රුපියල් දෙකෝටියක් පමණ වැයකර වසර 10 කට පෙර නුවරඑළියේ ඉදිකළ සුරාබදු ගොඩනැගිල්ල වසර අට හමාරක් තිස්සේම අතහැර දමා ඇත. එම දෙමහල් ගොඩනැගිල්ලේ වහළින්ද පොළොවෙන්ද ජලය කාන්දුවීම, බිත්ති පිපිරීයාම හා ප්‍රමිතියකින් තොර ඉදිකිරීම නිසා එහි පදිංචිය අනතුරුදායක බව සුරාබදු නිලධරයෝ කියති.
නුවරඑළියේ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතාගේ උපදෙස් මත ගොඩනැගිල්ල ගැන වාර්තාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව බරපතල අඩු පාඩු 18 ක් එහි දැක්වේ.
කුමාරසිරි මහතාට ඉදිරිපත් කළ වාර්තාව අනුව ගොඩනැගිල්ලේ ඉහළ මහළ ඉවත් කිරීම හෝ එම ගොඩනැගිල්ල ඉවත් කර නේවාසික පහසුකම්ද සහිතව තෙමහල් හෝ ඊට වැඩි මහල් ගණනකින් යුතු ගොඩනැගිල්ලක් ඉදි කරන ලෙස නිර්දේශ කර ඇත.
ජල නළ පද්ධතිය අවිධිමත්ව එලා තිබීම නිසා පළමු මහල සිට බිම් මහල දක්වා ජලය කාන්දු වීම, බිත්ති පුපුරා තිබීම, වැසිකිළි බට නියමිත ප‍්‍රමිතිය නොමැතිව පැවතීම, ඒ වටා කොන්ක‍්‍රීට් දමා නොතිබීම, පළමු මහලයේ වැසිකිළි බිත්තවල වතුර කාන්දුවීම, ඉහළ මහලයේ ගඩොල් බැම්ම ඔළුගල් ක‍්‍රමයට පමණක් බැඳ තිබීම, බිත්ති වෙන් කිරීම ගඩොල් මුහුණත සිරස් ලෙස බැඳ තැබීම, අනුමත පිලිස්සූ ගඩොල් භාවිතා නොකර විශාල
ගඩොල්වලින් බිත්ති බැඳ තිබීම, විදුලි පද්ධතිය නිසි ලෙස වයරින් නොකිරීම, ඉහළ මහලයේ සිවිලිමට අනුමත ප‍්‍රමාණයේ දැව භාවිතා කර නොකිරීම, වහලට දමා ඇති කාප්ප නිවැරදි ලෙස සවි නොකිරීම, ඉහල මහල නගින පඩිපෙලේ ගමන් කිරීමේදී දෙදරීමට ලක්ව ඇති බැවින් නියමිත පරිදි කම්බි බැඳී නැති බව නිරීක්‍ෂණයට ලක්වීම, ඉහළ මහලයේ පොලොවේ කොන්ක‍්‍රීටය සඳහා නිසි පරිදි කොන්ක‍්‍රීට් කම්බි නොයෙදීම එම කරුණුය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් දෙකෝටියක් කියන්නේ කජු ඇටද,කොස් ඇටද? අහෝ මහජන මුදල්! (නි)
මේ ඡායාරූප වලින් කියැවෙන්නේ අකුමවත් පාලන ක්‍රමයේ නිරුවත්යි. ගහගන්න මිනිහාට ඕනෑතරම් ගසාකන්න දෙන ලිහිල් ආර්ථික ප්‍රතිපත්තියක් හැදු හැමෝටම දිනක මේ ශාපය වදිනවා. මේ ආකාරයට මෙය සුරාබදු දෙපාර්තමේන්තුවට පාවිච්චියට නොගෙන ගරාවැටීමට සැළැස්වීම මොනතරම් අපරාධයක්ද? (නි)
කොන්ත්‍රාත්කරු විසින් අධීක්ෂණ කාර්ය මණ්ඩලය මිලට ගෙන ඇති බවක් පෙනේ. (ර)
මම නම් කියන්නේ රජයේ මෙවැනි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු යුධ හමුදාවේ ඉදිකිරීම් අංශයට දීලා කරගත්තනම් හරි කියලයි. ගසා කෑමකින් තොර පිළිවෙලකට නියමිත ප්‍රමිතියකට එහෙනම් වැඩෙත් අකුරටම සිද්ධ වෙයි. (ර)
සාමාන්‍ය ජනතාවට නිවසක් සාදා ගන්න තියෙන නීති නම් එමටයි . (බ)
මේක නම් තනිකරම හොර වැඩක්. කොන්ත්‍රාත් කරුට නඩු දමා මුළු මුදලම අය කර ගත යුතුයි. ඒක පිටිපස්සේ හිටපු දෙස්පාලුවගෙන් ගන්න සාක්කි නෑනේ. (අ)