නුගේගොඩ විජේරාම හන්දියේ එකම වහළක් යට බෞද්ධ සාහිත්‍ය පොත් හළක්ද රට බීම හලක් ඇතැයි මහජනයා කියති.
රට බීම හල පිහිටියේ පහත මාලයේය.පොත්හල ඉහළ මාලයේය.රටබීම හල අසලින් පඩිපෙළ දිගේ ඉහළට නැගුණු විට පොත්හලයි .එම පඩිපෙළේ බුද්ධ පින්තූර ප්‍රදර්ශනය කැරේ .ඒ ළඟම රට බීම පෙට්ටි අසුරා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බීම නීත්‍යානුකූල ඒවානේ එකේ වැරැද්ද මොකක්ද? (අ)
ආශ්චර්යයට යනකොට ඔහොම තමයි.(හේ)
බෞද්ධ පුනරුදය තමයි මේ.(හේ)
ලයිසන් දෙනකොට මේවා බලලා නැද්ද?රටට ගිය කලක්.(හේ)
මොකද්ද මෙතන තියෙන වරද?
මොකද්ද මේකේ වරද.(හේ)
අචිනි...බලන්න දළදා මාලිගාව අසල බීම හල 8ක් තියෙනවා..කවුරුත් කටවහගෙන...ආශ්චර්යය..(අ)
"මොකද්ද මෙතන තියෙන වරද? - මොකද්ද මේකේ වරද " හිනා යනවා ඕයි..(අ),,
මේ දෙකම ව්‍යාපාරික ස්ථාන ,,ඉතින් මොකද්ද ඇති වරද ?(අ)
බෞද්ධ සාහිත්‍ය පොත් වූ පමණින් මේ කිසිවක් ලොවෙහි ඇති අනිත්‍යට හසු නොවී පවතින්නේ නැත. මේ පොත් හෙට කවරෙකුගේ හෝ පයට පෑගෙන්නට පිළිවන. ගින්නෙන් විනාශ වන්නට පිළිවන. එහෙයින් වටින්නේ මෙහි ඇති භෞතික වටිනාකම හෝ මෙය ඇති තැන නොවේ. මෙම පොත පතෙහි ඇති 'සත්‍යය' අප වටහාගන්නේ කෙලෙසද, ඒ අනුව හැසිරෙන්නේ කෙලෙසද යන්න පමණි. අසුචි ගොඩක් අසල ඇති පමණින් මැණිකෙහි අගය කිසිවිට අඩු නොවන්නේමය. අප කලයුත්තේ අසුචි මග හැර මැණික වෙත යාම පමණි. (අ)
ඕක මොකද්ද සමහර නොතිබිය යුතු තැන්වලත් ඔවැනි දේවල් තියෙන කොට. (අ)
හරිම අසෝබන දර්ශනයක්, ඒ වගේම පොත් මිලදී ගන්න එන දරු දැරියන්ට බේබද්දෝන්ගෙන් කරදරත් ඇති. (අ)
සහන් බණ්ඩාරගේ අදහස සියයට සීයක්ක්ම හරි. අප කල යුත්තේ නිවැරදි දේ ලබා ගැනීම පමණි.(අ)
මොකද්ද මේකේ ඇති වැරැද්ද.ආගම දඩමීමා කරගෙන මොකක් හරි කුණු ගොඩක් අවුස්සනවා මේක දැන් විලාසිතාවක් වෙලා.මේ වාර්තාව දාපු කෙනාගේ ඇස් රිදෙනවා නම් එතනින් යනකොට අහක බලාගෙන යන්න නැති ප්‍රශ්න ඇති නොකර.(අ) .
අගම්වාදිව බලන අයට පුළුවන්නේ මේවට මොකක්හරි විකල්පයක් ගෙන එන්න.(අ)
කඩයක් කියන්නෙ පන්සලක් නොවේ. (හේ)
මෙය බුදු දහමට නිගාවක් .පොත් කඩේ දාපු අය හිතාමතාම කළ වැඩක් ද මේක? (අ)
මේක ලොකු වැරැද්දක්.මෙච්චර කල් ඔය ප්‍රදශෙයේ කවුරුත් මේ දේ දැක්කේ නැද්ද?දුකයි මේ වගේ දේවල් දකින කොට.(හේ)
මේ දේවල් නැති කරන්න බෑ.(හේ)
මේ එක දෙයක්නේ.තව මෙවැනි ස්ථාන කොච්චර ඇතිද මේ රට තුල.(හේ)
මේ වැඩේනම් අනුමත කරන්න බැහැ (දී)
මේකෙදි චෝදනාව එන්නේ පොත් හලට . (හේ)
මොකද්ද මේකේ ඇති වැරැද්ද. ආගම දඩමීමා කරගෙන මොකක් හරි කුණු ගොඩක් අවුස්සනවා මේක දැන් විලාසිතාවක් වෙලා. මේ වාර්තාව දාපු කෙනාගේ ඇස් රිදෙනවා නම් එතනින් යනකොට අහක බලාගෙන යන්න නැති ප්‍රශ්න ඇති නොකර. (ර)
අශ්චරය වුනාට මොකද කඩ කාමරවල තත්වය අම්බලම වගෙයි. මේ නුගේගොඩමද?(හේ)
මම මෙච්චර ඔතනින් යනවා මම දැක්කේ නැහැනේ (දී)
කව්ද මුලින්ම කඩේ දැම්මේ? කඩ දෙකම එකෙට නෙවෛනේ පටන් ගෙන තියන්නේ? (බ)
කව්ද මුලින්ම කඩේ දැම්මේ? කඩ දෙකම එකට නෙමෙයිනේ පටන් ගෙන තියන්නේ?(හේ)
දැන් මොකක්ද මේ ප්‍රවෘතියෙන් බල පොරෝතු වෙන්නේ ? නුගත් මෝඩයෝ ටිකක් අන්දන එකද ? (හේ)
කව්ද මුලින්ම කඩේ දැම්මේ? කඩ දෙකම එකට නෙමෙයිනේ පටන් ගෙන තියන්නේ?(හේ)
උඩින් ඔපේ යටින් හපේ! (නි)
ඒ කියන්නේ පහලින් බීලා ඉහලට ගිහින් පොත් අරගන්න කියලා. (ර)