බස්නාහිර මහානගර ව්‍යාපෘතිය ඔස්සේ මහා සංවර්ධනයක් සඳහා කොන්ක‍්‍රීට් වනාන්තරයක් ඇති කිරීම සිදු නොකරන බවත්, මුළු රටටම ගැළපෙන අයුරින් විධිමත් ග‍්‍රාමීය හා නාගරික සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය.
බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් එසේ කී ඇමැතිවරයා තමන් 2008 වසරේ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී මධ්‍යම පරිසර අධිකාරිය සහ සම්පත් පාය අවට ප‍්‍රදේශය හරිත කවයක් ලෙස නම් කිරීමට කටයුතු කළ බවත් එහි පළමු කොටස ලෙස ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත හරිත කවය ලෙස දියුණු කළ බවත් කීවේය.
ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගරයෙහි, අධිනාගරීකරණය වූ ප‍්‍රදේශයක නව පාර්ලිමේන්තු සංකීර්ණය අසල සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටි බැද්දගාන තෙත්බිම ඉතා සුන්දර පරිසර පද්ධතියකි. මෙය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ කුරුළු අභය භූමියේ මායිමටද ඇතුළත් වේ. මෙම සොඳුරු භූමියේ සුන්දරත්වයට හානි නොවන අයුරින් හා එහි සුන්දරත්වය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹිය හැකි අයුරින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ‘බැද්දගාන තෙත්බිම් උද්‍යානය’ නිර්මාණය කර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කියපු 10 ගුණයේ සංවර්ධනය කොහෙද? (නි)
හරිත උයන කෙසේවෙතත් තමාට අයත් වාහනයට හැපුණු ළමයා ගැන බැලුවා නම් අපි මීටවඩා සතුටු වෙනවා (නි)
අවුරුදු එකහමාරක්ම තිස්සේ මෙගාපොලිස් කියමින් ඔබේ කතා ඇහුවා මිස තවම අපි දුටු දෙයක් නම් නැත. (නි)
යන යන හැමතැනම හිටවන්නේ නා ගස්. හෙවණ ඇරුනම වෙන මොනවද ලැබෙන්නේ මේ ගසින්. මේ රට ලෝකේ වෙනත් රටවල් වගේ මන්දපෝෂණයෙන් කිසිදවසක නොපෙළෙන්නේ ඇයි? ඒ අපේ රටේ තිබෙන කොස් ගස නිසයි. මෙය තරම් පරිපුර්ණ පෝෂණදායි ආහාරයක් ලොව තවත් නැත. මතු අනාගතයේ ලොව ආහාර හිඟයකට මුහුණපෑමට නියමිතයි. අපි නිකම්ම පැල රෝපණය වෙනුවට ඇමතිතුමා රට පුරා හැම ගෙවත්තකම කොස් ගසක් දෙකක් වවන්න වැඩපිළිවලක් දමමු. (නි)
සිතට සැනසීම ගෙනදෙන පුවතක් (නි)
තෙත් බිම් මත ලෑලි පාලම් කොච්චර කලක් තියේවිද දන්නේ නෑ.(ම)
මේක තියෙන තැන කියන්න පුලුවන්ද....? (හේ)
මේක තියෙන තැන කියන්න පුලුවන්ද....? (හේ)
මම නම් ගහකොළ සතුන් හා පරිසරයට හරිම ප්‍රියකරන කෙනෙක්. එයින් ලබන සතුට කියා නිම කළනොහැක. (නි)
බොහොම හොඳයි (නි)
මේ වෙන කෙනෙක් කරවපු දෙයක් නෙමෙයිද විවෘත කරන්නෙ? (නි)
මේ වගේ උයන් තව තවත් ඇතිකරන්න පුළුවන් නම් කොච්චර හොඳද? (නි)
ගාමිණීගේ අදහස කාලෝචිතයි. කොස් ගස් වැවීමට ප්‍රමුඛත්වය දිය යුතුයි. (නි)
මිනිහෙක් හොඳ වැඩක් කළත් ඔහේ පිස්සෝ වගේ කෑගහනවා , වැරදි කාරයෝ නිවැරදි කාරයෝ කරනවා ... නිවැරදි මිනිස්සු වැරදි කාරයෝ කරනවා.. මුන්ට ඕන විදියට ගෙදරවත් වැඩ කරනවද මන්ද (බ)
ගොඩක් හොද වැඩක් මෙතුමා කවදත් පරිසර හිතකාමී ආදර්ශමත් පුද්ගලයෙක් (ර)