ පුතුන්ට මේ විදිය අපහාස කරන නුඹලාට අනාගතයේදී අන්‍යාජාතින්ට යටවෙලා ජීවත් වෙන්න ඉඩ ලැබේවා.. බුදු බලයට නියත ජයක් වේවා..(නදී)
ඒක කරන්න පුළුවන්කම තිබුණේ ප්‍රභාකරන්ට විතරයි, මිනිහත් මැරුණා...(බ)
ශ්‍රී ලංකා දේශපාලනය තුළ මෙතෙක් කලක් කිසිම දේශපාලන පක්ෂයක් නොකරපු විදිහේ අශිලාචාර දේශපාලනයක් තමයි මේ අය සිදු කරන්නේ. රටේ නුගත් මිනිසුන් තුළ පවා තිබුන ඒ මානුෂිය සාරධර්ම හා බෞද්ධ ශාසනය විනාශ කිරීමට පැමිණ සිටින අශිෂ්ඨ, නුගත්, කලහකාරී නොහික්මුණ පිරිසක් තමයි මේ අය. (බ)
ඒ කාලේ එකෙතු වෙලා රට කාලා කලා දැන් එනවා පිරිසිදු කරන්න (නදී)
බොදු බලේට ජය වේවා! (නි)
ලංකාවේ මෙතෙක් බිහිවුණ පිරිසිදුම පක්ෂය මෙයයි. කට්ටිය දැන්මම බයවෙලා.ඔබවහන්සේලාගේ පිරිසිදු බලාපොරොත්තු ඉටුවේවා! (නි)
ඔබට දේශපාලන ගමනක් නැත. සාමකාමීව සිටින මිනිසුන් කුලප්පු කරන්න එපා (නි)
වැදී බන මැදින් මුනි බන තෝරා අසමු වැදී බන දෙසන සඟ ගණ වුව පිටු දකිමු (නදී)
අපි නොදන්නා පිරිසිදුකම! (නි)
යහපාලනය මතට තිත පිවිතුරු හෙටක් සාදාරන සමාජයක් ඔහුන්ගේ ක්‍රියා රටට අහිතකර බව සැමදෙනාම පිලිකන්නවා. එහෙත් කලහකාරී සංවිදාන වලට සුන්දර රටේ පාලනය ගියොත් මොකද වෙන්නේ ? (නදී)
හාමුදුරුවනේ අපේ ගමේ සති අන්ත පොලේදී මිනිහෙක් හිසේ කෙස් වැටීම වලකන බෙහෙත් තෙලක් වික්කා. සමහර මිනිස්සු ඒ තෙල් මිලදී ගත්තා හැබැයි ඒ තෙල් වික්ක මිනිහගෙ හිසේ එක කෙස් ගහක්වත් පේන්න තිබුනේ නැහැ (නදී)
මේ මනාප සහ බල පෙරේත දේශපාලනය තියෙනතුරු ඔබ වහන්සේලාට එ්ක කරන්න ලැබෙන එකක් නැහැ. නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය රැක ගන්න ලැබේවි කියල පතනවා. (නදී)
බද්‍රානි, නිකන් බොරුවට බොදු බල සේනාවට බනින්න එපා (නි)
බද්‍රානි, ඔබ 100%ක් හරි! (නි)
මේ දේශපාලනය රටේ නොතිබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා වෙලාවකට (නි)
ඇයි මේක කියන්න මෙච්චර ප්‍රමාද වුණේ? (නි)
බද්‍රානි, 100% ඔබ සමඟ එකඟයි. මේ අය පිරිසිදු කොහොම කොටසක්ද කියලා පහුගිය කාලේ කළ කී දේවල් වලින් පෙනුනා (නි)
කිසිම කෙනෙක් සුළු ජාතික අන්තවාදයට විරුද්ධ නැද්ද (බ)
බද්‍රානි මහත්මිය, ඔබ බොදුබල සේනාව ගැන නියම නිර්වචනය දී තිබෙනවා. ජනතාව මෝඩ නැහැ. (නි)
අරමුණ නම් යහපත්. අපි දෙන්නම්කෝ එහෙනම් සහයෝගය (නි)
නියමයි. දෙන්නම් 27 වෙනිදාට. ඔක්කොම හොරු හිරගෙදරට දක්කලා තමයි අපි නවතින්නේ. මේ පාර ඡන්ද ප්‍රතිඵලය පෙන්නුම් කරන්නේ රටේම බුද්ධි මට්ටම.නුගත් ,සාමාන්‍ය දැනීම අඩු අය ගැන හොඳම විමර්ශනයයි.තාම ගල් යුගයේ ඉන්නා බවට හොඳම සංගණනය.පාර්ලිමේන්තුවට හොරු තක්කඩි පත්කරගෙන කනවෝ කනවෝ ගාන්න අවශ්‍ය නැහැ නේද? (නි)
ජන්ද ප්‍රතිඵලයෙන් බලාගන්න පුළුවන්. පසුගිය රජයෙන් දුන් වාහනය ආපසු බාරදුන්නද ? (නි)
දියවන්නාව පිරිසිදු කරන්න කලින් තව කොච්චර දේවල් කරන්න තිබෙනවද? (නි)
මොළේ තමයි ඕනෑ. නැතුව හැඟීම් නෙමෙයි. අනේ අපේ බුද්ධ ධර්මය අපිට රැකදෙන්න. (නි)
"අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් ...? මේ ලංකාවේ? (නි)
ලංකාවේ මහ ජාතිය යැයි කියාගන්නා අය ලඟදීම බොදු බල සේනාව කියන දෙය පිලිගනීවි (නදී)
පිවිතුරු, ඉන්නේ සිහින ලෝකේ වගේ. ලංකාවේ කොහෙද පිරිසිදු මිනිස්සු? දේශපාලනය කරන අය පමණක් නොවේ අනිත් අයත් ඒවගේ - සමහරු ඊටත් හපන්. (නදී)
ඊට කලින් බොදු බල සේනා පිරිසිදු කරගන්ඩ (නදී)
ජාතිවාදයට මුල්වන ක්‍රියාකාරකම් කරන්නන් හට සමාජයේ හොඳ පිළිගැනීමක් දීමත්, ඒ වෙනුවෙන් කතාකිරීම සහ කරුණු කාරණා හෙළිකිරීම ජාතිවාදය ලෙස මේ රටේ බොහෝ පිරිසක් හැඳින්වීම අප රටේ පරිහානියට මුල්වුණ කරුණයි. (නි)
ඔය සේනාව තමයි නිර්මල බුද්ධ ධර්මය අපිරිසිදු කරලා විදේශිකයින්ගේත් නින්දාවට පත් කලේ (නදී)
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට (නි)
ඔබ වහන්සේලා පළත් සභාවට තරඟ කරලා යමක් කර පෙන්වනවද? අපේ හාමුදුරුවනේ, ජාතිවාදය නම් එපා. (නි)
මෙයාලගේ කට මිසක් රටට වැඩක් ඇති දෙයක් කරන්නේ නැහැනේ. (නි)
ලෝකයේ ඇති තාක්ෂණයේ දියුණුව මඟින් විශාල වශයෙන් නිවැරදි මිනිසුන්ට පවා මඩ ප්‍රහාර ලැබීම වළක්වා ගත නොහැක. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ඍණාත්මකව මිනිසුන්ට බලපාන පාරසරික කරුණුය. බොදුබල සේනාවට මඩ නොගසනු! (නි)
ඔබ ඕනෑම තැනක් පිරිසිදු කරන්න. ජයවේවා! නමුත් ආගම ජාතිය සහ සංස්කෘතිය පටලවා ගන්න එපා. (නි)
බුදු රජාණන් වහන්සේ බුද්ධ පුත්‍රයා, බුද්ධ චීවරය ලොවට දායාද කලේ පාර්ලිමේන්තු යන්නවත්, උද්ගෝෂණ කරන්නවත් නොවේ. සිදුහත් කුමාරයා සතු වූ සක්විති රජකම පවා බුද්දත්වයට පත් වීම සඳහා කැප කළා. (නදී)
අන්තවාදයට විරුද්දව අන්තවාදී වීම සහ නොවීම (නදී)