රජය ගෙන එන බෞද්ධ කතිකාව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් සංඝයාවහන්සේ පාලනය කරනු ලැබීමක් සිදු නොවන බවත් එයින් සිදුවන්නේ මහනායක හිමිවරුන්ට හා ඒ ඒ නිකායන් වල සංඝ කාරක සභා වලට සංඝයා පිළිබඳ තීරණ ගැනිමේ බලයක් ලබා දීම බව පාර්ලිමේන්තු සභා නායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා මහනුවරදී පැවැසිය.
‘සමහරු බෞද්ධ කතිකාවත ගැන සමාජයට වරදවා කරුණු ඉදිරිපත් කරනවා. අද රටේ පවතින නීතිය හැටියට මහනායක හිමිවරුන්ට හා සංඝ සභාවලට බලයක් නෑ එම නිකායවල් වල ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න, එම නිකායවල් පාලනය කරන්න නෛතික බලයක් නෑ. අපි අපේ බෞද්ධ කම සිංහල කම ගැන ආඩම්බර වෙනව වගේම අනික් ආගම් හා ජාතින් ගැන අනුකම්පා කරල මේ රටේ ආගමික නිදහස තහවුරු කරන්න ඕන. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ තමුන්ගේ ආගම ඇදහිමේ නිදහස වගේම අනිකුත් ජාතීන්ට ආගම් ඇදහිමේ නිදහස තිබිය යුතුයි කියල.‘ යැයිද කිරිඇල්ල මහතා කීය.
අපේ රටේ බෞද්ධ කම ආරක්ෂා කරන්න වගකීම ඇත්තේ බෞද්ධ ජනතාවට බවත් රටේ සිංහලකම බෞද්ධකම ආරක්ෂා කරන්න වත්මන් රජය කැප වනවා සේම අපේ සිංහල බෞද්ධ ජනතාවත් අන් ආගමික නිදහස ලබාදිමට කටයුතු කළ යුතු බවත් අමාත්‍ය වරයා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණසේන, බුදුන් වහන්සේ ගිහි කාලයේදී සතර පෙරනිමිති දකිද්දී හමුවුණු හිමියන් කවුද? ඒ කාලයේ නොයෙකුත් ඇදහීම් තිබුනා නේද? (නි)
ඔය කියන කතිකාවත ජනතාවට දැන ගැනීම පිණිස සම්පුර්ණ පිටපත පුවත්පත් වල පල කළ යුතුය. (කෞ)
දැන් ඔය කතිකාවතෙන් කරන්නේ සංඝයා වහන්සේට බලය ලබාදෙන එක නම්, අනිත් ආගම් වලට නිදහස දෙන කතාවේ තේරුම මොකක්ද? සංඝ සභාවට බලය දීමෙන් අනෙක් ආගම් වලට නිදහස ලැබෙන්නේ කොහොමද? සංඝයා ඇතුළේ අවුල් හදන්න එපා (නි)
බුදුන්ගේ කාලයේ ආගම් තිබුනේනෙත පසුකාලීනව ආගම් බිහිවී අතිවීබව පෙනෙන්නට ඇත .මේවට උප්පැන්න සහතික ද ඇත .උදාහරණ ක්‍රිස්තු වර්ෂ 2016 මුස්ලිම් වර්ෂ 1437 බුද්ද වර්ෂ 2559 දෙඅසපලුවෝ අමන කතා කියවී .(කෞ)
හොරෙන් හංගාගෙන කරන කතිකාවත මොකක්ද ? ඇයි ඒක පත්තරේ පල කරන්නේ නැත්තේ? මොකද මේ බොක්ක තද වෙලා වගේ කලබලේ ඕක ගැන? රටේ මිනිස්සුන්ට තියෙන දැවෙන ප්‍රශ්න විසඳනවා වෙනුවට විකාර කරනවා.(කෞ)