IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බුද්ධි අංශේ බුද්ධිමතා හෝටලයට තරු පෙන්වයි

දින කිහිපයකට පෙර කොළඹ කොල්ලුපිටියේ තරු පහේ හෝටලයක ආලින්දයට ත්‍රී රෝද රියක් ඇතුළු කැරිණි. එම හෝටලයට ත්‍රී රෝද රථ ඇතුළු කිරීමට ඉඩ නොදෙන නමුත් එහි සිටි පුද්ගලයා කියා සිටියේ තමාගේ කකුලක් අනතුරට ලක්වී ඇති බවයි. කිහිලිකරුවක්ද ඔහු ළඟ විය.

කිහිලිකරුවෙන් හෝටලයට ඇතුළුවූ ඔහු එහි ලොබියේ අසුන්ගත්තේය. හෝටලයේ කාමරයක අංකයක් කී ඔහු තමා එම කාමරයේ සිටින බවද සඳහන් කළේය. ඔහු කී විස්තර කළමනාකරුගේ පරිගණක තිරයේද දිස්විය. කාමරයේ යතුර කොහෙදෝ වැටී ඇතැයි ඔහු කීවේය. කෑම ඇනවුම් කරද්දී ඔහු බ්ලැක් ලේබල් විස්කි බෝතලයක්ද ඇනවුම් කළේය. එවැනි හෝටලයක බ්ලැක් ‍ලේබල් විස්කි බෝතලයක මිල රුපියල් 45,000ක් පමණ වේ. රෑට කෑමෙන් පසුව විස්කි බෝතලය ඔහුගේ සහායකයාට දී ඔහුත් සමග හෝටලයෙන් පිටවී ගියේය.

කළමනාකරු ඉන්පසු ඔහු කිවූ කාමරයට බිල යැව්වේය. කාමරයේ ආගන්තුකයාට තරු පෙනිණි. ඔහු එම දේවල් ඇනවුම් නොකළ බව කීවේය. හෝටලය පොලිසි ගියේය. පොලිසිය හෝටලයේ සීසීටීවී ආරක්ෂක කැමරා පිරික්සුවේය. එමගින් ත්‍රී රෝද රියදුරා සොයාගත්තේය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේය. ‘හරි හොඳ මහත්තයා, මාත් එක්ක ඉඳ හිටලා ඔහොම හෝටල්වලට යනවා. මහත්තයා කාලා බීලා මටත් දෙනවා. අඩියකුත් දෙනවා. එදා මහත්තයා මාත් එක්ක හෝටලයට ගියා. කෑවා බීවා. මටත් දුන්නා. මහත්තයා අතුරුගිරිය පැත්තේ ගෙදරටත් ගිහින් ඇරලුවා‘

පොලිසිය ඔහු සොයා ගත්තේය. ඔහු විශ්‍රාමිකයෙකි. වයස 61කි. විශ්‍රාම ගත්තේ පොලිස් බුද්ධි අංශයෙනි. 



අදහස් (0)

බුද්ධි අංශේ බුද්ධිමතා හෝටලයට තරු පෙන්වයි

ධම්ම Monday, 27 July 2015 01:03 PM

පොලීසියේ අයට හොඳට කන්න ඕනෑ. පහුගිය දවස්වල මාලඹේ 'ට්‍රැෆික්' සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා හා චුදිතයාගේ රෑ කෑම බිල රුපියල් 35,000 කියලා පත්තරවල තිබුනා. (නදී)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 05:57 AM

සේවා දිගුවක් දිය යුතු බුද්දීමතෙක් (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 28 July 2015 12:39 AM

විශ්‍රමිකයා කොහොමද අගන්තුකයාගේ කාමරයේ අංකයයි විස්තරයි දැනගත්තේ. කරපු සේවයටත් ලැජ්ජයි. (නදී)

:       0       0

නුවන් Tuesday, 28 July 2015 09:17 AM

හෝටලේ ඇතුලතින් මෙයාට සම්බන්ධකම් ඇති. නැතිනම් තරු 5හේ හෝටල්වල නැවතිලා ඉන්න අය ගැන විස්තර පිටට දෙන්නෙ නෑ. (නදී)

:       0       0

සිල්වා Wednesday, 29 July 2015 05:39 AM

කොච්චර බුධිමතෙක් උනත් සිසිටිවි කැමරා ගැන සිතලා නැහැ (ම)

:       0       0

කැළුම් Tuesday, 28 July 2015 04:08 AM

ඒක තමයි බුද්ධි අංශ නිලධාරියකුගේ දක්ෂකම, රෙජී.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site