
(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාලම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේ සංවිධානය කළ විරෝධතාවයකට පොලිසිය ඊට විරෝධය පල කිරීම නිසාවෙන් ඇති වූ ගැටුමකින් පසු එම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු ත්‍රී රෝද රථයක් සහ ශබ්ද විකාශන යන්ත්‍රයක් අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
සාපරාධී බිය ගැන්වීම පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මෙම සිසුන් අත් අඩංගුවට ගෙන ඇත.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අසලින් විරෝධතා පාඨ කියමින් විරෝධතා පුවරු බැනර් ප්‍රදර්ශනය කරමින් පා ගමනින් විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැල්ල දක්වා පැමිණි විරෝධතාකරුවන් හෝමාගම මොරගහහේන මාර්ගය අසලදී මෙම විරෝධතාවය පල කර පසුව පිටිපන නගරය දක්වා ගමන් කිරීමට සැරසීමේදී පොලිසිය එයට විරෝධය පල කිරීම නිසාවෙන් හෝමාගම මොරගහහේන මාර්ගය හරස් කර විරෝධතාවය පල කළ අතර පසුව එම ස්ථානයෙන් වෙනත් අතුරු මාර්ගයක් හරහා හයිලෙවල් මාර්ගය දක්වා පැමිණියහ.
එම අවස්ථාවේදී පොලිසිය හා ශිෂ්‍ය භික්ෂූන් අකර උණුසුම් වදන හුවමාරුවක් සිදු වූ අතර පසුව තනි තනිව පිටිපන නගරය දක්වා පැමිණ විරෝධය පල කිරීමට යාමේදී කිහිපවරක් පොලිසිය සමග උණුසුම් වචන හුවමාරු සිදු වූ අතර පසුව සිසුන් විසින් පොලිසියට පහරදීමේ සිද්ධියක් මත සිසුන් අත් අඩංගු වට ගැනීමටත් පිරිස විසිුරුවාහැරීමටක් පොලිසිය කටයුතු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ දුර්දාන්ත රජයට එරෙහිව අඛන්ඩව හඩ නගමු.
ඔය චීවරදරියො කොන්ඩෙ වවාගෙන ඉන්නෙ උපාධියත් සමග, සමග ගෑනුපරානයකුත් කුදලාගෙන අලුත් ජීවිතේකට පියමන් කරන්න
බට්ටො නේද මේ?
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල සඳහා වියදම් කිරීම මහනායක හිමිවරුන්ට භාර දෙන්න. රජය ඊට වියදම් කිරීමෙන් ඉවත් වන්න.
ජෙප්පෝ කන රට, අයියෝ සාමි....
අපි මේ නාඩගම් දිහා උපේක්ෂාවෙන් බලා සිටුමු.
අපේ හාමදුරුවරුන්ගේ යුතුකමක් තමන් මහනකරගන්න ගෝල හැමදුරුවරු බොදු මග යවන එක, ශාසනයට අගෞරව සිදු නොවන ලෙස රැක බලා ගැනීම.
කොණ්ඩය වවාගෙන චීවරය ඇඳගෙන පෙළපාලි ගොස් අශීලාචාරීව හැසිරී ආවේගශීලීව කෑගසා දහමට සංඝ ත්‍රස්තවාදයක් කරවපු නිගරුවටම මොවුනට හොඳ දඬුවමක් ලැබෙන්න ඕනි. පන්සල් නිසා එදා සසුනට පුදපු මේ අයම නේද නිර්මල චිවර ගුණය අද ඉරලා දාන්නේ රටටම පේන්න. ඒවගේම ගුණදම් රකින පින්වත් සඝ රුවණක් වෙයි කියල බලාපොරොත්තුවෙන් නේද මේ දරුවන්ගෙ අම්මලා එදා හිතන්න ඇත්තේ. ඒ වුනාට මේ අයගෙ මේ හැසිරීම දැක්කහම කාටවත් හිතෙයිද අපේ පන්සලට යන්න ඕනි පිනක් කරලා සංඝයාට දානයක් දීලා වැඳලා එන්න..! හැබැයි ධර්මචක්‍රය ලාංඡනය ගැන කියමින් ඇඟිලි දික්කරලා පොළීසියට කතා කරපු රැවුල කොණ්ඩය වවාගත් හිමිනමට දැලිපිහියෙන් ඒවා බූගාගන්නට අමතකවීම මේකෙ වීඩියෝව දැකපු විදේශික අපිට මෙය සැබෑවක්ද යන්න සිතාගත නොහැකිවම තුෂ්නිම්භූත වීම පුදුමයක් නොවේ...!!
මේවාගෙන් මහජනතාවට පුදුම කරදරයක් තියෙන්නේ හැමදාම උද්ඝෝෂණ.
මේ වගේ උද්ඝෝෂණවලට සහභාගිවන බහුතරයක් හාමදුරුවරු ඇත්තටම හැමදුරුවරු නෙමෙයි.
මේ හිමිවරුන් නිවැරදියි කියා කියන්නට බැහැ.මේ රටේ බුද්ධ චීවරය දරන සැම හිමිනමකට ම කුමන පැත්තකින් හෝ දේශපාලනය කිරීමට ඉඩ නොතැබිය යුතුයි.ගලගොඩ, මාගල්, ඉත්තෑ තිස්ස,අභයාරා,මුරුත්තෙ ඇතුළු බොහෝ දේශපාලනයට කහින අය ගැනද සඳහන් කළ යුතුයි.
ඉස්සර ප්‍රේමදාස ජනපති කාලයේ ඔහුට ආශීර්වාද කිරීමට චීවරධාරීන් පන්දහසක පාගමනින් වැඩියා. ඒකෙත් වැඩිපුරම හිටියේ ඔයවගේ සිවුර යට හැංගුන මැරයෝ කියල ආරංචියක් තිබුණ.
අභිධර්මය මතක් වෙන්න නෙලන්න.....
බොහෝ අමාරුවෙන් දානේ දෙන දායකයන්ට මේවා දැක්කම මොනවා හිතෙනවා ඇද්ද. ස්වාමීන් වහන්සේලා මැරයෝ වගේ හැසිරෙන එක කොහොමත් ගැලපෙන්නේ නෑ. මහා නායක හිමිවරුත් මේවා දකිනවා ඇති. නොදැක්කා වගේ ඉන්නවා. උන්නාන්සේලා ඇයි නිහඬව ඉන්නේ මේවාට පිලියමක් යොදන්නේ නැතිව. කව්ද මේ සාසනය පිරිසිදු කරන්නේ.....
සබ්බ දුක්ඛ නිස්සරණ සච්ඡි කරනත්ථාය... කියලයි පැවිද්ද ඉල්ලන්නේ. පවිදිවෙලා ගිහියොත් නොකරන වැඩ,... බුද්ධ සාසනය කෙලෙසන්නේ භික්ෂුන් වෙස් ගත් චීවර ධාරීන්.... අවසරයි මහනායක හිමිවරුනි. ඔබවහන්සේලාට මේවා නොපෙනේද. වහාම පියවරක් ගන්නා සේක්වා.
මේ ස්වාමීන් වහන්සේලා හැසිරෙන විදිය භික්ෂුන් වහන්සේලාට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. අරගල,උද්ගෝෂණ නොකර ඉන්නම අමාරුයි නම් මේ ස්වාමින්වහන්සේලට සංවරව,සමකාමීව කරන්න පුළුවන්නේ. තරුණ වයස උනාට ආවේගශීලි විදියට හැසිරීම කොහෙත්ම අනුමත කරන්න බෑ භික්ෂුන් වහන්සේලා විදිහට. පසුගිය දිනවල ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ මේ පිලිබඳව අවධානය යොමුකරලා තිබුන. රටේ වැඩ ඉන්න ගෞරවනීය සංඝරත්නය අපහසුවට පත් වෙනවා මෙවැනි හැසිරීම් නිසා. මේවට ඉතා ඉක්මනින් පියවරක් ගන්නා මෙන් අපි මහනායක ස්වාමින්වහන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
මෙතන සංඝ කියන්නේ අඩුම සෝතාපන්න පලයට පත්වෙච්ච උත්තමයෙකුට .සිවුරක් ඇදපු ඕනෑම කෙනෙක් පැවිද්දෙක් .සංඝ වෙන්නේ නැ .පැවිද්දන්ගෙන් අපි ගිහියන්ට වඩා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න යන එකයි වැරැද්ද.සංඝ කියන අය ගිහි සමාජෙත් ඉන්න පුළුවන්.අනික බුදුන් දවස උනේ සද්ධර්මය අහල තේරුම් අරගෙන මගක් වඩල අඩුම සෝතාපන්න උනාම ඒ බව බුදුන් වහන්සේට පවසන්නේ ස්වාමිනි අදුරට පහනක් දැල්වූ වු සේ යටිකුරු වු දෙයක් උඩුකුරු කලා සේ යනුවෙනි .එවිට අරණ්‍ය ගතව හෝ රුක්ඛ මුල ගතව ජීවිතය ගතකරන්නට උපදෙස් ලැබෙන්නේ එවන් යතිවරයන් අදුනගන්නට නොහැකි පෘතක්ජනයා අප්‍රමාන පවු සිද්ද කරගැනීමට ඇති අවකාශය නැති කිරීම පිණිසය .එවන් මහා සංඝරත්න දැනටත් මේ පුණ්‍ය භුමියේ වැඩවාසය කරන අතර ඒවා ගැන හෝ ශ්‍රී සද්ධර්මය ගැන මෙලෝ හසරක් නොදත් මිනිසුන් හා පැවිද්දන් මේ මිනිස් ජීවිතයේ වටිනාකම ගැන නොදැන අප්‍රමාන පව් කොට දුගති ගත වන්නේය
පැරණි ග්‍රන්ථ වලට අනුව මෙි පිරිස හැදින්වෙන්නේ "ශ්‍රමණ ප්‍රතිරෑපක" යන නමිනි.