ආසියා කලාපය අන්තවාදයෙන් තොර සාමකාමි කලාපයක් බවට පත් කැර ගැනීමේ අරමුණින් බොදු බළ සේනා සංවිධානය මියන්මාරයේ 969 බෞද්ධ සංවිධාන යේ නායක අශින් විරාතු හිමියන් සමඟ අද (30) ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම ගිවිසුමට අනුව මියන්මාරයේ 969 සංවිධානය හා එක්ව කටයුතු කරන අතරම අන්තවාදයෙන් තොර සමාජයක් බිහිකැර ගැනීමේ උත්සාහය සාර්ථක කැර ගැනීම සඳහා ඉදිරියේදී ලොව සියලු බෞද්ධ සංවිධාන මෙන්ම අන්තවාදී ආකල්ප වලින් තොර හින්දු මුස්ලිම් සංවිදාන ද ඒක රාශි කැර ගනිමින් කටයුතු කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ පැවසුහ.
අන්තවාදයට එරෙහි මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම සිදු වුයේ කිරුළපන පිහිටි බොදු බළ සේනා මෙහෙයුම් මධ්‍යස්ථානයේදීය.
969 සංවිධානයේ ප්‍රධානි අශින් විරාතු සහ ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ එම ගිවිසුමට අත්සන් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදය නම් එපා (දී)
අර වටරැක හාමුදුරුවන්ට කල දේම ඇති මෙයාල බුදුන් දැක නිවන් දකින්න. ඒ පිනම ඇති අමා මහා නිවන් සම්පත්තිය ලබන්න. (නදී)
එහෙම තමා ටාසන් හරි එක තාම දන්නේ නැහැ මාර අව්ලක් මේක (දී)
අන්ත වාදයට විරුද්ද වෙනවට මමත් කැමති,එහත් සංඝයා වහන්සේලා දේසපාලනය නම් නොකළ යුතුයි . එහි ආදීනව අපි හොඳට ඇත දැක තියෙනවා.අනිත් එක සමහර සංවිදාන පිටිපස විවිද දෙසපාලනයට සම්බන්ද පුද්ගලයින් ඉන්නවා. එය පැහැදිලයි. එය එසේ නොවිය යුතුය (දී)
ලිදේ ඉන්න මැඩියා දන්නේ ලිදේ දිග පළල පමණයි. මෙයාලගේ ඇතුලාන්තය දන්නේ බුද්දිමත් කියන ජනතාව පමණයි. (නදී)
අපේ මහනායක හිමවරු කෝ ? (නදී)
සදහටම පවතින්න ඕනේ මේ සම්භන්ධය (දී)
කුමාර්.. මේ අහන්න කුමාර්ට මේක විහිළුවක් උනාට අපිට මේ කරතව්‍ය ගොඩක් වටිනවා. මේක විහිළුවක් නෙවෙයි අපේ තේරවාධි බුදුසසුන රැක ගන්න හදන උත්සහයක්, ඔහේ වගේ අයගෙන් බුද්දාගම ආරක්ෂා කරගන්න දරන උත්සහයක්. (දී)
අන්තවාදයට හැමෝම විරුද්දයි බෞද්ද දර්සනය ඔස්සේ සකල ලෝක වාසීන්ට සියලුම ජාතීන්ට කිසිදු කරදරයක් නොවී සාමකාමී සමාජයක් ගොඩ නැගීමට අපගේ සහයෝගය ඒ තුල ගැබ්විය යුක්තේ එකිනෙකට ගරු කිරීමකි !! (දී)
අන්තවාදයෙන් තොර සාමකාමි කලාපයක් කරන්න ඔය සංවිධාන දෙකම විසුරුවා හැරියා නන් මීට වඩා හොඳයි. (නදී)
සාදු සාදු සාදු. බුදුදහම ලොව පැතිරේවා. සාර්ථක අර්ථ ගැන්වූ සියලු දෙනාටම බුදුසරණයි (නදී)
බෞද්ධ රටවල් සියල්ල එක්වෙන්න. බුදු දහම වෙනුවෙන්. (ස)
බුදු සරණයි (දී)
කුමර්ලගේ ඇස් වලට වැලි ගහනවා වගේද (දී)
මගේ පිළිතුර හුදෙක්ම ටාසන් සදහම පමණි. පිළිම වන්දනාව බුද්ධ දේශනාවේ තිබෙන දෙයක් නොවුනට එක මිනිසුන්ගේ සංස්කෘතියත් එක්ක බැඳී පවතින දෙයක් . එකෙන් පිලිබිඹු වෙන්නේ ඔවුන්ගේ බුදුන්වහන්සේට තිබෙන සමීප බව හා ගෞරවය. නමුත් මිසදුටුවන් වන බොහොමයක් කිසිවෙකු දැකනැති කිසිවක් කල නොහැකි පිළිම නැති දෙවියෙකුට වඳිති. (ස)
හොඳ දෙයක්(දී)
අහෝ බුද්ධ ශාසනයට ගිය කලක්.....පාදඩ දේශපාලනය හැම තැනකම හොල්මන් කරනවා....ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි මටත් හිතෙනවා......මී ළඟ ජනාධිපතිවරණයට ආණ්ඩුවේ බළල් අතේ නැටවෙන හැටි මට පෙනෙනවා......අබම සරණ තමා මුළු රටටම....(ස)
ලංකා මිනිසුන් උගත් මේගොල්ලන්ගේ ගැට වලට අහුවෙන්නේ නැ. (දී)
සියලුම බෞද්ධ රටවල් එක්සේසත් කිරිමට බොදු බළ සේනා සංවිධානයට ශක්තිය ලැබේවායි පතමු. ඔබවහාන්සේලාට ජාතියේම ප්‍රනාමය. (දී)
ජය වේවා! (නි)
දේශපාලනික වශයෙන් තීරණ නොගන්නා තුරු මගේ සහාය ලබා දෙනවා (දී)
දේශපාලන බළල් අතක් නොවෙනවා නම් අපිත් ඉස්මුදුනින් පිළිගන්ට කැමතියි. (දී)
ආගමික කටයුත්තකදී සාමාන්‍ය සිරිතක් සුදු පැහැති ,ඇඳුම් පැල දුම් අර .. කළු පැහැති ඇඳුම් හැඳි ඩබල... මියන්මාර්ද ?බොඩි ගාඩ්ලාද ?(දී)
බොහොම හොඳ දෙයක් පරක්කු වෙලා හරි ගත්තු තීරණය හරි සාධු.... සාධු.....සාධු... (දී)
ජය වේවා ! (දී)
මේ සහයෝගී තාවය අපි අගේ කරනවා (දී)
ලෝකයේ සංවර්ධිතම රටක් වන මියන්මාරයේ බුදුදහම මොනතරම් වටිනවද කියල අපේ සමහරුන්ට නොතේරෙන එන්නේ පුදුමේ? මියන්මාර බුද්ධාගම් ක්‍රම සහ විදි අපි ආදර්ශයට අරගෙන දැන්වත් දියුණු වෙන්න බලමු . නිවන තියෙන්නේ ඇත නොව ළඟ බව නොතේරෙන හැටි. සාධු,,, සාධු,,, සාධු,,, (දී)
තේජාන්විත... ඔබ තුමා ඒකදේව සංකල්පය ගැන තව දුර හැදෑරුවොත් මෙසේ නොකියයි , විවිධ ආගම් හදාරන්න තව තව පොත් පත් කියවන්න, ආගම අතර සමානත්මතාවන් අවබෝධ කරගන්න .......විද්වතුන් දාර්ශනිකයන් ලෝකය ගැන ආගම ගැන ශාස්තෘෘවරුන් ගැන අදහස් කියවා දැන ගන්න. (ස) .
ථෙරවාද බුදු දහම සදාකල් ලොව පවතීවා ... (දී)
සාදු සාදු! (නි)
සිරි ලංකාව බෞද්ධ රටකි (නි)
චිරන් ජයතු! ඔබට යෝධ බල සහ සුව! (නි)
අනේ මන්දා! මේකෙ අදහස් දාලා තියෙන ඔක්කොම කොහොම අයද කියලා. (නි)
කුමාර්,බොදු බල සේනා සංවිධානය ඒ විදියට ඔයාට පේනවා ඇත්තේ පසුගිය දිනවල එම නායක ස්වාමීන් වහන්සේ , ටිකක් ආවේගශීලීව හැසිරුන නිසා වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. පසුගිය දිනවලදී බුදු දහමට එරෙහිව ඇති වුණ ප්‍රශ්න වලදී, අවිහිංසකව කතාබහ කරලා, ප්‍රශ්න විසඳන්න ටිකක් අමාරු බව පෙනුන නිසා උන් වහන්සේට ආවේගශීලීව හැසිරෙන්න වුණා. (නි)
බුදු සරණයි! (නි)
බොහොම හොඳයි (නි)
දන්නා කෙනෙක් කියන්න ? ඇයි මෙතන තියෙන පිළිමයේ චීන මුහුණක් තියෙන්නේ /??? (දී)
ගාමිණී සිරිවර්ධන මහත්තයෝ. අර කළු පාට ඇඳුම් ඇඳගෙන ඉන්න පින්වත් උපාසක මහතුන්ට "බොඩිගාඩ්" යන නමින් අමතල අපහාස කර ඔබ තුමාගේ නොදැනුවත් කම ප්‍රදර්ශනය කරන්න එපා. ඒ උත්තමයිනුත් බුදු දහම ආරක්ෂා කර ගන්න ඉන්න මුර දේවතාවන් හැටියට හිතන්න පුරුදු වෙන්න. අපේ ඥනසාර හාමුදුරුවන්ගෙන් වගේම ඔය කළු සුට් එක ඇඳගෙන ඉන්න උපාසක මහතුන්ගේ සංවිධානයෙන් බුදු දහමට මොනතරම් සේවයක් සිදුවෙනවද යන්න හොයා බලා දැනුවත් වෙන්න. අපේ කලුසුට් පින්වත් උපාසකයින් ඇතුළු පින්වත් ඔබ සැමට සාධු,,,,සාධු,,,සාධු,,,, (නදී)
බුදුසරනින් මෙම බුදු දහම රැක ගැනීමේ ප්‍රයත්නය සාර්ථක වේවා. (නදී)
මොනවා වුණත් වැඩේ හොඳයි (නි)
හැකිතාක් එක්ව සිටීමෙන් යහපතක් සිදු වෙනවා (දී)
ඉතා හොද වැඩක් මම කියන්නේ (දී)
ඉතා හොඳයි (නි)
කුමාර් නමැති පුද්ගලයාට කොහොමටත් බුදුදහමත් සමග යම් ප්‍රශ්නයක් තියෙනවා.මම මීට අවුරුදු තුනක පමණ කාලයක ඉදන් මොහුගේ අදහස් කියවනවා.මම නම් දන්නවා ඔහේගේ ආගම මොකද්ද කියලත්.නමුත් බුද්ධගම්කාරයෝ දෙකේ කොලයට වැටිලා නැහැ, ඔහේ වගේ වෙනත් ආගමකට ගරහන්න. (ස)
අපි ජීවත් වෙන්නේ අවුරුදු 100කට අඩු කාලයක්. ඒ කාලය තුළ , හැම ආගමකම නායකයන් එකතු වෙළා " හැමෝටම සමඟියෙන් ඉන්න පුළුවන් විදිහේ එකමුතුවක් ගොඩ නැගීමද කළ යුතුයි. හැබැයි ආගම වෙනුවෙන් ලේ පෙරාගෙන සත්තු මරන්න දෙන්න නම් බැහැ.නමුත් එහෙම හැසිරෙන මිනිස්සු ජාතියකුත් ඉන්නවනේ.(අ)
ලෝකේ සෑමදේම ඉබේ සිදුවෙනවා කියා යමෙක් සිතනවා නම් ඔහුතරම් මෝඩයෙක් තවත් නැත.(දිල්)
තව තවත් තියෙන තියෙන සංවිධාන එකට එකතු වෙන්න (දී)
ඕනෑම සමාජයකට යහපතක් සිදුවන කටයුත්තකදී ජාති,ආගම් බේදයකින් තොරව එයට ගරුකළ යුතුය. නමුත් මේවායේ ක්‍රියාකාරිත්වය ඒකපාර්ශ්විකද යන්න කෙනෙකුට ගැටලුසහගතය. මේ නිසා මෙම තීරුවට ප්‍රතිචාර දක්වන පින්වත් මහත්වරු කරුණාකර මගේ ගැටලුව විසඳා දෙන්න. (නි)
ටාසන්, මේක චීන බුදු පිළිමයක් නෙවෙයි බුරුම බුද්ධ ප්‍රතිමාවක්. ඒක බුරුම සංස්කෘතිය. ලෝකයේ වැඩියෙන්ම කිරි ගරුඩ බුදු පිළිම හදන්නේ බුරුමයේ. චීන පන්සල් වලටත් කිරි ගරුඩ පිළිම අරන් යන්නේ බුරුමයෙන්. (දී)
හොඳ වැඩ වලට හොඳයි කියන්න (දී)
සුරංග මුදියන්සේ දීලා තියෙනවා නියම උත්තරේ (දී)
පින්වත් ටාසන්, වැදි නමකින්ම පෙනීසිටින ඔබ කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කිරීම කරන්නෙමි. බුදුන් වහන්සේ අදහන ලෝකයේ කොහේ හෝ බෞධයෝ උන් වහන්සේ තමන්ගේ කෙනෙක් ලෙස දැකීමට පුරුදුව සිටි මක්ද යත් උන් වහන්සේගේ දේශනාව මිනිසාට එතරම් සමීප වේය. මෙනිසා බුදු පිළිම නෙළන්නා ඔවුන්ගේ රුපාණු කාරයෙන් පිළිමය නෙලත් (දී)
තෙරුවන් සරණයි! (නි)
ඔය සියලු බලකා එකට එකතු වෙන්න (දී)
කියලවත් කරගන්න බැරි වැඩක් (දී)
මොකද්ද ඇත්ත බලාපොරොත්තුව (දී)
හිතවත් ටාසන් සොහොයුර, ලංකාදීපය අපවෙත ගෙනා පණිවිඩයෙන් සිදුවී ඇති උතුම් සිදුවීම ගැන බලන්න. පසෙක ඇති බුදුපිළිමයේ ඇති එය නිර්ම්ත රටේ සංස්කෘතික ලක්ෂණ ගැන කතා කරනවාට වඩා වැදගත් වන්නේ තථාගත යන් වහන්සේගේ උතුම් ධර්මයම ගුරුකොට ගැනීමයි. ශ්‍රී ලංකාවේ පන්සල් වලද විවිද ආකාරයේ බුදුපිළිම ඇති බව ඔබ දැක ඇති . (නදී)
යුගයේ අවශ්‍යතාවයක්. මිල කල නොහැකි අගනා කටයුත්තක්. මේ රටේද සිංහල බෞද්ද සංවිදාන එකම සන්විදානයක් බවට පත් වේවා. (නදී)
මම නම් කැමතියි මේ වැඩේට (දී)
නියම විහිළුවක්, අන්තවාදී සංවිදාන දෙකක් එකතුවෙලා, කියනවා "අන්තවාදී ආකල්ප වලින් තොර" සංවිදාන සමග එකතුවෙලා "සාමකාමි කලාපයක්" ගොඩනගමු කියල. "දී කිරට බළල්ලුත් සාක්කිලු" (දී)
ඕනෑම සංවිදානයක් අන්තවාදයෙන් තොරවීම හොඳයි. නමුත් බො.බ.සංවිදානයේ අතීත ක්‍රියා අනුව ඔවුන් විශ්වාස කල නොහැකිය. ගලබොඩ හාමුදුරුවෝ කිව්වා "මට අනාගතය මහා භයානක විදියට පෙනෙනවා කියලා" එය සත්‍යක් වෙන්නයි යන්නේ. මෙය ආරම්භය පමණි. (නදී)
ඉතාමත් සන්තෝෂ ජනක පුවතක් (දී)
රුවන්වැලි සෑය පාමුල තියෙන්නෙත් බුරුමයෙන් ත්‍යාග කල බුදු පිළිමයක්. ථේරවාදී රටවල් දෙක අතර ඇති ඓතිහාසික සම්බන්ධතාව නොදැන හෝ ඕනෑකමින්ම සඟවා බොහෝ අය අදහස් ප්‍රකාශ කරනවා. (දී)
බොහොම හොඳ වැඩක්. ඕක තමයි වෙන්න ඕනේ (නදී)
හාමුදුරවනේ ඉතාම හොද ක්‍රියාවක්. අපි හැමෝම එකට එකතු වෙමු... සාදු...සා..දු.. සා...දු....!(දී)
සුරංග මුදියන්සේ වැනි බුද්ධිමත් ව්‍යක්තයන් මේ දිනවල සිටීමත් සතුටුයි. (දී)
කුමාර් වගේ පව් කාරයෙක්, පවුල් පිටින් අපා ගත වෙන්න එපා බුදු දහම සුරකින උත්තමයන්ට අපහාස කරලා, මිනිහෝ! (දී)
අන්තවාදය හිස ඔසවමින් තිබෙන මේ වගේ වකවානුවක මේ ඒකරාශි වීම බොහොම හොද දෙයක්. බොදුබල සංවිදානය ඇතුළු සියලු බෞද්ධ සංවිදාන වලට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා (නදී)
එක්ව සිටීම ශක්තියේ පදනමයි... (දී)
සාදු... සාදු...මොන අාගම අැදහුවත් අවිහිංසාව පිළිගන්නා හැමදෙනෙක්ම මේ වටා රොක්වනු අැතැයි සිතමි. (දී)
සුභපැතුම් බුදු සරනයි (දී)
බුදු දහම සුරැකීම හොඳ දෙයක්. හැබැයි මිනිස්සු අවුස්සලා මිනි මරාගන්නේ නැතුව. අනික මෙතන කොමෙන්ට් දාන කීයෙන් කීදෙනාද අදහන්නේ ? පන්සිල් රකින්නේ ? (නදී)
ඔබ සැමට බුදු සරණ වේවා (දී)
හොඳ දෙයක් අනේ සාධු සාධු,,, (දී)
බුදු දහම කියන්නේ ඉතාමත්ම නිර්මල අවිහිංසාවාදී මිනිසාගේ ජීවන පැවැත්ම යහපත් මගට යොමු කරලන නිර්මල දහමක්. ඒ වුනත් මේ බොදු බල සේනා වැනි සංවිදාන මම දකින්නේ බුදුදහම සුරකින සංවිදාන නෙවේ. එහෙම උවමනාවක් තිබුනා නම් දළඳා මාලිගාව අබියසදී කාර් රේස් දුවද්දී මත්පැන් දෝර ගලද්දී අඩ නිරුවත් රැඟුම් පාද්දී මේ සංවිදානයේ අය මොකද එයට විරුද්දව කතා නොකළේ. මෙය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන හස්තයකින් එයාලගේ ඕන එපාකම් සපුරා ගන්නයි. අශින් චිරතු හිමියන්ට ලංකාවට වැඩම කරන්න දුන්නා නම් අැයි දලයි ලාමා හිමියන්ට විරුද්ධ වෙන්නේ. ඒ හිමියන් අවිහිංසාවාදී නිසාද (නදී)
හොඳ කාලෝචිත හා ආදර්ශමත් වැඩක් (දී)
රට ගොඩ ගන්න බැරි වෙන්නම පිරිහිලා (දී)
මොන සංවිධාන සමග හෝ ගිවිසුම් අත්සන් කර රටට හොඳ වැඩක් කරන්න. දැනට රට හොඳටම පිරිහෙලා තියෙන්නේ. (දී)
ඒ ගමන මොකද වෙන්නේ? (නදී)
කුමාර් මහත්තයෝ මෙිි වැඩෙිි හොද වැඩක්.ඔබතුමා අනුවනයෙක් බව දැනේනවා එ උනාට ඒ බව විදාහා දක්වන්න එපා..බුදු සරණයි සැමට (දී)
හේමන්තටත්.... සුරංග මුදියන්සේටත් යමක් පැහැදිලි කරදෙන්න මනා හැකියාවක් තියෙනවා ස්තූතියි. (දී)
නදීක, ඔය කියන්නේ "ශනික විහිදුම් බලකාය", "මහා සොහොන් බලකාය", "ඩිෆෙන්ඩර් බලකාය" වගේ බලකායවල්ද? (නදී)
පිළිමේ නොවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ (දී)
මම හීනෙකින්වත් හිතුවේ නැහැ (දී)