ඇමැති සජිත් ප්‍රේමදාස මහනුවර ශ‍්‍රී දළඳා වහන්සේ වැඳ, අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් හමුවී නව රජය ක‍්‍රියාත්මක කිරීමට යන නිවාස යෝජනා වැඩ සටහන සම්බන්ධව දැනුම්වත් කර අවවාද අනුශාසනා ලැබුවේය.
සජිත් පේ‍්‍රමදාස මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම බුද්දරක්ඛිත මහනාහිමියන් හමුවේ පවසා සිටියේ මින් ඉහතදි රජයන් විසින් නිවාස ලාභින් සදහා රජයට අවශ්‍ය ආකාරයට නිවාස සැදුවත් නිවාස 50000 නිවාස යෝජනා ක‍්‍රමය යටතේ එම නිවාස හිමියාට අවශ්‍ය ආකාරයට පහසුකම් සියල්ල ලබා දෙන බවත්ය.
දළඳා මාළිගාව අසලින් ඇති මාර්ගය වත්මන් ජනාධිපති විවෘත කිරීමට යන බවට මතයක් ඇති නමුත් එම මාර්ගය විවෘත කිරීමට අවශ්‍යව ඇත්තේ නීතිඥරුවන්ටත්, වෛද්‍යවරුන්ටත් බව නා හිමියෝ කීහ. වාහන ඇති අයට මේ මාර්ගය විවෘත කර ගැනිමට වුවමනාවී ඇති බව නොබියව ප‍්‍රකාශ කරන බවත් බුද්ධරක්ඛිත හිමියෝ ඇමැතිවරයා සමග පැවසූහ.
‘‘ඉන්දියාව වගේ රටවල බුද්ධගයාවට පැය භාගයක් පයින් යන්න ඕන. ලූම්බිණි විහාරයට එදා වගේ නෙමේ හැතැම්ම භාගයක් විතර පයින් යන්න ඕන.ටජ්මහල් වගේ දේවල් ආරක්ෂා කරල තියෙන්නෙ අන්‍ය ආගමිකයින්. නමුත් අපේ රටේ බෞද්ධයින් යැයි කියා ගන්නා කොටසකට ඕන සිද්ධස්ථානය ළඟටම ගිහින් බහින්න.පොලිස්පතිතුමා මට ඇවිල්ල කතා කළා මේ මාර්ගය අරින්න ඕන කියලා. මම එවෙලෙම ජනාධිපතිතුමාගෙන් ඇහුව ඔබතුමා කිවුවද කියල එතුමා කිවුව නැහැ කියලා. එවෙලෙම ඒ ක‍්‍රියාව ජනාධිපති තුමා නතර කළා‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හාමුදුරුවනේ සිරිපාදේ නගින්නෙත් පයින් සිගිරි ගල නගින්න යන්නෙත් පයින්නේ. කළුතර බෝධිය ළඟිනුත් පාර වහල දමාවිද? මෙතන කරදරයට පත්වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව පමණයි. ඔබ වහන්සේලා නම් බෙන්ස් එක මාලිගාව ඇතුලටම යන නිසා ඒ ගැන තැකීමක් නැහැ. අඩුම තරමේ ගිලන් රථ, පොලිස් රථ, ගිනි නිවන හමුදා රථ වත් මෙතනින් යන්න දුන්නොත් බුදුන්ගේ දර්ශනයට ගෞරවයක්. මාලිගාවේ සිදුවෙන දුෂිත කටයුතු වලට ඔබවහන්සේ කිසිම දෙයක් කියන්නේ නැහැ. මාලිගාවේ වටේ අඩියක් අඩියක් ගානේ තියෙන බාර් ගැන සද්දයක් වත් නැහැ. අනෙක මේ පාර විවුර්ත කරන්න කියල මල්වතු හාමුදුරුවොත් ඉල්ලුවා නේද? (නදී)
ඉතින් විකල්ප පාරක් හදන්න බැරි මොකද? දළදා මාලිගාවට මිනිස්සු පයින් යන්න ඕනෑ. ජයවර්ධන පුර ළඟ පාරවල් වහන කොට හැමෝම කටවල් වහනවා. හාමුදුරුවෝ හරි. අලුතෙන් නගරයක් හදන්න පුලුවන් නමුත් අලුත් දළදා මාලිගාවක් හදන්න බැහැ.(නදී)
පොලිස්පති තුමාට නියම පාර පෙන්නුවාට පින් හාමුදුරුවනේ. (අ)
මහනායක හාමුදුරුවනේ අහිංසක රෝගීන් ගැනවත් හිතා මෙය විවෘත කරන්න (නදී)
අපේ හාමුදුරුවනේ ඔතනින් පාර අරින්න කියන්නේ මාලිගාවට යන්න නෙවේ. ඔය පාර වහල තියනනිසා නුවර මිනිසුන් පුදුම වදයක් විදින්නේ. වැව රවුමේ පාරේ පුදුම තදබදයක් තියෙන්නෙ. වෙන විකල්ප පාරවල් නැහැ. සිහින ව්‍යාපෘති ගැන බලා ඉන්නේ නැතුව මහජනතාවගෙ පැත්තෙන් බලමු. මේකේ කමෙන්ට් කරණ කීදෙනෙක් නුවර වාහන තදබදය ගැන දන්නවාද? (අ)
අදහස් කියැවූවිට මේ රට ගැන දුක හිතෙනවා. (නි)
කීර්ති, ඒකට උදේ 7-8, දවල් 1-3, හවස 4-6 වෙලාවන් වලදී නුවර ඉඳලාම බලන්න ඕනෑනේ නේද? (නි)
මහනුවර මාතලේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කර කඩුගන්නාව සිට මහනුවරට ද්විත්ව දුම්රිය මගක් ඉදි කර කොලඹ මාතලේ දුම්රිය වාර කිහිපයක් වැඩි කලොත් මේ තදබදය සෑහෙන්න අඩුකළ හැකිය (නදී)
මේ රටේ ඉන්න අයට අපේ කමට හෙන ගැහුවත් කමක් නැහැ ලාබෙට කන්න තියනවා නම්. දැන් පාර ඇරියම ඔක්කොම තදබද ප්‍රස්න විසදෙයි. ලංකාවේ ප්‍රදාන තම උරුමයක් රැක ගැනීම හා නිසි ගෞරවය වෙනුවෙන් පාරක් වැසීම හා එම අපහසුව විද ගැනීමටවත් හිත නතර වෙන්නේ නැහැ. විසදුම පාර ඇරීම නෙවේ විකල්පයක් කඩිනමින් ස්තාපිත කිරීමයි. මේකේ කොමෙන්ට් දාන පාර අරින්න හදන අයට එ්ක තේරෙන්නේ නැද්ද ? (නදී)
කීර්තිගේ අදහස අනුමත කරනවා. මහනුවර සිට දිගන පැත්තට යන සහ එන වාහන පාසල් / කාර්යාල වෙලාවට පැය ගණන් වැව රවුමේ රස්තියාදු වෙනවා. දැවෙන ඉන්ධන ප්‍රමාණය අධිකයි. හදිසි ලෙඩෙක් ඒ වෙලාවේ මඟ මැරෙනවා. මහනුවර නගරයේ වායු අපවිත්‍රතාවය ඉතා ඉහළයි. මෙම පාර වැහුවේ කොටි තර්ජන කාලේ, දැන් ඒ ප්‍රශ්න නැති නිසා අරිනවා නම් හොඳයි (නි)
මහනායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අදහසට අපේගේ ප්‍රණාමය! දළදා මාළිගාව බොදු අපෙගේ මුදුන් මල්කඩකි. එය රැකගැනීම අපගේ වගකීමකි (නි)
තදබදය ගැන දන්නවාද? (ස)
ඔබ වහන්සේගේ අසපුව ළඟ තියෙන ට්‍රිනිටි කලබ් එකේ අරක්කු විකුණන්න නම අවසර ලැබිලා. හදිසියකට ලෙඩෙක් රෝහලට ගෙනියන්න පාර අරින්න බැහැ. ඔබවහන්සේ නම් පයින් යන්නේ නැහැනේ. මාලිගාව ඇතුලටම බෙන්ස් එකෙන්නේ යන්නේ. මල්වතු හාමුදුරුවොත් කියුව මේ පාර අරින්න කියල. මෙහෙම කරණ එක හරිද ? (ස)
වැව රවුමේ පාර අයිනේ සුදු ඉර වහගෙන නවත්වල තියන වාහන ඉවත් කරලා කොට කොට යන බස් වල වේගය වැඩි කරානම් නිකන්ම තදබදය අඩු වෙනවා. මමත් වැව රවුමේ වැඩ කරන කෙනෙක්. පොඩ්ඩක් බලන්න පුද්ගලික වාහන වැව රවුමේ නවත්වල තියෙන විදිය. ලොකු ලොක්කන්ගේ වාහන වලට දඩ කොළ දෙනවා නම් පොලිසියේ මහත්වරුනට තදබදයට ඉක්මන් පිළිතුරක්. (නදී)
උන්වහන්සේ කියන දේ හොඳින් අහන්න. බාගෙට අහන්නේ නැතුව. විකල්ප මාර්ග ගැන උන්වහන්සේ යෝජනා කරනවා. ඒ ගැනයි අවධානය යොමුකරන්න ඕනෑ. (නි)
ශාසනය විහාරස්ථාන තියෙන්නේ මිනිසුන්ට ධර්මය, හරිමඟ කියලා දෙන්න මිසක් මිනිසුන්ට කරදරයක් වෙන්න නෙමෙයි. වටරවුම නිසා ඉන්ධන කොච්චර පිච්චෙනවද. වැඩකරන වෙලාව කොච්චර නැතිවෙනවද. අනවශ්‍ය කරදරයක් නිසා මනස කොච්චර කිළිටි වෙනවද. බුද්ධ ධර්මය නම් මෙය නොවේ. මිනිසා දුකෙන් මුදාගැනීමයි (නි)
අශෝක, තවවරක් කියවලා වීඩියෝ පටියත් බලන්න. මට තේරුනේ නම් පුරාණ දේ රැකගන්න පාරවහලා තියන්න කියලා. දුහුවිල්ලෙන්, ත්‍රස්තවාදයෙන්, ශබ්දයෙන් ආරක්ෂා කරගන්න. (නි)
නුවර ඉන්න අය නම් එයාලගේ වාසියට ඕනෑම දෙයක් කියයි. නමුත් දළදා මාළිගාව කියන්නේ අපේ රටේ මුදුන් මල්කඩ. එතන කොහොමත් අපි ආරක්ෂා කරන්න ඕනෑ. ඔතන පාර ඇරියහම වෙන පරිසර දුෂණය , ඒ වගේම වාහන දුම, නලා ශබ්දය , පුජා භූමියක් වෙන්නේ නැහැ දළදා මාළිගාව. අපේ මිනිසුන්ට ඕනෑ තමන්ගේ වැඩේ කරගන්න (නි)
පාර අරින්න. උදේට සහ හවසට කාර්යාල වලට යන අයටත්, පාසල් යන ළමයින්ටත් ලොකු සහනයක්. කිලෝමීටරයක් වැව වටේ වාහනයක් යන්න විනාඩි හතළිහක් යනවා. වදවිඳින මහජනයාට පාර ඇරලා සහනයක් දෙන්න (නි)
අපේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා සමිඳුන් අපි ආරක්ෂා කළයුතුයි. ඔබ වහන්සේ සමඟ අපි නමස්කාර පුර්වකව ඉන්නවා. අශෝකලා වගේ අයට මෙය වැදගත් නැහැ. (නි)
මල්වතු හාමුදුරුවෝ හොඳින්ම දන්නවා පාර වහලා තියන නිසා මිනිස්සු විඳින දුක. අඩුමගානේ විකල්ප මාර්ගයක් හදනතුරුවත් මේ මාර්ගය අරින්න.කවුරුත් බැලිය යුත්තේ දුක්විඳින මහජනයාගේ පැත්ත (නි)
දැන් රට සාමකාමීනේ. එනිසා පාර අරින්න (නි)
100% එකඟයි තාරකීගේ ප්‍රතිචාරය එක්ක (නදී)
රාත්‍රී කාර් රේස් තියනකොට ඇයි මෙහෙම විරුද්ධ වෙන්න නොහැකිවුණේ? (නි)
සජිත් මහත්තයා හැරෙද්දී දින 100 අවසන්වෙලා තියෙයිද දන්නෙ නැහැ. 50,000 පැත්තකින් තියලා ගෙවල් කිහිපයක්වත් හදන්න බලමු අපි. (නි)
කොටි ත්‍රස්තවාදයේ උග්‍ර අවස්ථාවට එනතෙක් ඉතා දීර්ඝ කාලයක් ඔය පාර ගමනාගමනයට විවෘතව තිබුණා නේද? මහජනතාවගේ ගමන් පහසුව පිණිස ඔය පාර විවෘත කිරීම ඉතාම අවශ්‍ය කරුණක් කියලයි මමත් හිතන්නේ. (නි)
මේ පාර අරින්න අපේ හාමුදුරුවනේ. අධික ලෙස දුම්බොන මිනිස්සුන්ට හැදෙන ශ්වසන රෝග දැන් නුවර පාසල් වල ගැහැණු දරුවන්ටත් හැදෙන්න පටන් අරගෙන වාහන දුම නිසා. නිරෝගිමත් ජාතියක් රැකගන්න ඔය පාර ඇරලා පාසල් දරුවන්ට පිරිසිදුවට හුස්ම ඩිංගක් ගන්න දෙන්න. නුවරට හොඳටම ගැළපෙන්නේ ටෝකියෝ වල "යමනොදේ-සෙන්" වගේ රවුමට දුවන පුංචි විදුලි දුම්රිය ක්‍රමයක්. ඒත් ඒවා අවුරුදු 10කටවත් හැදේවි කියලා හිතන්න බැරි නිසා මේ වෙලාවේ කරන්න හොඳම දේ තමයි පාර ඇරලා වාහන තදබදය අඩුකරන එක. (නි)
ආගම තියෙන්නේ මිනිසුන්ට පිහිට වෙන්න. (නි)
මමත් හිතන්නේ මේ පාර විවෘත කිරීමෙන් දළදා මාළිගාවට කිසිම අවහිරයක් වෙන්නේ නැහැ. දැනටත් උස යකඩ වැටක් ගහලා තියෙන්නේ. ඒක තවත් ශක්තිමත් කරලා නලා නාදකිරීම තහනම් කරලා පාර විවෘත කළා නම් වාහන තදබදය ගොඩාක් දුරට නතර වෙනවා. මහියංගණයට යන්න පැය දෙකහමාරක් යනවා. එයින් පැයක් විතර යනවා වැව රවුමේ යන්න වාහන තදබදය තියන වෙලාවට. (නි)
බුද්දගයාවේ පයින් ගියාට අපේ රටේ ඇමතියෙක් ලඟකදී කතරගම ගියේ හෙලිකොප්ටරයෙන් , ඡන්දෙට කලින් බන කියපු උදවිය, කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි (නදී)
බුදු බණ අනුව අප වැඩ කළයුත්තේ ලෝකවාසීන් කෙරෙහි කරුණාවෙනි.මෙතන පාර වැසීමෙන් දුක්විඳින්නේ උදේ හවස රැකියාවට දුවන මිනිස්සුත්, පාසල් දරුවනුත්ය. අපිට කාලය ඉතාම වටිනවා.වාහන දුම වැඩිවීමෙන් නුවරට විශාල හානියක්ද සිදුවී තිබෙනවා. මෙයට තවම අවසර නැත්තේ ඔබවහන්සේගෙන් පමණයි.අප කෙරෙහි මෙත් සිතින් බලත්වා! (නි)
නුවර ට්‍රැෆික් එකට වැඩිය සිංහල අපිට අපේ මුදුන් මල්කඩ වටිනවා. අපේකම වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න (නි)
මේකට විරුද්ධ වෙන්නේ නුවරින් පිට බොරු බෞද්ධයෝ (නදී)
පසුගිය කාලේ ධර්මයත් තමන්ගේ වාසියට යොදා ගත්තා. එතකොට කිසි කෙනෙක් කට ඇරියේ නැහැ (නදී)
ආගම නෙමෙයි මිනිස්සු හැදුවේ. මිනිස්සු එකතු වෙලයි ආගම් හදාගත්තේ. ඒ නිසා ආගම තියෙන්නේ ඕනි මිනිසාගේ යහපතට. කරුණාකර නුවර ඇති ඔය මාර්ගය විවෘත කර ජනතාවට යහපතක් කරන්න. බුදුහාමුදුරුවෝ කවදාවත් අන් අයට බාදාවක් වෙන දෙයක් කරපු උත්තමයෙක් නෙමෙයි. (නදී)
මේක වන් වේ කරලා එක මන් තීරුවක් ඇරියනම් හරි තල්වත්ත පැත්තේ ඉඳලා එන්න විතරක් මේ පාර ඇරියනම් කිසිම ප්‍රශ්නයක් නැ ඒක තමා හොඳම විසඳුම (නදී)
කීර්තිගේ අදහස අනුමත කරනවා. (නි)
මහනුවර ජනතාව මේ රජය බලයට ගෙනඑන්න බොහෝ දායකවුණා. එනිසා ඒ මිනිසුන් ගැන ටිකක් හිතන්න (නි)
ඔබවහන්සේ විරුද්ධ වෙන්නේ ජනතාව පැත්තෙන් ජනතා බලාපොරොත්තුවකට. ඔය අවට තිබෙන බාර් ටික වහන්න. රේස් යනවිට ජනතාවට දැනෙන බලපෑමක් රජයට කළේ නැහැ නේද? ඔය පාර වැහුවේ මෑතකදී. කොටි ප්‍රහාර නිසා. ඊට පෙර ඉතිහාසය පුරා ඔය පාර භාවිතයට ගත්තා. ඉතිහාසයේ සිදුනොවුණු අගෞරවයක් දැන් සිදුවන්නේ කොහොමද? (නි)
ලැබෙන ආධාර වලින් සියලු පහසුකම් සහිත තව බෞද්ධ පාසල් කීපයක් හදන්න පුලුවන් නම් හොඳයි (නි)
හැමෝම වාහන වලින් නොගිහින් පයින් ගිහින් ආදර්ශමත් වුණානම් හොඳයි නේද? (නි)
මෙම ප්‍රශ්ණයෙදි නුවර ඉන්න අයගේ අදහස් වැදගත්. මම නුවරින් පිට හිටියත් මම දැකලා තියෙනවා වැව වටේ යන්න කොච්චර අමාරුද කියලා (නදී)
පාර පැත්තකින් තියන්නකෝ. දැන් මාලිගාව ඉස්සරහ කාර් රේස් යනකොට, සංදර්ශන තියනකොට ඔය පාර විවෘත කිරීමට විරුද්ධ වෙන කට්ටිය එක වචනයක් වත් කිව්වද? ඒවා කමක් නැහැ. කලින් ලොක්කා ඇවිත් මේ පාර විවෘත කරනවා කිව්වා නම් සාධු කාරයක් දීල හා හා හා කියාවි. (නදී)
බෞද්ධයන් හැටියට අපි ලෝක උරුම ලෝක පුජිත දළදාව ආරක්ෂා කර ගත යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ.මෙය බෞද්ධයන්ගේ පමණක් නොව ලාංකික අප සැමගේ උරුමයක්.ගෞරවයක්. මාලිගාව හරහා වාහන ගමනාගමනය තුලින් පාරිසරික හා දිගුකාලින පැවැත්මට යම් බලපෑමක් වන බවට වන තර්කත් බැහැර කරන්නත් බැහැ. එසේනම් විකල්ප මාර්ග හා නව මාර්ග කෙරෙහි අවධානය යොමු කල යුතු වෙනවා. ද්විත්ව දුම්රිය මාර්ගයත් හොද යෝජනාවක්.(නදී)
මහනුවර කියන්නේ වායු දුෂණය ඉතාමත්ම පහසුවෙන් බිලිවෙන නගරයක්. කඳු වලින් වටවෙලා තියෙන්නේ. මේ නගරයට පා ගමන් කරුවන්ගේ නගරයක් කරන්න පුළුවන් නම් හොදයි. (ර)
මේ පාර වසා දැමීම ශ්‍රී දළදා සමිඳුන්ට ලොකු ආරක්ෂාවක්. (ර)
ඔය යන විදීහම හොඳයි. බුද්ධාගම අදහන අපිට මුදුන් මල්කඩ අපේ දළදා සමීදු එ්ක නිසා හොඳට හිතන්න (බ)
ඔය යන විදීහම හොඳයි. බුද්ධාගම අදහන අපිට මුදුන් මල්කඩ අපේ දළදා සමීදු එ්ක නිසා හොඳට හිතන්න (බ)
පොලිස්පති තුමාට නිකන්ම හිතෙන්න ඇති මේ පාරත් අරියනම් හොඳය කියල. (අ)