IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බුද්ධාගම රකින්න කුළුනට නගී

බුදු දහමට හානි වන අයුරින් බුදු හිමියන්ගේ පින්තූර සහ දේව පින්තූර මුද්‍රණය කිරීම වැළැක්වීමට ක්‍රියාකරන්නැයි ඉල්ලමින් යූ.ඩී. සුගත් මහතා පේරාදෙණියේ කුළුනක් මත නැගී උපවාසයක් අරඹා ඇත.

මීට පෙරද ඔහු මහනුවර වැව රවුමේ ගසක් මත නැගී මෙයට විසඳුමක් ඉල්ලමින් විරෝධතාවයක් පැවැත්වූ අතර මහ නායක හිමිවරුන් ඇතුළු පිරිස මේ සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගන්නා බවට පොරොන්දු වුවද තවමත් ජනාධිපතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බව ඔහු කියයි.

තමාගේ ඉල්ලීම ඉටුවන තුරු මේ ක්‍රියාමාර්ගය නොනවත්වන බවද ඔහු කියා සිටී.

 



අදහස් (0)

බුද්ධාගම රකින්න කුළුනට නගී

රජීව් Thursday, 04 December 2014 11:07 AM

අනිවාර්යෙන්ම නැවැත්විය යුතු දෙයක් .(හේ)

:       0       0

දයා අළහකෝන් Thursday, 04 December 2014 12:52 PM

සමහරු නම් ඉතින් ප්‍රසිද්ධිය ලබාගන්නත් මෙහෙම කරනවානේ අද කාලේ (නි)

:       0       0

රොකී Thursday, 04 December 2014 01:10 PM

බුද්ධාගම රකින්න කවුරුවත් ඕනෑ නැහැ. මම හිතන විදියට බුද්ධ ධර්මය දැන් ලේඛනගත වෙලා තිබෙන නිසා නැතිකරන්න බැහැ. හැබැයි ඉතින්, බුද්ධ ධර්මය අනුව ජීවත්වෙන මිනිස්සු තමයි බොහොම හිඟ. අපි බොහොම දෙනා නිකන් නමින් බෞද්ධයෝ විතරයි. (නි)

:       0       0

චාන්දනී කළුපෙරුම Thursday, 04 December 2014 01:12 PM

ප්‍රතිචාර දමන බොහෝ බෞද්ධයින් , පිළිම වලට පින්තූර වලට වඳිනවා මිස, බෞද්ධ ප්‍රතිපත්ති හෝ දර්ශනය අනුව ජීවත්වන අය නොවේ කියලයි හිතෙන්නේ. අද පිළිම පින්තූර ආරක්ෂා කරනවට වඩා නිර්මල බෞද්ධ දර්ශනය රැකගැනීම සහ ඒ අනුව ජිවත්වීම කළයුතු දෙයක් (නි)

:       0       0

චමිල් Friday, 05 December 2014 01:10 AM

පන්සල් වල හිමියන් අද දේශපාලන වේදිකා උඩ. බුද්ධාගම වෙනුවෙන් මිනිසුන් කුළුනු උඩ. රට හැමතැනම එළිවෙනතුරු පිරිත් ගොඩ.අනේ මන්දා ලංකාවම කොට උඩ. (නි)

:       0       0

සාරංග Thursday, 04 December 2014 09:38 AM

මේ වගේ දේකට ගස් නැගලා වැඩක් නෑ.බොරු වැඩ.(හේ)

:       0       0

කුමාරි Thursday, 04 December 2014 01:15 PM

පන්සල්වල ඉන්න හාමුදුරුවරු දේශපාලන වේදිකා උඩ.මේ මනුස්සයා කුළුන උඩ. අනේ මන්දා! (නි)

:       0       0

කුමාර් Thursday, 04 December 2014 09:48 AM

බුද්දාගම රකින්න ගස් උඩ නැගලා හරියන්නේ නෑ, (හේ)

:       0       0

ලුම්බිණි Thursday, 04 December 2014 09:54 AM

මානසික ප්‍රතිකාර අවශ්‍ය බවකුයි පෙනෙන්නේ. (නදී)

:       0       0

සල්ගාදු - ප්‍රන්සය Thursday, 04 December 2014 10:09 AM

බුදු දහම රැකිමට ඕවා කරලා හරියන්නේ නෑ. බුදු දහමට අනුව ජීවත්වනවා මිසක. පින්තුර වලට වදිනවට වඩා. බෞද්ධ ප්‍රතිපත්ති රකිමින් ජිවත් වන එකයි බුදුන් පැවසුවේ. ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව උතුම් කියා බුදුන් දේශනාකර තියෙන්නේ. (ර)

:       0       0

දුලානි Thursday, 04 December 2014 10:12 AM

අපේ රටේ ඔහොම කලේ නැත්නම් බලන්නේ නෑනේ කවුරුත්.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 04 December 2014 02:50 PM

බුදු දහම රැකීමට කල හැකි මහඟුම කාර්යය නම් තමා එම දම් පිළිවෙත් අනුව ජීවත් වීමයි. (ර)

:       0       0

ආසිරි Thursday, 04 December 2014 03:10 PM

මේ වගේ වැඩ කරලා තේරුමක් තියෙනවාද?(හේ)

:       0       0

ශෙනුක Thursday, 04 December 2014 10:40 AM

මේක වියයුත්තක්. මේ මනුස්සයාගේ ඉල්ලීම සාධාරණයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site