IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බුද්ධගයා දම්පල් හළ නොවැම්බර නවය විවෘත වේ

ඉන්දියාවේ  බිහාර් ප්‍රාන්තයේ  බුද්ධගයාවේ  අනගාරික ධර්මපාල ගුණානුස්මරණ ශාලාව උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ  මහා නායක හා  මල්වතු පර්ශවයේ අනුනායක  නියංගොඩ විජිතසිරි නාහිමි වරුන්ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 9 වැනිදා උදේ 9 ට වීවෘත කිරීම නියමිතය.

බුද්ධගයාවේ වාර්ෂික කඨින පිංකමද නොවැම්බර 8 හා 10 යන දිනයන්හිදී පැවැත්වේ.

භාරත සංඝනායක  ඉන්දියා මහා බෝධි සමාගමේ  මහ ලේකම්  ආචාර්ය දොඩංගොඩ රේවත නා හිමියන්ගේ හා බුද්ධගයා මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන්ගේ අනුශාසන පරිදි  කොළඹ සීමා සහිත සෙන්ට්‍රල් බෙයාරිංග්ස් සමාගමේ ප්‍රධානී සුදත් තෙන්නකෝන් මහතා සන්ධ්‍යා තෙන්නකෝන්  මහත්මිය ද අතුළු දු දරුවන්ගේ ද ධන පරිත්‍යාගයෙන් මෙම මන්දිරය ඉදි විය.

බුදු සසුනේ සේවය වෙනුවෙන් ධර්මාශෝක, කනිෂ්ක  ගුප්ත ආදී රජවරුන්ගේ  සේවයෙන් පසු  දඹදිවට විශාල සේවයක් කැර ඇත්තේ අනගාරික ධර්මපාල තුමා විසිනි.

වසර සීයයක් බුදු සසුනට අයිතිකරුවකු නොමැතිව සිටි අවස්ථාවේදී  දඹදිව සියළුම මිත්‍යාදෘෂ්ඨිකයන් අතට පත් වි වල් බිහි වෙමින් තිබු යුගයක  බරණැස ඉසිපතන මිගදායේ  බුද්ධගයාව ආදී තැන්වලට ගොස්  තම ජිවිතය පරදුවට තබා  එකි සිද්ධස්ථාන නැවත ලෝකවාසී ජනතාවට නිදහසේ වැඳ පුදා ගැනීමට  ජීවිතය කැප කළ එකම සිංහල වීරයා අනගාරික ධර්මපාලතුමා යැයි කිව හැක.

 එතුමා දඹදිවට කළ මෙහෙයට උපහාර  වෙනුවෙන්  ඉන්දියාවේ කල්කටාවේ  ධර්මපාල මාවත මෙන්ම  කල්කටා විශ්ව විද්‍යාලයයේ ඉදිරිපිට කිරිගරුඩෙන් තැනු සම්පුර්ණ පිළිමයක්ද තැන්පත් කැර ඇත.

බරණැස  මිගදායේ ප්‍රධාන මාර්ගයක්ද  අනගාරික ධර්මපාල මාවත නමින් නම් කැර ඇත.

(මෙම ශාලාව අද (9) විවෘත කරන බවට මෙම වෙබ් අඩවියේ  පළ වුයේ ප්‍රමාද දෝෂයකිනි )

 

 

 



අදහස් (0)

බුද්ධගයා දම්පල් හළ නොවැම්බර නවය විවෘත වේ

රාජා ගල්ගමුව Tuesday, 08 October 2013 04:04 PM

සම් බුද්ධ ශාසනය ආරක්‍ෂා වේවා!!!!!!!!!!!!.බොහෝම පිං සිදුවන දෙයක්. (ස)

:       0       0

නිමල් Wednesday, 09 October 2013 09:14 AM

අති ගෞරවනිය මහනායක හිමියන් කර ඇත්තේ ඉතාමත් උතුම් වැඩක්. ඒ වගේම ලංකාවට සැපත් වීමෙන් පසු විනාශ වී ඇති වෙහෙර විහාර ටික සැදීමටත්, රැක ගැනීමටත් ඉදිරියට කටයුතු කරන සේක්වා! (නි)

:       0       0

සන්ද Tuesday, 08 October 2013 04:22 PM

හොඳ වැඩක්. ලොකු පිනක්.(නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 08 October 2013 05:35 PM

අපේ අති උතුම් දම්පල්තුමා නොසිටින්න බුදුන්ගේ දේශය කියා අපිට වදින්න පුදන්න තැනත් නොමැති වෙන්නත් තිබුණා (නි)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 08 October 2013 07:40 PM

අති උතුම් යන වචනයෙන්ම ඇමතීමට සුදුසුකම් ඇති ගෞවරනීය අනගාරික ධර්මපාලතුමාට එදා හිටපු වසල කලුසුද්දෝ මෙතුමාට නොයෙකුත් නින්දා අපහාස කළා. ඒ ලේ පරම්පරාවේ අය තාම ඉන්නවා.නිදාගෙන හිටි සිංහල බෞද්ධයාව අවදි කළ මෙතුමාගේ ශ්‍රී නාමය සදා අමරණීයයි. (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 08 October 2013 07:50 PM

මම මේකට ගිහිල්ලත් තියෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site