බුදු දහමට හානි වන අයුරින් බුදු හිමියන්ගේ පින්තූර සහ දේව පින්තූර මුද්‍රණය කිරීම වැළැක්වීමට ක්‍රියාකරන්නැයි ඉල්ලමින් යූ.ඩී. සුගත් මහතා පේරාදෙණියේ කුළුනක් මත නැගී උපවාසයක් අරඹා ඇත.
මීට පෙරද ඔහු මහනුවර වැව රවුමේ ගසක් මත නැගී මෙයට විසඳුමක් ඉල්ලමින් විරෝධතාවයක් පැවැත්වූ අතර මහ නායක හිමිවරුන් ඇතුළු පිරිස මේ සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගන්නා බවට පොරොන්දු වුවද තවමත් ජනාධිපතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බව ඔහු කියයි.
තමාගේ ඉල්ලීම ඉටුවන තුරු මේ ක්‍රියාමාර්ගය නොනවත්වන බවද ඔහු කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම නැවැත්විය යුතු දෙයක් .(හේ)
සමහරු නම් ඉතින් ප්‍රසිද්ධිය ලබාගන්නත් මෙහෙම කරනවානේ අද කාලේ (නි)
බුද්ධාගම රකින්න කවුරුවත් ඕනෑ නැහැ. මම හිතන විදියට බුද්ධ ධර්මය දැන් ලේඛනගත වෙලා තිබෙන නිසා නැතිකරන්න බැහැ. හැබැයි ඉතින්, බුද්ධ ධර්මය අනුව ජීවත්වෙන මිනිස්සු තමයි බොහොම හිඟ. අපි බොහොම දෙනා නිකන් නමින් බෞද්ධයෝ විතරයි. (නි)
ප්‍රතිචාර දමන බොහෝ බෞද්ධයින් , පිළිම වලට පින්තූර වලට වඳිනවා මිස, බෞද්ධ ප්‍රතිපත්ති හෝ දර්ශනය අනුව ජීවත්වන අය නොවේ කියලයි හිතෙන්නේ. අද පිළිම පින්තූර ආරක්ෂා කරනවට වඩා නිර්මල බෞද්ධ දර්ශනය රැකගැනීම සහ ඒ අනුව ජිවත්වීම කළයුතු දෙයක් (නි)
පන්සල් වල හිමියන් අද දේශපාලන වේදිකා උඩ. බුද්ධාගම වෙනුවෙන් මිනිසුන් කුළුනු උඩ. රට හැමතැනම එළිවෙනතුරු පිරිත් ගොඩ.අනේ මන්දා ලංකාවම කොට උඩ. (නි)
මේ වගේ දේකට ගස් නැගලා වැඩක් නෑ.බොරු වැඩ.(හේ)
පන්සල්වල ඉන්න හාමුදුරුවරු දේශපාලන වේදිකා උඩ.මේ මනුස්සයා කුළුන උඩ. අනේ මන්දා! (නි)
බුද්දාගම රකින්න ගස් උඩ නැගලා හරියන්නේ නෑ, (හේ)
මානසික ප්‍රතිකාර අවශ්‍ය බවකුයි පෙනෙන්නේ. (නදී)
බුදු දහම රැකිමට ඕවා කරලා හරියන්නේ නෑ. බුදු දහමට අනුව ජීවත්වනවා මිසක. පින්තුර වලට වදිනවට වඩා. බෞද්ධ ප්‍රතිපත්ති රකිමින් ජිවත් වන එකයි බුදුන් පැවසුවේ. ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව උතුම් කියා බුදුන් දේශනාකර තියෙන්නේ. (ර)
අපේ රටේ ඔහොම කලේ නැත්නම් බලන්නේ නෑනේ කවුරුත්.(හේ)
බුදු දහම රැකීමට කල හැකි මහඟුම කාර්යය නම් තමා එම දම් පිළිවෙත් අනුව ජීවත් වීමයි. (ර)
මේ වගේ වැඩ කරලා තේරුමක් තියෙනවාද?(හේ)
මේක වියයුත්තක්. මේ මනුස්සයාගේ ඉල්ලීම සාධාරණයි.(හේ)