වයඹ පළාතේ පාසල්වලට අද (23) පැවැති ප්‍රථම වාර පරීක්ෂණය සඳහා වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබාදී ඇති 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගැටළුවක් ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
‘තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා පිං පොතෙහි සටහන් කර තබමින් මරණාසන්න මෙහොතේදී එය කියවා බලා තමන් විසින් නිර්මාණය කරන ලද විහාර කර්මාන්තය දෙස බලා අවසන් හුස්ම හෙළන ලද පරසතුරන්ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයා වූයේ කවුද?‘ යන්න එහි තිබූ ප්‍රශ්නයකි.
එහි වූ පිළිතුරු හතර වූයේ
1. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
2. ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන
3. දුටුගැමුණු මහ රජතුමා
4. මහා පරාක්‍රමබාහු රජතුමා යන්නය.
මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න පත්‍රය හදපු කට්ටියගේ ඔළුව පොඩ්ඩක් අත ගාලා බලන්න. සමහර විට මුකුත් අහුවේවි.(කෞ)
ළමයින්ට දෙයියන්ගේම පිහිටයි (අ)
මරණාසන්න මොහෙතේදී කියල කියනකොට හලපු නැති පළමු උත්තරේ කොල්ලෝ ටික අර ශ්‍රේෂ්ට පාලකයා කියල දැක්ක ගමන් ගමන් හැලුවලු. (අ)
අනේ අම්මපා ප්‍රශ්න පත්‍ර හදන්නේ මොනවගේ අයද කියලයි හිතාගන්න බැරි (නි)
රජවරුන් දෙදෙනාගේ නම් ඉවත් කරලා ඉතිරි පිළිතුරු දෙකට අදාලව ප්‍රශ්නය නිර්මාණය වෙන්න තිබුනේ ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජවරුන් විකුණාකමින් හා නැති ගුණ ගැයීමට වන්දිභට්ටයන් ළඟ තබාගනිමින් රටේ දේපළ හා මුදල් කොල්ල කා මාතෘභූමිය උකසට තබා නැවත රජවෙන්නට වෙර දරන කෙනා කවුද? (අ)
මෙහි ඉන්න සමහර රජවරු කරපු පින් ලිය ඇත්තේ පින්පොතෙහි නොව අලි පොතේය (අ)
දුමින්ද ප්‍රශ්න පත්‍රය හදපු අයගේ උත්තරේ අංක එක, නමුත් ඉතිහාසයට අනුව නියම නිවැරදි උත්තරේ අංක තුන ,අනේ හැබැට මෙහෙම විහිලු කලේ රජකාලේ අන්දරේ , මහින්ද ගේ කාලේ නම් මර්වින් සිල්වා (අ)
හිරිකිතයි වැඩේටනම්. අධ්‍යාපනය භාරව ඉන්න උන්දැලටනම් බාගෙට පිස්සු. අනික දුටුගැමුණු පැරකුම් වැනි රජවරුන්ට කළ අවමානයක් මේක. (බ)
හැබැටම මොකද මහින්දගේ නමටත් මෙච්චර බය. ජනතා බහුතරය පිළිගන්නේ එයාව නිසා නේද? (අ)
පලවෙනි උත්තර දෙකම දේශපාලනයත් එක්ක යන ඒවා .සමහර මේකේ අදහස් දාන අයත් ඒකපාර්ශවික දේශපාලන අදහස් දරන මිනිස්සු බව අදහස් කියවද්දිම තේරෙනවා . (බ)
අහන්න තිබුනේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදලින් සැදැතියන්ට සිල් රෙදි බෙදා දුන් ශ්‍රේෂ්ඨයා කවුද කියලා. (ම)
මෙහෙම උත්තර දාන්න ඇත්තේ පොඩි 'වෙනසකට 'වෙන්නැති . (බ)
මේක මහින්ද වාදියෙක්ගේ වැඩක් බව පේනවා. නමුත් මරණාසන්න මොහෙතේදී කියන එක කවුරු වුණත් මහින්ද මහත්තයාට කළ අගෞරවයක්. වෙන රජවරු හිටියෙම නැද්ද දාන්න. ඔන්න කට්ටියගේ හැටි (බ)
මෙය මහා මෝඩ ප්‍රශ්නයක්. මරණ මොහොත ගැන කියන්න පණපිටින් ඉන්න මහින්දවත් සඳහන් කරලා. තනතුර නැතිවුණාට එතුමා තවම ජීවතුන් අතර! (නි)
මේකේ තියෙන කොමෙන්ට් අනුව ලංකාවේ මිනිස්සු වැඩි හරියක් තමන් ළග ජීවමානව ඉන්න මිනිහට පරිබ්‍රව කරලා, තමන් නොදැකපු මැරිච්ච මිනිස්සුන්ට ආවඩන අයනේ. මෙයාල ඉන්නේ මනෝ ලෝක වල.(බ)
දුටුගැමුණු, මහා පරාක්ක්‍රමබාහු වැනි රජවරුන්ගේ කාලවලත් එතුමන්ලාත් සමග බද්ධ වෛරයකින් පසුවූ අතැම් සිංහලයන් ( අද කාලේ හැටියට ලාංකිකයන් ) සිටි බව ඉතිහාසයේ සදහන් වෙනවා. ඉතින් පරසතුරන් ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස හිටපු ජනාධිපති තුමාව පිළිගන්න බැරි ලාංකිකයන් අදත් සිටීම පුදුමයක් නෙවෙයි. (බ)
මේක හදපු එවුන් රජයේ සේවයට ආවේ 1980 ජුලි වැඩවර්ජනය වෙලාවේ. එවකට හිටපු අධ්‍යාපන ඇමති තමයි පත්වීම් දුන්නේ. (බ)
ප්‍රශ්න අහල තියෙන්නේ වැරදියට (බ)
බෙන්තර මහේෂ් උත්තරය තමයි මෛත්‍රිපාල සිරිසේන.(බ)
වන්දිබට්ට කමට ප්‍රශ්න හදල උත්තර දීල (බ)
"මරණාසන්න මෙහොතේදී එය කියවා බලා ...... අවසන් හුස්ම හෙළන ලද" (බ)
ඉන්දික වගේ ඉතිහාසය කියන්නේ මොකක්ද නොදන්නා අය ඕන කෙනෙකුට වන්දනා මාන කළාට අපට කමක් නැහැ. නමුත් අපේ ශ්‍රේෂ්ට රජ දරුවන්ට අපහාස නොකර. (බ)
හරි උත්තරය කුමක්ද (අ)
අනේ මෙහෙමත් රටක් (අ)
මෙවැනි ප්‍රශ්න පත්‍ර හදා දරුවන්ගේ මොළ විකෘති කිරීමට සුදානම් වන අයත් විනයානුකුලව දඬුවම් දිය යුතු වෙනවා . (අ)
මෙය අපගේ උතුම් ඉතිහාසය පාවා දීමකි. ලංකාවේ දේශපාලකයෝ කිසි දිනක උතුම් වූ දුටුගැමුණු හා මහා පරාක්‍රම රජවරුන්ට සම කළ නොහැක.(ම)