ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ අනගාරික ධර්මපාල ගුණානුස්මරණ ශාලාව උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හා මල්වතු පර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි වරුන්ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 9 වැනිදා උදේ 9 ට වීවෘත කිරීම නියමිතය.
බුද්ධගයාවේ වාර්ෂික කඨින පිංකමද නොවැම්බර 8 හා 10 යන දිනයන්හිදී පැවැත්වේ.
භාරත සංඝනායක ඉන්දියා මහා බෝධි සමාගමේ මහ ලේකම් ආචාර්ය දොඩංගොඩ රේවත නා හිමියන්ගේ හා බුද්ධගයා මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන්ගේ අනුශාසන පරිදි කොළඹ සීමා සහිත සෙන්ට්‍රල් බෙයාරිංග්ස් සමාගමේ ප්‍රධානී සුදත් තෙන්නකෝන් මහතා සන්ධ්‍යා තෙන්නකෝන් මහත්මිය ද අතුළු දු දරුවන්ගේ ද ධන පරිත්‍යාගයෙන් මෙම මන්දිරය ඉදි විය.
බුදු සසුනේ සේවය වෙනුවෙන් ධර්මාශෝක, කනිෂ්ක ගුප්ත ආදී රජවරුන්ගේ සේවයෙන් පසු දඹදිවට විශාල සේවයක් කැර ඇත්තේ අනගාරික ධර්මපාල තුමා විසිනි.
වසර සීයයක් බුදු සසුනට අයිතිකරුවකු නොමැතිව සිටි අවස්ථාවේදී දඹදිව සියළුම මිත්‍යාදෘෂ්ඨිකයන් අතට පත් වි වල් බිහි වෙමින් තිබු යුගයක බරණැස ඉසිපතන මිගදායේ බුද්ධගයාව ආදී තැන්වලට ගොස් තම ජිවිතය පරදුවට තබා එකි සිද්ධස්ථාන නැවත ලෝකවාසී ජනතාවට නිදහසේ වැඳ පුදා ගැනීමට ජීවිතය කැප කළ එකම සිංහල වීරයා අනගාරික ධර්මපාලතුමා යැයි කිව හැක.
එතුමා දඹදිවට කළ මෙහෙයට උපහාර වෙනුවෙන් ඉන්දියාවේ කල්කටාවේ ධර්මපාල මාවත මෙන්ම කල්කටා විශ්ව විද්‍යාලයයේ ඉදිරිපිට කිරිගරුඩෙන් තැනු සම්පුර්ණ පිළිමයක්ද තැන්පත් කැර ඇත.
බරණැස මිගදායේ ප්‍රධාන මාර්ගයක්ද අනගාරික ධර්මපාල මාවත නමින් නම් කැර ඇත.
(මෙම ශාලාව අද (9) විවෘත කරන බවට මෙම වෙබ් අඩවියේ පළ වුයේ ප්‍රමාද දෝෂයකිනි )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම් බුද්ධ ශාසනය ආරක්‍ෂා වේවා!!!!!!!!!!!!.බොහෝම පිං සිදුවන දෙයක්. (ස)
අති ගෞරවනිය මහනායක හිමියන් කර ඇත්තේ ඉතාමත් උතුම් වැඩක්. ඒ වගේම ලංකාවට සැපත් වීමෙන් පසු විනාශ වී ඇති වෙහෙර විහාර ටික සැදීමටත්, රැක ගැනීමටත් ඉදිරියට කටයුතු කරන සේක්වා! (නි)
හොඳ වැඩක්. ලොකු පිනක්.(නදී)
අපේ අති උතුම් දම්පල්තුමා නොසිටින්න බුදුන්ගේ දේශය කියා අපිට වදින්න පුදන්න තැනත් නොමැති වෙන්නත් තිබුණා (නි)
අති උතුම් යන වචනයෙන්ම ඇමතීමට සුදුසුකම් ඇති ගෞවරනීය අනගාරික ධර්මපාලතුමාට එදා හිටපු වසල කලුසුද්දෝ මෙතුමාට නොයෙකුත් නින්දා අපහාස කළා. ඒ ලේ පරම්පරාවේ අය තාම ඉන්නවා.නිදාගෙන හිටි සිංහල බෞද්ධයාව අවදි කළ මෙතුමාගේ ශ්‍රී නාමය සදා අමරණීයයි. (නි)
මම මේකට ගිහිල්ලත් තියෙනවා (නි)