බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධියට වම් පසින් පසුගිය ඉරිදා (07) අලුයම 5.25ට පිපිරිමට මොහොතකට කළින් වයස අවුරුදු 25 කොල්ලකු හා කෙල්ලක පාරේ ගමන් කරමින් සිටි බව බුද්ධගයා මහා බෝධි විහාරයේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇත.
බෝම්බ පිපිරෙද්දී එහි සිටි පිරිස් ඉවක් බවක් නැතිව පණ බේරා ගැනීමට දිවු බවද එම වීඩීයෝවල සටහන් වී ඇත.
කොල්ලා සහ කෙල්ල එම පිපිරීමත් සමඟ මදක් පාරේ නැවතී පිපිරීමෙන් පසු දිවු බවද එම වීඩීයෝ දර්ශන වල සටහන්ය.
අවුරුදු 30 ක පමණ තවත් මිනිසකු මහා බෝධි විහාරයට ඇතුළු වී පිපිරීම සුදු වු ස්ථානයට ගොස් කඩිනමින් ආපසු හැරී ගිය බවද තවත් දර්ශනයකින් පෙන්නුම් කරයි.
දෙවැනි පිපිරුමේ ශබ්ධයද විඩීයෝවේ සටහන් වී ඇත.එම පිපිරීම සිදු වුයේ මහා බෝධියට මීටර් 50 ක් ඇතින් වු රත්නගිරි විහාරයේය. තාරා දේවී පන්සලේ තෙවැනි පිපිරීමෙන් ඝන දුම්රොටු ඉහළට ගිය හැටි බොහෝ වන්දනාකරුවන් පණ බේරා ගැනීමට දිවු සැටිත් තවත් දර්ශන වලින් දැක්වේ.
ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ආරක්ෂිත කැමරා දහසයෙන් න් පහළොවක්ම හොදින් ක්‍රියාත්මක වු බව එම කැමරා භාර අර්වින්සිං කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයේ මිනි කිරුල... දුටු ගැමුණු මහා රජතුමා බාවනා කලා නම් අද සිංහල ජාතියක් සිංහල රටක් රුවන්වැලි සෑය වැනි පුජනිය වස්තු අද මේ සිංහල රටේ තියේවිද? ඒක නිසා අංජන මහත්තයෝ, ඔබතුමා ධර්මයේ හැසිරෙන්න. අපි නම් මෙවැනි තත්වයක් මේ රටේ උදා වුනොත් නිකන් ඉන්නේ නැහැ. (දී)
ඕවයේ ප්‍රතිපල ලගදීම ඉන්දියාවට බලාගන්න පුළුවන් වෙයි (දී)
ආසියාවේ බලවතා කියලා පුරසාරම් හිතා ඉන්න ඉන්දියාවට ස්වබාවික විපතකින්ම මේ කරපු කුමන්ත්‍රණයේ පල විපාක අපිටත් ලගදීම දැක ගන්න පුලුවන් වේවි. (නි)
මේවා කල අය සහ අනුමත කල අයට ළඟදීම විපාක ලැබෙනවා.(නදී)
කෙල්ල රජිව් ගන්දිට වැඩේ දුන්න කෙනාගේම එක්කෙනෙක්ද දන්නේ නැහැ. (නදී)
සීසීටීවී කැමරා අපේ කටු ගෙදර වගේ වැඩ නොකළා නම්.... (දී)
කලබල වෙන්නේ නැතුව ධර්මයේ හැසිරෙන්න. මේවට ස්වාබහව ධර්මයෙන්ම ප්‍රති විපාක විදින්නට සිදුවෙනවා ඇත. අපි දන්නා බුද්ධ ධර්මයේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ. (නදී)
ඔය අයගේ පරම්පරාවලටත් ඩොලර් හම්බවෙනවා. පවු ගෙවන්නේ පස්සෙනේ. ලෝකේ වෙන දේවල් ඇස් ඇරලා බලන්න.(නදී)
එච්චර හොදට ප්ලෑන් කරනකම් ඉන්දියාවේ ආරක්ෂක අංශ බුදියගෙනද හිටියේ ? (නි)