සෞදි අරාබියේ රියැදුරකු ලෙස සේවයට ගිය පදියතලාවේ පි.පී. තුංගසිරි එරටදි බුඳුන් වැඳීමේ චෝදනාව මත දෙවසර සිරදඬුවමක් හා කස පහර 200ක දඬුවමකින් පසු මැයි 2 වැනි දා ශ්‍රී ලංකාවට එවූ බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. සෞදි අධිකරණය ඔහු වැරදිකරු කර ඇත්තේ බුදුන් වැඳීම චෝදනාව මත නොව වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නිසා යැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මුස්ලිම් කියලා අපිට අරාබි රටවල් වල විශේෂ පහසුකම් ලැබෙන්නේ නැහැ. මෙයාලා බලන්නේ අපි ඉන්න රට විතරයි. අපි හොදක් කරත් නරකක් කරත් අපිව අමතන්නේ ලාංකිකයින් හැටියටයි. ඉරිසියාවෙන් හා ක්‍රෝධයෙන් පැලෙන අයට හරි හෝ වැරදි තේරුම් ගන්න තරම් හිතක් නැහැ. ලාංකිකයන් කරන්න ඕන හැම හොරකමක්ම හරි අගේට කරනවා.(නදී)
මේවයේ ඇත්ත නැත්ත දැනගන්න පුළුවන් අල්-කුරානයේ සමහර නියෝග වාක්‍ය කියෙව්වා නම්. භයානක නියෝග වාක්‍ය 109 ක් කුරාන් එකේ මුස්ලිම් අයට උගන්වනවා ,මේ අයට රටේ යම් ප්‍රමාණයකට බහුතර බලයක් ලැබෙනකල් මේ ගොල්ලෝ ඒවා අපෙන් හංගගෙන ඉන්නවා, ඊට පස්සේ තමා මේ අය ඒවා ක්‍රියාත්මක කරන්නේ (නි)
නැගෙනහිර ඇෆ්රිකා වලත් අතෙ පිරිත් නුල් බැඳන් ගියොත් කළු මිනිස්සු අපෙන් අහන්නේ හදි හුනියම් යන්ත්‍ර මන්ත්‍ර කාරයෙක්ද කියල තමයි. ගොඩක් අය පිරිත් නූල වරදවා වටහාගන තියෙන්නේ ඒ ගැන මුකුත් දන්නේ නැති නිසයි.(නදී).
මම සෞදියේ අවුරුදු 12 ක් සේවය කරන කෙනෙක්. නීතියක් විදිහට අනික් ආගම් වලට ඉඩක් නැති උනත් තමන්ගේ නිවස තුල තමන් කැමති ආගම චාරිත්‍ර කිරීමට බාදාවක් නැ. තානාපති භුමිය තුල සැම වසරකම වෙසක් වැඩසටහන් තියනවා. දන්සල්, තෝරන්, භක්ති ගී. අවට මුස්ලිම් ගෙවල් වලින් කිසිම පැමිණිල්ලක් නැ. මගේ ඇතුළු මා දන්නා බෞද්ධ ගෙවල් වල බුදුන් වදිනවා, බුදු පිළිම තියනවා. ලංකාවේ සමහරු මෙහෙ කරන කුපාඩි වැඩ ගැන කියන්නත් ලජ්ජහයි. ඒවා අහුවෙලා දඩුවම් වින්දම කතා හදනවා. පත්තර වලටත් මේවා හොද කතන්දර.(නදී)
කරුණාකර අදාල බලදාරින් මේ ගැන දක්වන අදහස් පලකරන්න. (නදී)
මම අවුරුදු 20ක් සෞදි අරාබියේ හිටියා බුදුන් වැන්දා අපිටනම් එහෙම දෙයක් උනේ නැනේ. මේයා නරක වැඩක් කරගා බුදුන්ගේ පිහිටෙන් කස පාරවල් 200 හරි බේරුනා ඇති. සෞදි නිතිය ඒකනේ කාමයේ වරදවා හැසුරුනහම. බොරු කතාවක් ගොතා ගෙන හරි පවුල් ජිවිතේ බේරා ගත්තා. දැන් ඉතින් බොරුවට සෞදි රටට බොරු චෝදනා නගන්න එපා. මේ වගේ අය නිසා තමයි අපේ රටට තැනක් නැත්තෙ.(නදී)
සෞදි අරාබිවලට ශ්‍රී-ලාංකිකයින් අරින්න එපා. .(ස)
අපිත් දැක්කා මිනිහා ගුවන් තොටුපොළේදී ඔයදේම කියනවා. ඉතින් මාධ්‍යයත් ඔළුගෙඩි ටික වැඩි කරගන්න ඇත්ත නැත්ත හොයන්නේ බලන්නේ නැතුව කියන දේවල් එහෙමම ප්‍රචාරය කරනවා. වැරදි චිත්‍රයක් තමයි දෙන්නේ. වැරැද්දක් වුනා කියල පස්චාත්චාපයක් කවදාවත් කරන්නේ නැහැ. එයින් වැපිරෙන ක්‍රෝධය වයිරය ගැන කාටවත් වගකීමක් නැහැ. මාධ්‍යය මීට වඩා වගකීමකින් කටයුතු කරන්නොනා කියලයි මම නම් හිතන්නේ. (නදී)
තවත් ලැජ්ජා නැතිව සෞදියට ශ්‍රී ලාංකිකයන් යවනවනේ. (ස)
ඡායා ගේ විස්තරයට 100-100% ම අකමැත්තෙන් නමුත් එකඟ වන්නට වෙන්නේ, ඇත්ත එයම බැවිනි. මෙම රටේ අන් අයට බාදා නොවන පරිදි තමාගේ ආගම ඇදහීමට කිසිම කරදරයක් නොමැති බව දන්නෝ දනිති. අපද එම නිදහස බුක්ති විඳින්නෝ වෙමු. මෙහි පවතින්නේ රාජ නීතිය සහ ෂරියා නීතිය මිසක අපේ රටවල තියෙන එක එක අතට නැවෙන නීති නොවන බව දැනගෙන එනවානම් හොඳයි. නැතිනම් ආවාට පසුව වත් ඒවා ගැන දන ගත යුතුමයි. අන් අයට ඇඟිලි දිගු කිරීමට කලින් තමුන් නිවැරදිව ජීවත් වෙනවාද යන්න තමන්ගෙන්ම විමසීම ඉතා වැදගත් බවයි මගේ හැගීම. (නදී)
බොරු නැත්නම් නියමයි.(නදී)
එයා ඔය කියන කතන්දර වලට වඩා වෙනස් දේකුයි සිද්ධ වෙලා තියෙන්නේ. මිනිහා මගේ හොද මිත්‍රයා. කාටත් දැනගන්න ඇත්ත කියන එක මගේ යුතුකම. අනේ අනිච්චන්.. (නි)
අනේ ඕනෑම දෙයකදී මුස්ලිම් අය එක මතයක. සිංහල අයට වරදිනකල්ම එයාලා දන්නේත් නැහැ. බොරුවට සර්ව ආගමික අදහස් දදා ඉන්නකෝ (නි)
සම්පූර්නයෙන්ම මෙය බොරුවක්. ඔහු එහි ජිවත්වන කාලයේ කරපු නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් කමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. එය මම හොදින් දන්නවා.(නදී)
සෞදියේ මේ මනුස්සයා අහු වුනේ වෙන් දේකට. බොරුව කීප සැරයක්ම කීමෙන් එය ඇත්ත වෙන්නේ නැහැ. මේ මනුස්සයා එහෙ සාප්පු සංකීර්නයක් ළඟ ඉඳගෙන ලංකාවේ අයට කොඩිවින කරන යන්ත්‍ර මන්තර විකුණන අවස්ථාවේ තමයි මෙයාව සෞදි පොලීසියෙන් ඇල්ලුවේ.(නදී)
මෙය අමුලික බොරු. ම්නිහා වෙන මොකක් හරි කරලා බුදුන්ගේ පිට දාලා බේරන්න හදනවා.(නදී)
මේ සිද්දිය ගැන මම නොදනිමි. නමුත් සෞදිය ඔහොම තමයි. මම එහෙ ඉංජිනේරුවෙක් විදියට ඉන්දැද්දී එහෙ පොලිසිය මගේ කාමරයට ට ඇවිත් අපේ බුදු පිළිමය පොලේ ගසා අපිටත් ගැහුවා. කවදාවත් ගෙදරින් ආපු වෙසක් පතක් ලැබුනෙත් නැහැ. ඕවට තමයි මානව හිමිකම් කියන්නේ.(නදී)
වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නිසා යැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. කරපු වැරැද්ද කියන්නකෝ රටටම දැනගන්න. මේකෙන්ම තෙරුම් ගන්න බෞද්ධ රටවල් මොනතරම් හොදද කියලා. දැන් මට බැනලා ඹ්නා තරම් ලියන්න මම කිවේ ඇත්ත. ඔක්කොමල්ලා කල්පනා කරන්න පන්සලක් ලග පල්ලියක් හදන්න දීපු බෞද්ධයන්ටම බනින සැමට ඕක හොද පාඩමක්.(නදී)
මෙම ලිපිය පලකළ මහතාට එක අදහසකුත් , මෙහි තම පෞද්ගලික අදහස් දක්වන්නන්ට විවිධ අදහසුත්පහළ වන්නේ මොනවා වෙලාද? (නි)
මෙයාව හිරේ දල තිබ්බේ වෙන දෙයක් අහුවෙලා. බුදුන් වැන්දාට සෞදි වල කාවවත් හිරේ දැනේ නැහැ.(නදී)
මහේෂ්, නිකම් නොදන්න දේ නොකියා ඉන්නවා. ඉන්දියාව අවුරුදු 800 පාලනය කළේ මුස්ලිම් අය. ඔය විදියට බලයෙන් ආගම් පොවනවා නම් තමුන් විතරක් නෙවෙයි තමුන්ගේ පරම්පරාවත් මුස්ලිම් වෙලා ඇති. අපිත් දන්නේ නැති වාක්‍ය 109 ඔයාට කොහෙන්ද. (නි)
හැම ආගමට නිදහසක් තිබිය යුතුයි. මේ වගේ දේවල් ජරා වැඩ. ලංකාව මේ අතින් උතුම් රටක්..(ස)
මම ඡායාට අභියෝග කරනවා .පුලුවන්නම් බුදු රුපයක් , දෙවි රුපයක් රහසිගත නොවන අයුරින් තියාගෙන ඉන්න කෙනෙක් හෝ තියෙන තැනක් මට පෙන්වන්න. සෞදියේ ඔබ කියන ඕනෑම තැනකට එන්න මම ලැහැස්තියි. හැබැයි ලංකාවේ තානාපති කාර්යාලය කියන්නේ ඔයාල වැඩ කරන ගෙවල් වගේ නෙමෙයි. ඒවා රාජ්‍ය ආයතන. ඒවාට බලපෑම් කරන්න කාටවත් බැහැ. චායා නිකන් සුදුලුනු පොඩි නොකර අභියෝගය බාරගන්න .(නදී)
මොන දේ උනත් අපේ සිංහලයා අපිට වටිනවා. ඔය කියන රටවල් වල අධම ජාතියක් ඉන්නේ ?(නදී)
අන්‍ය ආගමිකයන්ව සල්ලි වලට මුස්ලිම් කරගන්න හොදයි.වෙන ආගම් ඇදහීම තහනම්.කවුරු හදපු කාගේ නීතිද මේවා.කවුරු හරි කියනවා නම් මිනිසුන්ට වරදාන මිලමුදල් නොදී මුස්ලිම් කළා කියලා, ඒකත් මම ඔප්පු කරනවා. මම ලග සාක්කි ඕනෑතරම් තියෙනවා.මේවා අබියෝග. (නි)
සෞදි අධිකරණය ඔහු වැරදිකරු කර ඇත්තේ බුදුන් වැඳීම චෝදනාව මත නොව වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නිසා යැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.(නදී)
අනුන්ගේ රටකට යනවනම් රටේ විදියට ඉන්න ඕනා. තුන්ගසිරියව එල්ලන්න ඕනේ හොර වැඩ කරනවට. ඒක සෞදිය ලංකාව නෙමේ. (නදී)
මෙයා කියන්නේ ඇත්ත නම් ලංකාවේ සෞදි තානාපති කාර්යාලයට කියලා වන්දියක් අරන් දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනා. නැත්නං විදේශ රැකියා කාර්යාංශයෙන් වැඩක් තියනවද?(නදී)
ඔය බේරෙන්නයි බොරු කියන්නේ.(නදී)
ලංකාවේ මුස්ලිම් වරුන්ට සිදුවන අසාදාරන වල ප්‍රති විපාක තමා මේවා.(නදී)
සෞදි අධිකරණය ඔහු වැරදිකරු කර ඇත්තේ බුදුන් වැඳීම චෝදනාව මත නොව වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නිසා යැයි කියලනේ අපිට නම් ආරංචි වුණේ. (නි)
අදහස් දැක්වීමට ස්තුතියි!. ඔබගේ අදහස කතෘ අනුමැතිය සදහා යොමුකර ඇත. එහෙම කියල ජාති වාදී අදහස් ටික අනුමත කරලා දාන එක හරිද කියල හිතල බලන්න.(නදී)
මෙහෙ ඉන්නවට වඩා එහෙ ඉන්න එක හොඳයි. .(ස)
මෙතන අදහස් පළකරන අය සෞදි අරාබියාව තියා ලෝකයේ කිසිම රටකට නොගිය අය වගෙයි (නි)
අපිට ලැබුණු ආරංචියේ හැටියට නම් කියවුණේ වෙන දෙයක්. (නි)
සෞදි අරාබියාව කියන්නේ සම්පුර්ණයෙන්ම ඉස්ලාම් ආගම අදහන රටක්. විවිධ ආගම් අදහන, විවිධ ජාතින් බොහෝය. තම තමන්ගේ ආගම තමන්ගේ නිවහනේම අදහාගෙන රැකියාවත් ප්‍රවේශමට කරගෙන ඉන්න අය සිටි. මොහුගේ කතාව ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.එය අප හොදින් දනී. නමුත් ලංකාවේ ඔහුගේ පෞද්ගලික ජිවිතයට හානි විය හැකි බැවින් ඒ කතාව නොලියන්නට අදහස් කළෙමු. (නි)
අධිකරණය ඔහු වැරදිකරු කර ඇත්තේ බුදුන් වැඳීම චෝදනාව මත නොව වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නිසා. .(ස)
තුංගසිරි අදටත් විකුනන බුදු දහම මෙයයි. ඊයේ දිනයේ මාධ්‍යන් කීපයකම පළවුණු ප්‍රවෘත්තියක් තමයි “බුදුන් වැඳීමේ වරදට කස පහර 200 ක දඩුවමක් දී සෞදි අරාබියේ නිවසක සේවය කල ශ‍්‍රී ලාංකිකයෙකු ඊයේ දිනයේ ආපසු මෙරටට පිටුවහල් කර තිබේ. යන්න මීට වසර 4 කට පෙර සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවයට ගොස් සිටි ඔහු තුන්ගසිරි පේ‍්‍රමනාත් පෙරේරා අම්පාර පදියතලාව ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු පවසන්නේ තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුකල බවත් එය දුටු නිවෙස් හිමියන් තමා මන්ත‍්‍ර ජපකරන්නෙකු බවට එරට පොලීසිය වෙත පැමිණිලි කළ බවත් ඒ අනුව එහි අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිරදඬුවමක්ද විඳීමටද සිදුවූ බවත්ය. නමුත් සෞදි අරාබියාවේ රියාද් නුවරේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඔහුගේ ෆෑස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මේ අයුරින්. දින දෙකකට පමණ පෙර පුවත්පතක තුංගසිරි ගැන තිබුණු ලිපියක් දැක්කා. මට දැනටත් තියන ගැටළුව තමයි මේ මනුස්සයා තාමත් බුදුන් වැන්දා කියන වචනය භාවිතය. මම ශ්‍රී ලාංකික බෞද්ධ. මම කැමති නැහැ අපේ රටේ මිණිහෙක්ගේ ලේ අනුන්නේ රටක හැලෙනවට සහ දඬුවම් ලබනවාට. නමුත් කාරණා තුනක් මතක්කර දෙමි. පළමුව අප විදේශ ගත වූ පසු අප ශ්‍රී ලංකාව නියෝජනය කරන්නන් වෙමු. එහි ගරුත්වය අප රැකිය යුතුය. අප එය පණ දෙවෙනි කොට රැකිය යුත්තේ අපගේ මිම්මෙන් මුළු රටම මනින නිසාය. තුංගසිරි අපේ රටටත් ජාතියටත් කල අවමාණයට ස්වාභාව ධර්මයාගේ නියත දඬුවමට ලක් විය යුතුය. දෙවනුව, සිරිතුංග බෞධයෙකි. ඔහු අලවි මාධ්‍ය කරගත්තේ නිමල බුදු දහමයි. එය දැඩි පාප කර්මයකි. මිනිස් දෙව් බඹුන් අතරින් උසස් බුදුන් අළවි කිරීම මේ භවයේම පළදෙන අකුසල කර්මයකි. එය තුංගසිරිට දඬුවම් දීම අප කාට නැවතිය හැකිද? තුන්වනුව, විදේශ ගත බොහෝ ශ්‍රමිකයන් සිතන්නේ කෙසේ හෝ මුදල් හම්බකර ගැනීම නම් ඊට මොන මාධ්‍ය තෝරාගත්තද වරදක් නැතැයි සිතයිනම් ඊටද ස්වාභාවධර්මයාගේ දඬුවම් හිමි විය යුතුවම තිබේ. තුංගසිරි “සෙප්පඩවිජ්ජා කාරයෙකි” එය මුළු මහත් රියාද් නගරයම දන්නා කාරනාවකි. මෙහි වසන සියළුම ශ්‍රී ලාංකිකයන් දන්නා කාරනාවකි. එහෙව් පසුබිමක් තුල තවමත් බුදුන් වැන්දායැයි කියන අදටත් බුදුන් විකුනන මේ අසත්පුරුෂයාට මාධ්‍ය අනුඟ්‍රහය දැක්වීම සිනාවට කාරනාවකි. අනෙක් හාස්‍ය ජනක කාරනාවත් දැන් කරලියට පැමින තිබේ. ඊයේ පුවත් පත් සාකච්ඡාවේදි තුංගසිරිගේ බිරිඳ නොකියා කියමින් රිසානාට කල අයුරින් උදව් තමාටත් අවැසි බව කියයි. ගෙයක් මේ අතර ප්‍රධානයි. තුංගසිරිට සෞදි රජය මරණ දඬුවම ලබා දී නැත. කස පහර සියයක් ලබා දිය යුතු යැයි තීරණය කොට තිබේ. රියාද් සුපිරි වෙළඳසැල් අසල “සෙප්පඩවිජ්ජා “දමන තුංගසිරි අප කා හටත් පසුගිය වසර කිහිපයක සිට නෙතට හුරු දසුනක් විය. කෙනෙකුගේ දුකකදී අපද දුක් වන්නෙමු. නමුදු අපේ රටේ කීර්ති නාමය වනසමින් බුදු දහම විකුණමින් දිවි ගෙවන අයට නම් අප ශාප කරන්නෙමු. හදවතින්ම තුංගසිරිගේ අහිංසක මල් කැකුළු වන් දරුවන් පිළිඹඳව අප කනගාටු වන්නෙමු. ඔහුට තම දරුවන් පිළිඔදව මීට වඩා ගෞරවයෙන් කටයුතු කරන්නට තිබිනි.(නදී)
හොරෙන් රා බොන්නට ගොස් අහුඋනාම තණකොළ කපන්න ආවයි කියපු කතාව වගෙයි. .(ස)
බුදුන් වැදීම ඇතුළුම තම ආගම ඇදහීම පිලිබද සෞදි රජයේ ස්ථාවරය විමසීම වටී, අපි ඔවුන් විමසමු. බලධාරීන් මෙය විමසා අපටත් දැනගැනීම උදෙසා පලකරන මෙන් ඉල්ලමි. මෙයින් බොහෝ ගැටළු නිරාකරණය කරගැනීම මෙන්ම බොහෝ දේ දැනගැනීමට හැකිවනු ඇත. බලධාරීන් මැදිහත් නොවන්නේ නම් අප පෞද්ගලිකව විද්‍යුත් තැපෑල මගින් මෙරට එරට නියෝජනය කරන තානාපති කාර්යාලය විමසමු..(ස)
මට දැනුන හැගිම කෙසේදැයි විස්තර කිරීමට අසිරුයි. (නි)
කව්රුත් බලෙන් යැව්වේ නැහැනේ. කැමැත්තෙන් ගියානම් ඉන්නත් දැනගන්න ඕනේ නීති ගරුක විදියට..(ස)
මෙය විශ්වාස කරන්න බැහැ. කසිප්පු පෙරලා, අනාචාරයේ හැසිරිලා හිරේ වැටුණු පින්වතුන් කියන්නෙත් බුදුන් වඳින්න ගිහින් හිරේ ගියා කියල තමයි. ලංකාවෙදිවත් පන්සිල් නොගන්න කට්ටිය මෙහෙ ආවේ සිල් රකින්නද? ආගම හිතින් අදහන්න. ලෝකෙට පෙන්වන්න ඕනේ නැහැනේ.ගල්ෆ් එන අය කරුණාකරලා මෙහෙ නීති දැනගෙන එන්න. .(ස)
මෙවැනි කතා වල ඇත්ත දැනගැනීම අපහසුයි. සෞදියේ පින්තුරයක් ඉදිරිපත් කිරීම ඕනෙම ආගමකට කරන අපහාසයක් සේ සලකයි. එසේම මෙලෙස බුදුන් වැදීමෙන් මුසාවාදා සිල්පදය කැඩෙනවා නේද?(නදී)
මෙහි අදහස් දක්වා ඇති අපේ සිංහල බෞද්ධ සහෝදරයන්ට මම මුලින්ම ගෞරවනීය ස්තුතිය පුද කරමි. මෙම පුවත කියවපු මුල් දිනයේ මම ඉතාමත් කනගාටුවට පත් වුණා එවැනි සිදුවීමක් මුස්ලිම් ජාතිකයකු හැටියට මම කිසිසේත්ම අනුමත නොකරන නිසා. මේ දිනවල පළවන සමහර පුවත් කියවලා සමහරු ජාතිවාදී හා නිද්දිත, ලෙස ඉස්ලාම් ධර්මය හා ශුද්දවූ අල් කුරානයේ අදහස් විකෘති කරමින් හෑල්ලුවට ලක් කරන අවස්ථා බොහොමයක් තිබෙනවා. මෙම ලිපිය මා සදහන් කල අයට ජාතිවාදී අදහස් ලිවීමේ පාරාදීසයක් බවට පත්වේවි කියා මා සිතුවා. නමුත් ලිපිය පලවූ දිනයේ සිට මේ පුවත නොකියවපු මා අද විමතියට හා සතුටට පත් වනවා. මම තව දෙයක් තේරුම් ගත්තා නියම සිංහලය නියම බෞද්ධයා සියලු ආගම් වලටත් ජාතීන්ටත් ගෞරව කරනවා කියා. මේ ඊට කදිම නිදසුනක් තමා මෙහි පලවී ඇති අදහස්. චමින්ද ප්‍රදීප් සහෝදරයා ඉතා වටින අදහස් පළකර තිබෙනවා. අපි මුලින්ම ශ්‍රී ලාංකිකයකු වෙන්න ඕනේ මොකද අපි නියෝජනය කරන්න අපේ මාතෘ භූමිය. මගේ රට දළදා හිමි සරණයි. අල්ලාහ් දෙවි පිහිටයි. (නි)
මාධ්‍ය මෙයට වඩා වගකීෙමන් කටයුතු කිරීම මාධ්‍ය සතු ප්‍රධාන වගකීම වන අතර සැබෑ සත්‍ය අසත්‍ය නොසොයා සත්‍යය ෙලසින් සමාජගත කිරීමෙන් සමාජයක් තුල පවතින්නාවු සාමුහිකත්වය පලුදු කිරීමට යොදාගන්නා වූ අවියක් ලෙස මාධ්‍යය හැසිරවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නදී)
මම දැන් අවුරුදු 11 ක් මගේ කාමරයේ බුදු පිළිමයක් තියාගෙන වැඳුම් පිදුම් කරනවා. මාව නම් කව්රුවත් අල්ලාගෙන ගියේ නැහැ.(නදී)
මමත් මැදපෙරදිග රටක සේවය කරන අයෙක්. මම නියම බෞද්ධයෙක්. නමුත් මගේ දර්ශනය තියන්නේ හිතේ.අපේ මිනිස්සු හරියට ආගම ඇදහෙවුවා නම් අද ලෝකයෙන් 4/3 බෞද්ධ. (නි)
ස්තුති ලංකාදීප ...(ස)
මෙහි සාදාරණය ගැන අදහස් දක්වල තිබෙන අය ගැන බලනවිට සතුටු විය යුතයි. කට තිබෙන පලියට අදහස් දක්වන එකෙන් වලකින්න. මමත් අවරුදු 15ක් සෞව්දියේ ඉඳලා මගේ පවුලේ වැඩ කටයුතු කරන පුද්ගලයෙක්. මන් වගේ ලක්ෂ සංඛ්‍යාත ලාංකික සහෝදරයෝ මෙහි ඉන්නවා.(නදී)
මේ මනුස්සය කියන්නේ බොරුයි කියමු, මේ මනුස්සය යන්ත්‍රයක් තවත් කාන්තාවකට දෙන්න ගොස් මේ අකරතැබ්බයට මුහුණ දීපු බවටත් ආරංචි වෙනවා ඒ කොහොම උනත්, මෙවැනි දේවලට විද්‍යුත් මාධ්‍යත් වගකිව යුතුයි. මැද පෙරදිග ඇතුළු යුරෝපා රටවල් රැසකට විකාශනය වන එක්තරා සිංහල නාලිකාවක් මගින් දිගින් දිගටම හදි හුනියම් ගැන වෙළෙද දැන්වීම් සහ අහිංසක මිනිස්සුන්ගේ හිත්වලට භයක් ඇතිකර ඉන් මුදල් ඉපීමේ පරමාර්ථයෙන් සිදු කරන සාකච්චා හේතුවෙන් තමයි මෙවැනි පෙලබවීම් සිදු වන්නේත්.(නදී)
මේ වගේ රටවල් අදහන්න වටිනවා. පුදුම ආගමික නිදහසක් තියෙන්නේ.(නදී)
මෙතන අදහස් දක්වලා තියෙන සමහරක් දෙනා මේ දඬුවම සාධාරණීකරනය කරන්න නොයෙක් කතා කියලා තියෙනවා. මේ සම්බන්ධ සම්පූර්ණ පුවතම පළ කලා නම් මිනිස්සුන්ට ඇත්ත දැනගන්න ලේසි වෙනවා. මේ වරදකරුවා කෙරුවා කියන වෙනත් වැරදි කියල කියන්නේ බුදුන් වැඳීමම තමයි නමුත් ඒක සවුදියෙ ඉන්න "මොතව්වා පොලිසිය" විග්‍රහ කරල තියෙන්නේ යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් ආදිය කරනවා කියලයි. එක්කෝ නොදන්නා කම නැත්නම් කුහක කම.(නදී)
මේක පිළිගන්න බැරි කතාවක් (නි)
මෙතැන කව්ද බොරු කියන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි බුදුන් වැදලා කස පහර දුන්නා කියනවා නම් ඒක බොරුවක්.(නදී)
මෙයා වශී ගුරුකම් කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුනේ. දැන් බොරු කියනවා ලජ්ජාවෙන් බේරෙන්න.(නදී)
මෙම පුද්ගලයාගේ මෙම ප්‍රකාශ අප තරයේ හෙළාදකින අතර මෙවැනි අයට කසපහර නොව රජකාලේ දඩුවම් ලබාදිය යුතුය. (නි)
ඹකෙන් වැටහෙන්නෙ කොයි ආගමේ ද නිදහස වැඩියෙන් තියෙන්නෙ කියන වගයි. ........(ස)
මෙම පුද්ගලයා සම්බන්ධව සෞදියේ රැකියා කරන බොහෝ දෙනෙකු දන්නා අතර මොහු පවසා තිබෙන දේවල් නිසා මෙරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ නිදහසට බලපෑම් ඇති වීමට තිබෙන ඉඩ ප්‍රස්තාව විශාල බැව් ම ගේ අදහසයි (නි)
මේ මනුස්සයා හිස් අතින් හරි පන පිටින් එන්න ලැබුණු එක ගැන සතුටුයි අර තිරිසන්නුන්ගෙන් බේරිලා. කිසිම වරදක් නොකරපු කෙනෙක් ඉන්නවනම් මේ මනුස්සයට ගලක් ගහන්න. සවුදියේ මහා ඌරෝ තමන්ගේ දුවවත් දූෂණය කරලා ලේ වන්දි ගෙවලා බේරෙනවා. මේ මනුස්සයා වරදක් කලත් පණපිටින් එන්න ලැබුණු එක ගැන සතුටු වෙන්න මනුස්සකමේ නාමයෙන්. ඔබට බුදු සරණයි. .(ස)
තම කාමරයේ බුදුන් වැඳීම කෙසේවෙතත් අත්වල නොයෙක් වර්ණ හෝ සුදු නුල් බැඳගෙන පොදු ස්ථාන වල ගැවසීම, කොට කලිසම් ඇඳීම, සහ අපේ අය එළිපිට මෙන්ම හැඟී හැංගී කරන තවත් නොයෙක් අකටයුතුකම්, අමන කම් මෙම රටවල සපුරා තහනම්. වවුලාගේ මගුල් ගෙදර ගියානම් වවුල් චාරිත්‍ර අනුව විසිය යුතු බව නොදැනද වවුලගේ මගුලට ගියේ ?.(ස)
ඔහුට දඬුවම් ලැබුනේ බුදුන් වැදීමේ වරදට නොවන බව මම ස්ථිර වශයෙන්ම කියමි.ඔහු කළ වරද ලිවීමට තරම් මට හැකියාවක් නොවන බවද කිව යුතුය. (නි)
බුදුන් වැදලා කියන්නෙ බොරුවට. මේ මනුස්සයා දඩුවම් වින්දෙ හොරකමක් කරලා. අනුකම්පාව දිනා ගන්න බුදුන් වැදලා කියන්නෙ අපේ මිනිස්සුන්ටත් මේව හැබෑ.(නදී)
රසාක් , ඔහේ දන්නවද ඒ මනුස්සයව වැරදිකරුවා කළේ වෙන දෙයකට කියලා? ඔප්පු කරන්න පුළුවන්ද? (නි)
සෞදි අධිකරණය ඔහු වැරදිකරු කර ඇත්තේ බුදුන් වැඳීම චෝදනාව මත නොව වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නිසා යැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. මෙය තමා ඇත්ත කතාව.(නදී)
මේක සම්පුර්න අසත්‍ය ප්‍රචාරයක්. තුංගසිරි සහ ඔහුගේ බිරිද සම්බන්ද යම් නීති විරෝධී කටුත්තක් නිසා ඔහුට දඩුවම් ලැබුනේ. තානාපති කාර්යාලය එය හෙළි නොකර ජනතාව අතර බොරු ප්‍රචාරය කිරීම කණගාටුවක්.(නදී)
මේ ප්‍රශ්නෙදී සෞදි රජයට දොස් කීම සම්පූර්ණයෙන්ම වැරදියි. මේ රටේ නීතියට අපි ගරුකළ යුතුයි. මේ රටේ මෙවැනි නීති නැත්නම් දැනටමත් මෙරට අපේ රට වගේ වෙලා. මෙරටේ නීතියට ගරුකරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙහෙ නෑවිල්ලා ජපන් යන එකයි තියෙන්නේ. අනික ලංකාවේ කී ලක්ෂයක් නම් මෙ රටෙන් හම්බ කරගෙන හොඳට ජීවත් වෙනවද? අවුරුදු 20.ක් ඉන්න අපිට කිසි ප්‍රශ්නයක් නැහැනේ.(නදී)
මෙයා කියන්නේ බොරු. මම අද උදැසන මේ ගැන සොයා බැලුවා. මොහුට තිබෙන චෝදනාව පිලිපීන කාන්තාවක් තම කාමරයේ තබාගැනීම සහ කසිප්පු බෝතල් කිහිපයක් ළඟ තබා ගැනීමයි. මම බොරු කියනවනම් රියාද් තානාපති කාර්යාලයට අමතා විස්තර දැනගන්න.(නදී)
ඇත්තටම නිවැරදිම සිද්ධිය කුමක්ද? (ස)
උපුල් ඔයා කරුණාකර දිවයින පත්තරේ බලන්න පින්තුරත් එක්කම විස්තරේ දාල තියනවා.(නදී)
කෙසේ නමුත් මොහු දැන් ගෙදර ඇවිත්. මොහුගේ වැරදි සහ මොහු කල නොකළ දෑ සොයන්නට යාමෙන් දැන් පලක් නැහැ. මොහු විවාහකයෙක්. ලංකාවේ බිරිඳත් දරු දෙදෙනාත් සමග හොඳින් ජීවත් විය හැකි පරිසරයකට ඔහුට ඉඩ තබා විවිද අදහස් පළකිරීමෙන් සහ විවිද පාර්ශවයන්ට ඇඟිලි දිගු කිරීමෙන් මොහුගේ අනාගත යුග දිවියට වියහැකි හානි වලක්වා ගන්නට අප සැවොම ප්‍රවේසම් වූවොත් හොඳ බව මාගේ හැගීමයි. නැතිනම් අල්ලපු මෙන්ම පය ගහපු අතු දෙකම නැතිවීයාමෙන් තවත් විනාසයක් වෙන්නට දොර කවුළු විවුර්ත වීමේ පාපකර්මයට අපට කර ගහන්න වේවි. (නදී)
තානාපති කාර්යාලයේ වැඩ ගැන නම් කිසිම විස්වාසයක් නැ අපට නම්. මොකක් හරි කියලා ඇග බේරා ගන්න එක තමයි ඒ ගොල්ලන්ගේ රාජකාරිය. සෞදිය කියන්නේ මහා එපාම කරපු ජාතියක් ඉන්න රටක්. වෙන ගල්ෆ් රටවල් එක්ක බැලුවම.(නදී)
අද එක්තරා පුවත් පතක පලවු ලිපිය සංවේදීව අනුකම්පාව දිනා ගැනීම සදහා කල ප්‍රකාශයක් මිස සත්‍ය හෙළි දරව්වක් නොවෙයි. එය එසේ සිදුවිය යුතු කරුණකි. මන්ද පෞද්ගලික ජීවිතය කොතරම් ආරක්ෂා කර ගත යුතුද යන්න ඔහු තේරුම් ගත් බැවිනි. සත්‍ය වසන් වීමෙන් අප රටේ බෞද්ධ ජනතාව සෞදිය කෙරෙහි වෛරයෙන් කතා කිරීමට පටන් ගෙන ඇත. උසාවි වාර්තාව අනුව වැරැද්ද පිළිගෙන ඇත. ලංකාවේ පලවෙන සියලුම පුවත් අසත්‍යය. ඇත්ත දන්නෝ සිටින්නේ සෞදියේය. බොරුවෙන් ජීවත්වීම අනිටු පලදෙන කාරණාවකි. තුන්ගසිරි ඔබ සුවපත් වේවා.(නදී)
මම ඉන්නෙත් සෞදිවල. සෞදි ජාතිකයෝ 75%කට වඩා හොද මිනිස්සු. මේ වගේ අය නිසා ආගම දෙකටම වන්නේ අපහාසයක්. (නි)
මෙය ගැන අවංක සත්‍ය තොර තුරු කුමක්ද උනේ කියලා දන්නෙත් මෙතුමා පමණි. මමත් සෞදි වල රැකියා කරන කෙනෙක් නිසා තමුන් අදහන ආගම රූම් එක තුල අදහන්න පුළුවන්. සෞදි රටේ මොනතරම් අන්‍ය ආගමිකයෝ වැඩ කරනවද ?(නදී)
මෙතන බොහොම සරල සිද්දියක්නේ තියෙන්නේ. සෞදිය කවදාහරි කොතනක හරි කියලා තියෙනවාද ඒක බහුජාතික, බහු ආගමික රටක් කියලා. අපි එයාලගේ නීති වලට එකගවෙලා ගිහින් වැඩ වරද්දාගෙන කෑ ගහනවා. මේකට සරලම උදාහරණය දැන්වීම් පුවරුවේම මස් අලෙවි සැලක් කියලා ගහලා තියෙන කඩේකට ගිහිල්ලා ඒකේ එළවලු විකුණන් නෑ කියල පැමිණිලි කරනවා වගේ.(නදී)
අනේ මේවගේ දේවල් කරපු අයටත් පිස්සු ඒවාට පත්තරවලට අදහස් පලකරන අපිටත් පිස්සු. (නදී)
බුදුන් වැන්දා කියලා කාවවත් කිසිම දිනක සෞදි වල අත්අඩංගුවට ගත්තේ නැහැ. තමුන් කරන හොරවැඩ අහුවුනාම කොහෙද යන්නේ කියලා ඇහුවම මල්ලේ පොල් කියනවා වගේ තමයි මෙයාලගේ පච කතා. වැඩියෙන්ම හොර වැඩ කරලා අහුවෙන්නෙත් ලංතාවේ අය තමයි.(නදී)
මොහොමඩ්, අපිට මේ වගේ වෙලාවට මොකක් හරි බොරුවක් කියලා සිංහල මිනිස්සුන්ව මෝඩ කරලා අපේ ආගමේ තියෙන බොරුව සහ කුරිරු බව වහ ගන්නවා ඇරෙන්න මොනවා කරන්නද නේද මොහමඩ් ? (නි)
අපිත් අවුරුදු 20ක විතර ඉදලා සෞදියේ තමයි වැඩ කරන්නේ. වෙසක් පොසොන් වලට බෞද්ධයින් දහස් ගණනක් එකතු වෙලා සමරන උත්සව ගැන කවුරුත් කතා කරන්නෙ නැහැනේ. (නි)
ෂෙරිෆ්, ඔව් මම හොයා බැලුවා. ඔබ පවසන්නේ අසත්‍යයක් බව මට දැන් කියන්න පුළුවන්. (නි)
ෂෙරිෆ්, ඔව් මම හොයා බැලුවා. ඔබ පවසන්නේ අසත්‍යක් බව මට දැන් කියන්න පුළුවන්. ඔබ වැනි අන්තවාදීන් සිටින රටක් තමයි සෞදිය කියන්නේ. ඔබ වැනි අයට අප රටේ සිටීමට අයිතියක් නැහැ. මීට පසු අසත්‍ය දේවල් පවසන්න අපි ඉඩ තියන්නේ නැති බව සලකන්න. අහිංසකයා බුදුන් වැදපු වරදට දඩුවම් විදපු බව රියාත් නිලදාරීන් පවසනවා. මට පෙනෙන්නේ ඔබ නරක ස්ත්‍රියක්.(නදී)
උපුල් උපතින් සිංහල වූ ඔබ පසුව වෙනස් වී ඇති බවයි පෙනෙන්නේ. ඒ නිසා කරුණාකර සෞදි තානාපති නිලදාරීන් අමතා සත්‍ය දැනගන්න. මට ඔබ ගැන ඇතිවන්නේ ලැජ්ජාවකි.(නදී)
අදහස් දාලා තියෙන හුගක් අය තමන්ගේ ආගම හරියි කියන්න උත්සාහ කරනවා.ලෝකේ ඕනෑම තැනක මුස්ලිම් අයට තමන්ගේ ආගම අදහන්න පුලුවන් නම් ඇයි අනිත් ආගම්වල අයට බැරි.මේවා අල්ලා දෙවියන් හදපු නීතිද?හරිදේ වැරදි කියන ,වැරදිදේ හරි කියන ආගමක් ගැන කවර කතාද? (නි)