කොළඹ තරු පහේ හෝටලයකට ගොස් වෙනත් අයකුගේ නමට කා බී ගිය බව කියන පොලිස් බුද්ධි අංශයේ විශ්‍රාමිකයකු අතුරුගිරියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
මුලින්ම පොලිස් උප සේවයේ කොස්තාපල්වරයකු වී පසුව බුද්ධි අංශ උප පොලිස් පරීක්ෂකයකු ලෙස විශ්‍රාම ගිය ඔහු කොල්ලුපිටියේ තරුපහේ හෝටලයකින් කාබී බ්ලැක් ලේබර විස්කි බෝතලයක් ද රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
හෝටලයේ නතර වී සිටින අයකු සේ රඟපාමින් ඔහු මේ වංචාව කර ඇතැයි හෝටලය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමිකව මෙහෙමනම් රාජකාරි කරද්දී කුමන කතාද? (ම)
හොදට බුද්ධිය තියෙන කෙනෙක්. බිඑම්ඩබ්.නෝනට අහු වුණානම් විස්තර දැන ගන්ට තිබ්බා කලින්ම. (ම)
වහාම නැවත සේවයට ගන්න. (බ)
කවුද දන්නේ නැහැ..(බ)
පොලීසියෙ බහුතරයක් ඔහොම තමයි (ම)
යහපාලනයේ බුද්ධි අංශය මෙහෙමද ? (ම)
මාලි, පොලිසියක් ලංකාවේ නැති උනා නම් මොකක් වෙයිද කියල කවදා හරි හිතුනද ? ඔය හැමෝම පොලිසියට බැන්නට අන්ත අසරණ උනාම යන්න තියෙන එකම තැනත් ඕක තමා. මිනිස්සු පොලිසියට බනින එක පුරුද්දකට ගිහින් තියෙන්නේ දැන්. (නදී)