
(අංජුල මහික වීරරත්න)
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (11) පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුමට එක්වෙමිනි.
1924 වර්ෂයේ මැයි මස 11 වන දින ආතර් වී දියෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතිය යටතේ ඉදි කරන ලද මොරටුව බෞද්ධ මන්දිර ශාලාව සඳහා 1925 දී මුල් ගල තබන ලදී. එම ගොඩනැගිල්ල 1929 ජූනි මස 24 වන දින මොරටුව බෞද්ධයන්ගේ බෞද්ධ මුලස්ථානය ලෙස එවකට ලංකා ආණ්ඩුකාර හර්බට් ජේ. ස්ටැන්ලි මහතා අතින් විවෘත කෙරිණ. මොරටු මහා විද්‍යාලයට මුල් ගල තැබීමද එදින සිදු විය.
වසර සියයක් සපුරන මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ අලුත්වැඩියා කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රනිල් මහත්තයෝ.. මිනිස්සුන්ව ඔහොම අන්දන්න එපා...
දැන්නම් දවසක් වත් තියාගන්න සුදුසු නැහැ වගේ ඒ තරමට මොළේ අමාරුව උග්‍රයි වගේ.
හොඳටම පිස්සු..
සමහර මිනිසුන්ට සල්ලි වැඩි උන්හමත් ඔය වගේ පිස්සු හැදෙනවා
මොනවද මේ කියවන්නේ. දහමට අනුව මිනිස්සුන්ට ජීවත්වෙන්න යොමුකෙරුවානම් මීට වඩා රටටත් ලෝකෙටත් යහපතක් නේද. දැන් ඔබතුමා මේවා අත්හැරලා ඡන්දෙන් පස්සේ ගෙදර ගිහින්වත් බුදුදහමට අනුව ජීවත් වෙන්න. මෙච්චර කාලයක් ඔය දේශපාලනය කියලා කෙරුවා. රටවත්, ඔබතුමාටවත්, ලෝකෙටවත් කිසිම වැඩක් ඇති දෙයක් කරන්න බැරි උනානේ නේද. කපටිකම්, මගඩි වැඩ කරලා හරි කොහොමහරි බලයේ ඉන්න තමයි බැලුවේ.
ඒ පාර කොල්ලුපිටියේ රනිල් වෙන්න හදනවාද?
බුද්ධත්වයට පත් බුදුපියාණන් වහන්සේ වසර 45ක් පුරා දේශනවලදී කළ සද්ධර්මය ගැන ජනාධිපතිවරයා පැවසූ දෙයින් පෙනී යන්නේ ජනාධිපතිවරයාට සද්ධර්මය ගැන අවබෝධයක් නැති බවයි. බුදුන් වහන්සේ බුද්ධගයාවේදී සෞපදිසේස පරිනිර්වාණයට පත් වූ අතර ඉන්පසු වසර 45 ක් බෝධිසත්ව සිද්ධාර්ථගේ ඇස, කන, නාසය, දිව සහ ශරීරය තබාගෙන කුසිනාරාවේදී අනුපාදිසේස පරිනිර්වාණයට පත් විය. ශාස්තෘන්වහන්සේ නමක් නොමැතිව බුද්ධත්වයට පත් වූ අතර භාවනාවෙන් හා විදර්ශනාවෙන් අනුභූතික ප්‍රඥාව අවබෝධ කරගත් සේක. කෘත්‍රිම බුද්ධිය කෘත්‍රිම වන අතර බුද්ධ දේශනාව කිසිම ආකාරයකින් පැහැදිලි කළ නොහැක.
එච්චරයි අඩු.
මගේ අදහස නම් බෞද්ධ රටක් ලෙස මේ මුදල් ආයෝජනය කළ යුත්තේ “සති පාසල” වගේ සංකල්ප ගෝලීය මට්ටමට හඳුන්වා දීමටයි. එවිට මිනිසුන්ට තම විෂයට අදාළ AI පර්යේෂකයන්ගේ භූමිකාව, මානව බුද්ධිය එහි සැබෑ ආකෘතියෙන් භාවිතා කර ඉටු කළ හැක.
මේ මනුස්සයාගේ බුද්ධි පරික්ෂණයක් කරන්න ඔක්කොටම ඉස්සෙල්ලා
මට නම් ආඩම්බරේ බැරුවා!!! ලංකාව මේ දියුණු වේගෙන යන විදිහට ලබන ජනපතිවරණෙට කලින් ලංකාවෙන් රොකට්ටුවක් හඳටත් ඇරලා, ඇමෙරිකාවත් පාස්කරලා ලොව බලවත්ම රට බවට පත්වෙනවා සිකුරුයි.
බයි ජාත්‍යාල උපක්‍රම ටොයි ක්‍රමයට.
බටලන්දේ වධකාගාරයේදී කොල්ලෝ කෙල්ලෝ මරද්දී තමුසෙගෙ ඔය සිල්වත්බව කොහෙද තිබුනේ ? කාලකන්නි මිනීමරු හොරා .
මහ බැන්කුව හොරාකන්න ඉඩ දීලා බලාගෙන හිටපු, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අයව රකින පින් ජනපතියා ගැන මොන කතාද?
පර්යේෂණය - බුද්ධ ධර්මය සහ කෘතිම බුද්ධිය අතර ඇති සම්භන්ධතාවය සෙවීම. නිරීක්ෂනය - බුද්ධ දේශනා වලින් කෘතිම බුද්ධිය පිළිබඳව සදහන් වී හෝ කෘතිම බුද්ධිය පිළිබඳ විවරනය වී නැත. නිගමනය - බුද්ධ ධර්මය හා කෘතිම බුද්ධිය අතර සබඳතාවයක් නොමැත. ඔන්න ඔය රුපියල් බිලියනේ මගේ බෑන්ක් එකවුන්ට් එකට දාපන් මයේ අම්මා....