දෙස් විදෙස් ඇගැයීමට පාත‍්‍ර වූ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී ගුණසිරි කොළඹගේ කලාකරුවාගේ ”බුද්ධ රාජ” චිත‍්‍ර ප‍්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී අද (27) පස්වරුවේ ආරම්භ කෙරෙන අතර එය අනිද්දා (29) දක්වා පැවැත්වේ. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය වන පරිදි කොළඹගේ තෙලිතුඩින් නිර්මාණය වූ බෞද්ධ චිත‍්‍ර එකතුවක් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ. ”මම අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ නිර්මාණය කළ චිත‍්‍ර පෙළක් මෙම ප‍්‍රදර්ශනයට ඇතුළත් කර තිබෙනවා. බුදු රජාණන් වහන්සේ පිළිබඳව හදවතේ ඇති භක්තිය ගෞරවය නිසාම මට මෙවැනි චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වන්න හිතෙන්න ඇති. මෙහි ඇති සමහර සිතුවම් ඉන්දියාව, පකිස්තානය, බුරුමය වැනි රටවලදී මෙන්ම ශ්‍රී ලංකාවේදිත් මා දුටු බිතු සිතුවම් සහ මුර්තිවල ආභාසය ලබාගෙන තිබෙනවා” යැයි ”බුද්ධ රාජ” චිත‍්‍ර ප‍්‍රදර්ශනය පිළිබඳව අප හා අදහස් දක්වමින් ගුණසිරි කොළඹගේ චිත‍්‍ර ශිල්පියා පැවැසීය. තම දිගු කලාදිවිය පිළිබඳව අප හා වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කියා සිටියේය. ”මම චිත‍්‍ර ශිල්පය ඉගෙන ගත්තේ කුඩා අවධියේ සිටයි. දිනපතා අලූත් දේවල් අත්හදා බලමින් මම අදටත් මේ ශිල්පය ඉගෙන ගන්නවා. මම වයස අවුරුදු 73ක ශිෂ්‍යයෙක් ලෙසයි මම දකින්නේ. මගේ චිත‍්‍ර දිවිය ආරම්භ වුණේ ගමේ පන්සලෙන්. පන්සලේ බුදුගෙයි චිත‍්‍ර අඳින්න චිත‍්‍ර ශිල්පීන් පිරිසක් ආවා. ඒ කාලේ මගේ වයස අවුරුදු හතක් අටක් ඇති. මම පාසල් ඇරී ගෙදර ආව ගමන් යන්නේ පන්සලට. ඒ ශිල්පීන් මල් වැඩ ශිල්පියෙක් වූ මගේ පියාගේ මිතුරන්. ඔවුන් මට හිතවත් වුණා. ඒ අතරෙ පියා ඔවුන් ලවා අපේ ගෙදර බිත්තිවලත් චිත‍්‍ර ඇන්දෙව්වා. පොඩි කාලෙ අම්මා නැති වුණාට පස්සෙ මගෙ හැමදේටම උන්නු තාත්තගෙ එකම බලාපොරොත්තුව වුණේ මාව චිත‍්‍ර ශිල්පියෙක් කරන එක. මම බුදුරජාණන් වහන්සේගේ චිත‍්‍ර අඳින්න මුලින්ම ඉගෙන ගත්තෙ ගමේ පන්සලේ වස් වසන්න ආව හාමුදුරු නමකගෙන්. ඒ කාලෙ මම තාත්තට හැම අවුරුද්දෙම වෙසක් සැරසිලිවලට බුද්ධ රූප ඇඳල දුන්නා. පසුව මම රජයේ ලලිතකලා ආයතනයට ඇතුළත්ව ස්ටැන්ලි අබේසිංහ, එච්.බී. පෙරේරා යන ගුරුතුමන්ලා යටතේ චිත‍්‍ර ශිල්පය හැදෑරුවා. සුසිල් පේ‍්‍රමරත්න මහතාගෙන් කළු සුදු රේඛා චිත‍්‍ර නිර්මාණය පිළිබඳවත් ජී.එස්. ප‍්‍රනාන්දු මහතාගේ දිය සායම් චිත‍්‍ර නිර්මාණය පිළිබඳවත් ඉගෙන ගත්තා. විදේශ රටවලට ගොස් කෞතුකාගාර හා කලාගාරවල ඇති විශිෂ්ට සිතුවම් පිළිබඳ හැදෑරීම් කළා. මේ වනවිට මම නිර්මාණය කළ චිත‍්‍රවලට දෙස් විදෙස් ඇගයීම් රැුසක් ලබාගෙන තිබෙනවා. ”බුද්ධරාජ” මගේ මේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය තාත්තාටත්, තාත්තා වටා සිටි සියලූම කලාශිල්පීන්ට හා මගේ ගුරු දේවතාවුන්ටත් උපහාරයක් වේවා! කියා මා ප‍්‍රාර්ථනා කරනවා” යැයිද කොළඹගේ සඳහන් කළේය.
ඩයනා උදයංගනී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ හැකියාවන් තවත් දියුණු කර ගැනීමට අවශ්‍ය සියළු ශක්තිය ලැබේවා!
පළමුව ඔබට තෙරුවන් සරණයි. ධර්මයේ හසිරෙන්නා ධර්මයෙන්ම රකියි. ඔබට තවත් ධර්ම අවබෝධය ලැබේවා. ඔබගේ හැකියාව තවත් දියුණු කර ගැනීමට ඔබට ශක්තිය ලැබේවා.
ඔබතුමාට පින්..
ගොඩක් ලස්සනයි..
සිත්තරාණෙනි, ඔබ ඇදි සිතුවම් දෙස බලා මමද සමාධියකට වැටුනෙමි
සාදු.. සාදු.. සාදු බුදුන් වහන්සේ දකින්න, ධර්මයේ හැසිරෙන්න.
ඔබ ශ්‍රී ලාංකික මවගේ සැබෑම පුත්‍රයෙකි
ඉතාම අනර්ඝයි. ඔබට මෙනන් නිර්මාණ දිගටම කිරීමට ශත්කිය ධෛර්යය ලැබේවා.
ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබෙයි තව තවත් මේ වගේ චිත්‍ර ඇදීමට ශක්තිය ලැබේවා.!!!!!!!!!!!
ඉතාම අනර්ඝයි පළමුව ඔබට තෙරුවන් සරණයි ඔබතුමා අපේ රටට ගොඩක් වටිනවා. ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබෙයි තව තවත් මේ වගේ චිත්‍ර ඇදීමට ශක්තිය ලැබේවා.!!!!!!!!!!!
ගොඩක් ලස්සනයි...........
ආදරණීය ගුණසිරි කොළඹගේ, ඔබතුමා අපේ රටට ගොඩක් වටිනවා.
ඔබට බුදු සරණයි!
මගෙත් ආයු ගෙන ඔබෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජිවත්වේවා.
ඔබ තුමාට මගේ ප්‍රණාමය
මිනිසා සුවදයි මල සේ නුවණින් එළියයි හිරු සේ