IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


බුද්ධ චරිතයේ තෙලිතුඩක රිද්මය

දෙස් විදෙස් ඇගැයීමට පාත‍්‍ර වූ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී ගුණසිරි කොළඹගේ කලාකරුවාගේ ”බුද්ධ රාජ” චිත‍්‍ර ප‍්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී අද (27) පස්වරුවේ ආරම්භ කෙරෙන අතර එය අනිද්දා (29) දක්වා පැවැත්වේ. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය වන පරිදි කොළඹගේ තෙලිතුඩින් නිර්මාණය වූ බෞද්ධ චිත‍්‍ර එකතුවක් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ. ”මම අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ නිර්මාණය කළ චිත‍්‍ර පෙළක් මෙම ප‍්‍රදර්ශනයට ඇතුළත් කර තිබෙනවා. බුදු රජාණන් වහන්සේ පිළිබඳව හදවතේ ඇති භක්තිය ගෞරවය නිසාම මට මෙවැනි චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වන්න හිතෙන්න ඇති. මෙහි ඇති සමහර සිතුවම් ඉන්දියාව, පකිස්තානය, බුරුමය වැනි රටවලදී මෙන්ම ශ්‍රී ලංකාවේදිත් මා දුටු බිතු සිතුවම් සහ මුර්තිවල ආභාසය ලබාගෙන තිබෙනවා” යැයි ”බුද්ධ රාජ” චිත‍්‍ර ප‍්‍රදර්ශනය පිළිබඳව අප හා අදහස් දක්වමින් ගුණසිරි කොළඹගේ චිත‍්‍ර ශිල්පියා පැවැසීය. තම දිගු කලාදිවිය පිළිබඳව අප හා වැඩිදුරටත්  අදහස් දක්වමින් ඔහු  මෙසේද කියා සිටියේය. ”මම චිත‍්‍ර ශිල්පය ඉගෙන ගත්තේ කුඩා අවධියේ සිටයි. දිනපතා අලූත් දේවල් අත්හදා බලමින් මම අදටත් මේ ශිල්පය ඉගෙන ගන්නවා.  මම වයස අවුරුදු 73ක ශිෂ්‍යයෙක් ලෙසයි මම දකින්නේ. මගේ චිත‍්‍ර දිවිය ආරම්භ වුණේ ගමේ පන්සලෙන්. පන්සලේ බුදුගෙයි චිත‍්‍ර අඳින්න චිත‍්‍ර ශිල්පීන් පිරිසක් ආවා. ඒ කාලේ මගේ වයස අවුරුදු හතක් අටක් ඇති. මම පාසල් ඇරී ගෙදර ආව ගමන් යන්නේ පන්සලට. ඒ ශිල්පීන් මල් වැඩ ශිල්පියෙක් වූ මගේ පියාගේ මිතුරන්. ඔවුන් මට හිතවත් වුණා. ඒ අතරෙ පියා ඔවුන් ලවා අපේ ගෙදර බිත්තිවලත් චිත‍්‍ර ඇන්දෙව්වා. පොඩි  කාලෙ අම්මා නැති වුණාට පස්සෙ මගෙ හැමදේටම උන්නු තාත්තගෙ එකම බලාපොරොත්තුව වුණේ මාව චිත‍්‍ර ශිල්පියෙක් කරන එක. මම බුදුරජාණන් වහන්සේගේ චිත‍්‍ර අඳින්න මුලින්ම ඉගෙන ගත්තෙ ගමේ පන්සලේ  වස් වසන්න ආව හාමුදුරු නමකගෙන්. ඒ කාලෙ මම තාත්තට හැම අවුරුද්දෙම වෙසක් සැරසිලිවලට බුද්ධ රූප ඇඳල දුන්නා. පසුව මම රජයේ ලලිතකලා ආයතනයට ඇතුළත්ව ස්ටැන්ලි අබේසිංහ, එච්.බී. පෙරේරා  යන ගුරුතුමන්ලා යටතේ චිත‍්‍ර ශිල්පය හැදෑරුවා. සුසිල් පේ‍්‍රමරත්න මහතාගෙන් කළු සුදු රේඛා චිත‍්‍ර නිර්මාණය පිළිබඳවත් ජී.එස්. ප‍්‍රනාන්දු මහතාගේ දිය සායම් චිත‍්‍ර නිර්මාණය පිළිබඳවත් ඉගෙන ගත්තා. විදේශ රටවලට ගොස් කෞතුකාගාර හා කලාගාරවල ඇති විශිෂ්ට සිතුවම් පිළිබඳ හැදෑරීම් කළා. මේ වනවිට මම නිර්මාණය කළ චිත‍්‍රවලට දෙස් විදෙස් ඇගයීම් රැුසක් ලබාගෙන තිබෙනවා. ”බුද්ධරාජ”  මගේ මේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය තාත්තාටත්, තාත්තා වටා සිටි සියලූම කලාශිල්පීන්ට හා මගේ ගුරු දේවතාවුන්ටත් උපහාරයක් වේවා! කියා මා ප‍්‍රාර්ථනා කරනවා” යැයිද කොළඹගේ සඳහන් කළේය.

ඩයනා උදයංගනී



අදහස් (0)

බුද්ධ චරිතයේ තෙලිතුඩක රිද්මය

නිම්මි Wednesday, 16 May 2012 08:16 AM

ඔබගේ හැකියාවන් තවත් දියුණු කර ගැනීමට අවශ්‍ය සියළු ශක්තිය ලැබේවා!

:       0       0

නිම්මි Wednesday, 16 May 2012 08:16 AM

පළමුව ඔබට තෙරුවන් සරණයි. ධර්මයේ හසිරෙන්නා ධර්මයෙන්ම රකියි. ඔබට තවත් ධර්ම අවබෝධය ලැබේවා. ඔබගේ හැකියාව තවත් දියුණු කර ගැනීමට ඔබට ශක්තිය ලැබේවා.

:       0       0

මධු Wednesday, 23 May 2012 12:08 AM

ඔබතුමාට පින්..

:       0       0

සසන්ක Tuesday, 22 May 2012 11:54 AM

ගොඩක් ලස්සනයි..

:       0       0

දයා Sunday, 29 April 2012 05:53 PM

සිත්තරාණෙනි, ඔබ ඇදි සිතුවම් දෙස බලා මමද සමාධියකට වැටුනෙමි

:       0       0

දියසෙන් කුමාර Wednesday, 09 May 2012 11:35 AM

සාදු.. සාදු.. සාදු බුදුන් වහන්සේ දකින්න, ධර්මයේ හැසිරෙන්න.

:       0       0

උෂේන්ද්‍ර Sunday, 29 April 2012 08:56 PM

ඔබ ශ්‍රී ලාංකික මවගේ සැබෑම පුත්‍රයෙකි

:       0       0

හිමේෂා Monday, 14 May 2012 09:59 AM

ඉතාම අනර්ඝයි. ඔබට මෙනන් නිර්මාණ දිගටම කිරීමට ශත්කිය ධෛර්යය ලැබේවා.

:       0       0

උපමාලි Friday, 27 April 2012 04:11 PM

ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබෙයි තව තවත් මේ වගේ චිත්‍ර ඇදීමට ශක්තිය ලැබේවා.!!!!!!!!!!!

:       0       0

අනු Wednesday, 16 May 2012 12:31 PM

ඉතාම අනර්ඝයි පළමුව ඔබට තෙරුවන් සරණයි ඔබතුමා අපේ රටට ගොඩක් වටිනවා. ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබෙයි තව තවත් මේ වගේ චිත්‍ර ඇදීමට ශක්තිය ලැබේවා.!!!!!!!!!!!

:       0       0

නිරංජි Wednesday, 16 May 2012 12:48 PM

ගොඩක් ලස්සනයි...........

:       0       0

මානුර මලිත් හෙට්ටිආරච්චි Tuesday, 08 May 2012 05:34 PM

ආදරණීය ගුණසිරි කොළඹගේ, ඔබතුමා අපේ රටට ගොඩක් වටිනවා.

:       0       0

අම්බුළුගල සුමංගල හිමි Thursday, 10 May 2012 08:51 PM

ඔබට බුදු සරණයි!

:       0       0

ජයන්ත මල්ලි Saturday, 28 April 2012 07:23 PM

මගෙත් ආයු ගෙන ඔබෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජිවත්වේවා.

:       0       0

නිරෝෂණ Sunday, 13 May 2012 09:20 PM

ඔබ තුමාට මගේ ප්‍රණාමය

:       0       0

සේනානායක Tuesday, 22 May 2012 10:12 AM

මිනිසා සුවදයි මල සේ නුවණින් එළියයි හිරු සේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්



ඡන්ද වැඩ කරන නිලධාරීන්ට හෙට නිවාඩු
2025 මැයි මස 07 18 0

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික





මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 839 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site