අතේ බාහුවේ බුදුරුව පච්ච කොටා ඇති මේ විදේශිකයා බෞද්ධයෙකි. නම හෙළි කිරීමට අකමැති ඔහු කීවේ තමා බෞද්ධයකු බවත් බුදුන් වහන්සේට ගෞරව කිරීම සඳහා මෙම පච්චය කොටවා ගත් බවයි.
ගිය වසරේ මෙවැනි පච්චයක් බාහුවේ කෙටූ බ්‍රිතාන්‍ය හෙදියකට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදී කටුනායකදී ආපසු හරවා යැවීය. පසුව ශ්‍රී ලංකාව එම කාන්තාවගෙන් සමාව ගත්තේය.
පාලකයන් එම මෝඩකම මෙවර සිදු කළේ නැත.
(ඡායාරූපය - ජී.හෙට්ටිආරච්චි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ආගමික ස්ථානවල අවිහිංසාව කියාදෙන අතර වනසතුන් කොටුකරගෙන ඉන්නේ . මිනිසුන් කරන දේ කියන කියන දේ කරන අය නොවෙයිනේ. (අ)
කවුරු කොහොම කිවුවත් මේ වැඩේ මට නම් අනුමත කරන්න බැහැ.බුදුහිමියන්ට නොදෙවෙනි උත්තමයෙක් මෙතෙක් ලොව පහළවෙලා නැහැ. එවන් උත්තමයෙකුගෙ රුව ශරීරයෙ කොටාගත් පමණින් කිසිවකු සැබෑ බෞද්ධයෙකු වේද? අනික මේ අය බුදුරුව පච්ච කොටාගෙන සිල් ගන්නවද ? නැහැනේ. මවො පවු සිද්ධකරගන්න වැඩ. මේවාට වචනයකින්වත් අනුබල දෙන්න හොඳ නැහැ. මට බය අපේ අයටත් මේක බෝවෙයිද කියලා. (නි)
අපේ සමහරුන්ගේ නම් හක්කේ බුදුරැස් බොක්කේ මිනිමස්! (නි)
මේක නම් බොහොම නරක වැඩක්. මොකද කිව්වොත් යම් මනුෂ්‍ය කොට්ඨාශයක් අදහන ආගමක කිසිම දෙයක් පච්චයක් හැටියට කෙටීම සම්පූර්ණ වරදක් සහ පහත් වැඩක් ලෙස සැළකිය යුතුයි. (නි)
අරාබියට ගියා නම් තත්ත්වය වෙනස්වෙයි. ශරීරයේ කොටාගෙන මේවා තමන් අදහන ආගමට කරන අපහාසයක් විදියටයි මම නම් දකින්නේ. (නි)
මගේ අදහසට ගොඩක් අය එකඟ නොවේවි. මේ අය කළ එකත් වැරදියි. වෙන්න ඕනෑ බුදුරුව හිතේ කොටාගැනීම. එනම් උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීම හා ඒ අනුව ජීවත්වීම. නමුත් දැන් බහුතරය කරන්නේ බුදුදහම රකිනවා කියලා වෙහෙර විහාර හා පිළිම පමණක් රැකීම. මේක තමන් රවටාගැනීමක් පමණකි. (නි)
යමෙක් සත්‍ය වශයෙන්ම බුසුරජාණන් වහන්සේ සරණ ගියා නම් කිසිම විදියකට මේ වගේ කරන්නේ නැහැ. මොකද බුදුන් සරණ ගිය කියන්නේ ඒ පුද්ගලයා දහම් සරණත් ගියා කියන එකයි. (දිල්)
බුදු රුව කියන්නේ විලාසිතාවක් නෙවෙයි මේ ආකාරයට යෙදීම වැරදියි (දිල්)
අර ඉතාලි වල ඉන්න කෙනෙකුත් රූපයක් පිට පුරා කොටාගෙන තිබුනේ. දැන්නම් ඉතින් ලංකාවට ඇවිත් නාන්න වත් කමිසය ගලවන්න ලැබෙන්නේ නැහැ. ඉදිරියේදී ඔය රූපය දැක්කත් මිනිස්සුන්ගේ ලේ කෝප වෙනවා. (නදී)
මෙහෙම දෙයක් පළකරපු එක ඉතාම හොදයි.විවිධ මිනිස්සුන්ගේ ආගමික දැක්ම කොතරම් සුන්දරද? අපිට ඔනෑ මේ වගේ නිදහස් රටක්.(දිල්)
බොදුබල සේනා ස්වාමින් වන්සේලා මේක දැකලා නෑ වගේ.(නදී)
තමන් භක්තියක් නැතිනම් මැකිය නොහැකි පච්චයක් ඇඟේ කොටා ගන්නේ නැහැ. නැත්නම් ලංකාවේ මිනිස්සු හිටපු ජනාධිතිපතිගේ පච්චත් ඇඟේ කොටා ගනීවි. එහෙම කරන්නේ නැත්තේ භක්තියක් නැති හින්දා. (නදී)
ගමගේ මහත්මයානෙණි, ඔබේ අදහසට බොහෝ දෙනෙක් එකඟ වේවි. ලංකාවේ උපතින් බෞද්ධ වෙන අහට ප්‍රතිපත්තියෙනුත් බෞද්ධ විය හැකි නම් ඉතා අගනේ ය. (නදී)
මේකේ එතරම් වරදක් මම දකින්නේ නැහැ. ඔහුගේ භක්තියයි එයින් පිලිඹිඹු වෙන්නේ (නදී)
ඔහොම කොටා ගෙන මොන තරම් පවු කරනවා ඇද්ද ? (නදී)
ඇත්තටම භක්තියක් හෝ ගෞරවයක් නැති නම් ඇඟේ කොටා ගනීවිද? අපේ මිනිස්සු මෙහෙම දෙයක් දැක්ක ගමන් පුදුම බෞද්ධ කමකින් පිරිල ඉතිරිලා ගිහින් බුද්ධාගමේ මුර දේවතාවුන් බවට පත් වෙනවා. ඒත් පෝය දවසට පන්සල් යෑම කෙසේ වෙතත් මොන ලෝකෙකින් හරි බෝතලයක් සෙයා ගන්න තමයි ට්‍රයි කරන්නෙ. ඊලඟට බිබී, බුද්ධාගම ආරක්‍ෂා කරන එක ගැන තමා කතා කරන්නෙ (නදී)
ලංකාවේ මහා ලොකු බෞද්ධයන්ගේ කරේ බුදුරුව සහිත පෙන්ඩන්, ධර්මචක්‍ර එල්ලගෙන ඉන්නේ. මේකේ මට පේන කිසිම වරදක් නෑ.(නදී)
එෆ් බී එකවුන්ට් එකට බුදු රූප දාගෙන වෛරය පතුරවන අපේ ලොක්කෝ ඉන්න එකේ ගරුත්වයකට කොටා ගත්තම ඇති වරද මොකක්ද? (නදී)
කොටපු එක ,කොටපු නැති එක ගැන බලලා වැඩක් නැහැ.බෞද්ධකම තියෙන්න ඕනෑ හිතේ (නි)
මේකේ වැරැද්දක් නම් මම දකින්නේ නැහැ. එහෙත් පච්චය ගහගෙන වැරදි වැඩ කරන්න බැහැ (නි)
මගේ ප්‍රංශ යෙහෙළියකගේ නිවසේ බුදු පිළිම පනහකට වඩා තියෙනවා. එයා කියන්නේ එයාට වාසනාව උදාවෙන බව. ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමාව ඉතාම ලස්සන බව කියනවා. (අ)
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ආරක්ෂා කරන කොන්ද පන තියෙන පාලකයෝ නොවෙයිද දැන් ඉන්නේ.(නදී)
අපේ මිනිස්සුන්ගේ අදහස් තාම හරි පටුයි, පච්චයක් කෙටු පමණින් ඔහු හෝ ඇගේ ශ්‍රද්ධාව හෝ කුපාඩිකම මනින්න බෑ, බුද්ධදාස කියලා නම තියන කුකුල් මස් වෙලෙන්දෙක් ගැන මම දන්නවා,මේක අපිට වැදගත් දෙයක් වුණාට තව කාට හරි නිකම්ම පින්තුරයක් වෙන්න පුලුවන්,අපේ ශ්‍රද්ධාව පෙන්නන මෙවට විරුද්ද වෙලා හරියන්නේ නෑ,පංච ශිලයට අනුව ජිවත් වෙමු,මුල ධර්ම වාදි අදහස් නැතිව විවෘත මනසකින් ලෝකය දකිමු,හැම දේකම වැරදි හොයහොයා ඉන්න නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ (අ)
බුදු පිළිම, පන්සල් කඩ කඩා නිදන් හොයන පවු කාරයෝ ඉන්න මේ රටේ මේක ලොකු දෙයක් නෙවෙයි. විදේශිකයෙක් මෙහෙම් දෙයක් කරගෙන තියෙන්නේ නිකන් වෙන්න බෑ. අපේ බෞද්ධයන්ට වැඩිය භක්තියක් මේ මනුස්සයාගේ හිතේ ඇති. (අ)
රටින් රටට නීතිය වෙනස්. රටකට පැමිණෙන සංචාරකයා එම රටේ නීතියට යටත්වන අතර ඔහු නීතියට ගරුකළ යුතුය. (නි)
වැරැද්ද දේශීය විදේශීය කියල නෑ. වැරැද්ද වැරැද්දමයි. (අ)
සියල්ලන්ගේ අදහස් වලට ගරු කරන ගමන් ...මම නම් හිතන්නේ නැහැ ,ඔහු බෞද්ධයකු නිසා බුදුන් වහන්සේට ගෞරව කිරීම සඳහා මෙම පච්චය කොටවා ගත් බව කියන දේට , මෙහි වරදක් කියන්නෙත් නැහැ මොකද ,අපි අම්මා බුදු වේවා කියල පච්ච ගහ ගන්නවා ..කව්රුත් එකට දොසක් කියන්නේ නැහනේ, එහෙනම් ඉතින් එකත් වැරදියිනේ ..මොකද අම්මා තමයි අපේ ලෝකයේ ඇස් දෙකින් දකින්න පුළුවන් දෙවියෝ . (අ)
සමන්, ඔයාට වැරැද්දක් නොපෙනෙනවා නෙමෙයි. ඔයා මෙතන විරුද්ධ මතයක් දාලා ප්‍රසිද්ධ වෙන්න හදනවා (නි)
අපිට ලෝකය පාලනය කරන්න බෑ. ඒක ඒ අයගේ සංස්කෘතිය. මේක අපේ සංස්කෘතිය. පච්චයක් කෙටුවා කියල ඒ අය ආගමට අපහාසයක් කරලා නෑ. පච්ච කෙටුවේ නැතුවට අපේ අය මිට වඩා අපහස කරනවා ආගමට. (දිල්)
ගමගේත් සමඟ මම එකඟවෙනවා . බුදුහාමුදුරුවෝ කවදාවත් සුඛෝපභෝගී බව අගය කළේ නැහැ. අපේ මිනිස්සු පිළිම හදාගෙන, මාළිගාවල් වගේ පන්සල් හදාගෙන මේ කරන්නේ තමන්ම රවටාගැනීමක් (නි)
අනේ මන්දා මේවා! (නි)
මොනවා කළත් සුද්දෙක්නේ. සුදුඇත්තෝ කවදාකවත් වැරදි වැඩ කරලා නැහැ. ඒ දවස්වල අපේ රත්තරන් බුදුපිළිම එහෙම ඔය රටවලට අරගෙන ගිහින් තියෙන්නෙත් ඒවාට නියම ගෞරවය මෙහෙ පොළවට යටවෙලා තියනකොට නොලැබෙන නිසානේ. (නි)
මීට වැඩිය බුදු දහමට නිගා වෙන වැඩ ලංකාවේ සිද්ධ වෙන්නේ. උදේ හන්දියේ තොරණ ගහන්න ලක්ෂ ගානක් දීලා හවස සුළු සේවකයන්ගේ පඩි නඩි හරියට බේරන්නේ නැතිව ඔවුන්ගේ දහදිය මහන්සිය ගසා කනවා. (නදී)
නියමයි දිල්හාන් නියමයි (නදී)
මානම් මෙහි කිසිම වරදක් දකින්නේ නැහැ. අද බෞද්ධයෝ කියන අපේ මිනිසුන් හැසිරෙන්නේම දුරා චාරේ. මේ මිනිසුන් තව හොදයි (නදී)
පච්චයේ අයිතිය ඔහුට මිස අපගේ නොවන නිසා මේ ගැන අප කලබල විය යුතු නැත. (නදි)
කර්මය යනු ක්‍රියාව නොව චේතනාවයි. මෙම පච්චය කොටා ගත්තේ ගෞරවයකින් නම් එහි වරදක් මම නොදකියි. මෙම පච්චයම කොටාගත්තේ අපහාස කිරීමට නම් එය වරදකි. මෙම කාරණය නිසා, මේ ක්‍රියාවේ නිවැරදි හෝ වැරදි බව, පිටතින් බලා තීරණය නොකළ යුතුයි. එය තීරණය කල හැක්කේ මෙම ක්‍රියාව කල පුද්ගලයාගේ හදවතටයි. (නදී)
මොනවා කීවත් ඒ අයගේ භක්තියනේ (නදී)
හරියටම ඕක බුදු රුවක් කියන්නේ කොහොමද? (නදී)
ආගමික ශාස්තෘවරයෙක් වන බුදුන් වහන්සේට කල අපහාසයක්. පුජනිය වූ උතුමෙක් පුද්ගලික පච්චයක් විය යුතු නැහැ (නදි)
ස්තුති සේනක, ඔබේ අදහස කදිමයි ගොඩක් බුද්ධයන් හිතන්නේ බෞද්ධ විදිහට නොවෙයි .(අ)
බුදු හාමුදුරුවෝ දේශනා කරලා නෑ පිළිම වහන්සේ අදහන්න. "යමෙක් ධර්මය දකීද හෙතෙම මා දකී". මෙයයි බුද්ධ දේශනාව.(අ)