දින කිහිපයකට පෙර කොළඹ කොල්ලුපිටියේ තරු පහේ හෝටලයක ආලින්දයට ත්‍රී රෝද රියක් ඇතුළු කැරිණි. එම හෝටලයට ත්‍රී රෝද රථ ඇතුළු කිරීමට ඉඩ නොදෙන නමුත් එහි සිටි පුද්ගලයා කියා සිටියේ තමාගේ කකුලක් අනතුරට ලක්වී ඇති බවයි. කිහිලිකරුවක්ද ඔහු ළඟ විය.
කිහිලිකරුවෙන් හෝටලයට ඇතුළුවූ ඔහු එහි ලොබියේ අසුන්ගත්තේය. හෝටලයේ කාමරයක අංකයක් කී ඔහු තමා එම කාමරයේ සිටින බවද සඳහන් කළේය. ඔහු කී විස්තර කළමනාකරුගේ පරිගණක තිරයේද දිස්විය. කාමරයේ යතුර කොහෙදෝ වැටී ඇතැයි ඔහු කීවේය. කෑම ඇනවුම් කරද්දී ඔහු බ්ලැක් ලේබල් විස්කි බෝතලයක්ද ඇනවුම් කළේය. එවැනි හෝටලයක බ්ලැක් ලේබල් විස්කි බෝතලයක මිල රුපියල් 45,000ක් පමණ වේ. රෑට කෑමෙන් පසුව විස්කි බෝතලය ඔහුගේ සහායකයාට දී ඔහුත් සමග හෝටලයෙන් පිටවී ගියේය.
කළමනාකරු ඉන්පසු ඔහු කිවූ කාමරයට බිල යැව්වේය. කාමරයේ ආගන්තුකයාට තරු පෙනිණි. ඔහු එම දේවල් ඇනවුම් නොකළ බව කීවේය. හෝටලය පොලිසි ගියේය. පොලිසිය හෝටලයේ සීසීටීවී ආරක්ෂක කැමරා පිරික්සුවේය. එමගින් ත්‍රී රෝද රියදුරා සොයාගත්තේය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේය. ‘හරි හොඳ මහත්තයා, මාත් එක්ක ඉඳ හිටලා ඔහොම හෝටල්වලට යනවා. මහත්තයා කාලා බීලා මටත් දෙනවා. අඩියකුත් දෙනවා. එදා මහත්තයා මාත් එක්ක හෝටලයට ගියා. කෑවා බීවා. මටත් දුන්නා. මහත්තයා අතුරුගිරිය පැත්තේ ගෙදරටත් ගිහින් ඇරලුවා‘
පොලිසිය ඔහු සොයා ගත්තේය. ඔහු විශ්‍රාමිකයෙකි. වයස 61කි. විශ්‍රාම ගත්තේ පොලිස් බුද්ධි අංශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ අයට හොඳට කන්න ඕනෑ. පහුගිය දවස්වල මාලඹේ 'ට්‍රැෆික්' සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා හා චුදිතයාගේ රෑ කෑම බිල රුපියල් 35,000 කියලා පත්තරවල තිබුනා. (නදී)
සේවා දිගුවක් දිය යුතු බුද්දීමතෙක් (නදී)
විශ්‍රමිකයා කොහොමද අගන්තුකයාගේ කාමරයේ අංකයයි විස්තරයි දැනගත්තේ. කරපු සේවයටත් ලැජ්ජයි. (නදී)
හෝටලේ ඇතුලතින් මෙයාට සම්බන්ධකම් ඇති. නැතිනම් තරු 5හේ හෝටල්වල නැවතිලා ඉන්න අය ගැන විස්තර පිටට දෙන්නෙ නෑ. (නදී)
කොච්චර බුධිමතෙක් උනත් සිසිටිවි කැමරා ගැන සිතලා නැහැ (ම)
ඒක තමයි බුද්ධි අංශ නිලධාරියකුගේ දක්ෂකම, රෙජී.(ම)