බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධියට වම් පසින් පසුගිය ඉරිදා (07) අලුයම 5.25ට පිපිරිමට මොහොතකට කළින් වයස අවුරුදු 25 කොල්ලකු හා කෙල්ලක පාරේ ගමන් කරමින් සිටි බව බුද්ධගයා මහා බෝධි විහාරයේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇත.
බෝම්බ පිපිරෙද්දී එහි සිටි පිරිස් ඉවක් බවක් නැතිව පණ බේරා ගැනීමට දිවු බවද එම වීඩීයෝවල සටහන් වී ඇත.
කොල්ලා සහ කෙල්ල එම පිපිරීමත් සමඟ මදක් පාරේ නැවතී පිපිරීමෙන් පසු දිවු බවද එම වීඩීයෝ දර්ශන වල සටහන්ය.
අවුරුදු 30 ක පමණ තවත් මිනිසකු මහා බෝධි විහාරයට ඇතුළු වී පිපිරීම සුදු වු ස්ථානයට ගොස් කඩිනමින් ආපසු හැරී ගිය බවද තවත් දර්ශනයකින් පෙන්නුම් කරයි.
දෙවැනි පිපිරුමේ ශබ්ධයද විඩීයෝවේ සටහන් වී ඇත.එම පිපිරීම සිදු වුයේ මහා බෝධියට මීටර් 50 ක් ඇතින් වු රත්නගිරි විහාරයේය. තාරා දේවී පන්සලේ තෙවැනි පිපිරීමෙන් ඝන දුම්රොටු ඉහළට ගිය හැටි බොහෝ වන්දනාකරුවන් පණ බේරා ගැනීමට දිවු සැටිත් තවත් දර්ශන වලින් දැක්වේ.
ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ආරක්ෂිත කැමරා දහසයෙන් න් පහළොවක්ම හොදින් ක්‍රියාත්මක වු බව එම කැමරා භාර අර්වින්සිං කියයි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධගයා ප්‍රහාරයට කළින් කොල්ලෙක් හා කෙල්ලෙක් පැන යති
නිමල් Monday, 08 July 2013 05:31 PM
සිංහලයේ මිනි කිරුල... දුටු ගැමුණු මහා රජතුමා බාවනා කලා නම් අද සිංහල ජාතියක් සිංහල රටක් රුවන්වැලි සෑය වැනි පුජනිය වස්තු අද මේ සිංහල රටේ තියේවිද? ඒක නිසා අංජන මහත්තයෝ, ඔබතුමා ධර්මයේ හැසිරෙන්න. අපි නම් මෙවැනි තත්වයක් මේ රටේ උදා වුනොත් නිකන් ඉන්නේ නැහැ. (දී)
සංජු Monday, 08 July 2013 05:43 PM
ඕවයේ ප්‍රතිපල ලගදීම ඉන්දියාවට බලාගන්න පුළුවන් වෙයි (දී)
ලලිත් Tuesday, 09 July 2013 11:23 AM
ආසියාවේ බලවතා කියලා පුරසාරම් හිතා ඉන්න ඉන්දියාවට ස්වබාවික විපතකින්ම මේ කරපු කුමන්ත්‍රණයේ පල විපාක අපිටත් ලගදීම දැක ගන්න පුලුවන් වේවි. (නි)
අමිල Monday, 08 July 2013 04:15 PM
මේවා කල අය සහ අනුමත කල අයට ළඟදීම විපාක ලැබෙනවා.(නදී)
රොෂාන් Monday, 08 July 2013 04:18 PM
කෙල්ල රජිව් ගන්දිට වැඩේ දුන්න කෙනාගේම එක්කෙනෙක්ද දන්නේ නැහැ. (නදී)
ප්‍රසංක Monday, 08 July 2013 04:28 PM
සීසීටීවී කැමරා අපේ කටු ගෙදර වගේ වැඩ නොකළා නම්.... (දී)
අංජන Monday, 08 July 2013 04:29 PM
කලබල වෙන්නේ නැතුව ධර්මයේ හැසිරෙන්න. මේවට ස්වාබහව ධර්මයෙන්ම ප්‍රති විපාක විදින්නට සිදුවෙනවා ඇත. අපි දන්නා බුද්ධ ධර්මයේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ. (නදී)
දිවිදු Monday, 08 July 2013 04:35 PM
ඔය අයගේ පරම්පරාවලටත් ඩොලර් හම්බවෙනවා. පවු ගෙවන්නේ පස්සෙනේ. ලෝකේ වෙන දේවල් ඇස් ඇරලා බලන්න.(නදී)
චන්ද්‍රසිරි Tuesday, 09 July 2013 01:15 PM
එච්චර හොදට ප්ලෑන් කරනකම් ඉන්දියාවේ ආරක්ෂක අංශ බුදියගෙනද හිටියේ ? (නි)