IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බුද්ධි අංශ සාස්තරකරුවන්ගේ වැඩට බැහැලා

ඡන්දයත් සමග සාස්තරකාරයන් වැසි වැහැලා වගේ පෙනේ. එහෙත් දිනූ පැත්තට හෝයියා කියන න්‍යායෙන් සාස්තර කියන්නෝ බොහෝය. මාසේ අන්තිමට රජයේ සේවකයන්ගේ අතමිට සරුවන බවත් මහලු අයට අපල බවත් කියන සාස්තර වගේ ඡන්දෙන් දිනන අය ගැනත් ‘සිකුරටම‘ කියන බවත් පෙනේ.

ඒත් සාස්තර කියන අලුත්ම කට්ටිය රාජ්‍ය බුද්ධි අංශ වගේලු. ඔවුන් හතර කේන්දරය ගැනවත් ග්‍රහයන් ගැනවත් මෙලෝ හසරක් දන්නේ නැත. ඒත් අහවල් දිස්ත්‍රික්කය අහවල් පක්ෂයට යනවාය. අහවල් පක්ෂය අහවල් ගණනකින් දිනනවා යැයි අනාවැකි කියති. නක්ෂත්‍රකරුට වඩා පියවර කිහිපයක් ඉදිරියට යන ඔවුහු අහවල් රැස්වීමේ සෙනග හිටියායි අහවල් රැස්විමේ සෙනග නැත යන කරුණු කාරණාද සැලකිල්ලට ගන්නවාලු. මේවා මහතැන්වලටත් යවනවාලු.

උසස්වීම්, තාන්නමාන්න, වරප්‍රසාද වෙනුවෙන් මේ වැඩේ කරන අයද සිටිති. ගණිත ක්‍රමය හඳුන්වාදුන් පයිතගරස්ට පිං සිදුවන්නට ඉලක්කම් එහාට මෙහාට කරති. අර පක්ෂයට ලැබෙන ඡන්ද ගණන ටක්කෙටම කියති. මේ දේශපාලන සාස්තරකාරයන් අහුමුලුවල කෙරෙන කතාත් මගදිගට ඇසෙන කතාත් පදනම් කරගෙන ඔවුන්ගේ දේශපාලන නැඹුරුවද ඊට එකතුකර කියන මේ අනාවැකි ‘පේන‘ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති.

ඔවුනට රුකුලක් වී ඇත්තේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලවත් නම් හරියට නොදන්නා පුද්ගලයන්ද සිටින මාධ්‍යය මගින් කරන ප්‍රචාර දේව වාක්‍යයන් සේ සලකන අයයි. අන්තර්ජාල මාධ්‍ය, පුවත්පත් තීරු ලිපි, කටහැකරයන්ගේ රූපවාහිනී කථා, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල මේවාට රුකුල් දෙති.

ලෝකයේ දියුණු නොදියුණු හැම රටකම මෙවැනි අනාවැකි දැකිය හැකිය. එය ඇමරිකාවටත්, ශ්‍රී ලංකාවටත්, ඉතියෝපියාවටත් පොදුය. විචාර බුද්ධිය පරයා අන්ධ විශ්වාසය ඉස්මතුවන මෙවැනි කරුණු මේ හැම රටකම ඇත. එයින් කල දුටු කල වල ඉහ ගන්නන් රැසක් සිටිති.



අදහස් (0)

බුද්ධි අංශ සාස්තරකරුවන්ගේ වැඩට බැහැලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site