සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කළේය.
2014 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික නාඔමි මිචෙල් කොල්මන් නමැති කාන්තාව එසේ අත්අඩංගුවට පත්ව තිබිණි. අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගතියට පත් කාන්තාව වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 5ක් සහ ඉතිරි රුපියල් ලක්ෂය ඇය අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 50000 බැගින් ගෙවන ලෙසද නියෝග කළේය.
නඩු ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දෙකක් ද ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලෝ දැනගනිත්වා....! ලංකාව දැන් සිංහල බෞද්ධ රටක් නොවීගෙනයි යන්නේ...
ඉතා හොඳ තීන්දුවක්, දූපත් මානසිකත්වයෙන් ඉන්න අයට මෙය පාඩමක් විය යුතුයි. මම දැක්කා කිරිබත්ගොඩ කඩයකට අපු ස්වාමින්වහෙන්සේ කෙනෙක් සපත්තුවල ඇති නැවේ සුක්කානම් ලාංඡනය පෙන්නලා කරපු විකාරයක්....
මෙහෙම ගියොත් කවුරුත් බුදුරුව පච්ච කොටාගෙන ඒවි !!!
ගොඩක් හොඳයි.. එයට ඕනෑ කමක් තිබුණානම් එයාගේ ආගමක කෙනෙක්ගේ පච්චයක් කොටන් එන්න තිබුණා. ආගම කෙලසන අයට දඬුවම් දෙන්න ඕනෑ..
ලංකාවේ හයි කොමිෂන් එකෙන් හරි වීසා අයදුම්පතේ හරි ගහල තියෙනවද මේ ගැන යමක්?
රාලහාමිලා දෙන්නගේ දඩගෙවන්නත් පිණ්ඩපාතයේ යන්න වෙයිද?
මම හරි කැමැතියි ලංකාදීප පත්තරේ කමෙන්ට්ස් කියවන්න. බුද්ධාගම රකින්න ඉන්නවා මිලියන ගාණක්... නමුත් බුද්ධාගම අනුව ජීවත්වෙන්න කාටවත් ඕනැ නැහැ. බලන්නකෝ රචනාවේ හැටි...
දැන් නඩුකාරයොත් හිතන්නේ යහපාලනයේ අයියලාට ඕන විදියටයි. කෝ අධිකරණයේ ස්වාධීනත්වය. මෙහෙම ගියොත් බෞද්ධයින්ට මුහුදේ පැනලා මැරෙන්නයි වෙන්නේ...
ඔය කට්ටියම අවීචි මහා නරකාදියේ වැටිලා කල්ප ගණනක් විඳවයි..
ඒක එයාගේ ශරීරය... ඒක ලංකාවට වලංගු නැහැ. අපි කැමතිත් නැහැ. එහෙම නම් එයාව වෙන රටවල වගේ අනික් පැත්තකට යවන්න ඕනෑ. නමුත් පොලිස් රාළහාමිලා නීතිය අභිබවා ගිහින් ඇදගෙන නාලා.. ඔවුන්ට වඩා මෙය ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියකි. දැන් වන්දි ගෙවලා නීතිය කාගෙන් හරි අහලා නීතිය සහ සාමය දැනගන්න.
බුදුහාමුදුරුවන්ගේ රූප හැම තැනම... නමුත් සැබෑ බුදුහාමුදුරුවෝ නම් කොහෙවත් නෑ.
මැද පෙරදිග රටවල අදහන ආගමික ශාස්තෘවරයෙකුගේ රුවක් සිය බාහුවේ පච්ච කොටා ගෙන සංචාරකයෙක් එවැනි රටකට ඇතුල්වීමට උත්සාහ කලානම් එයාට ආපහු යන්න වෙන්නේ බාහුව නැතුවයි! ආගමික නායකයන්ගේ පිළිරූ, පච්ච, නාන ඇඳුම් ආදිය වෙළඳ භාණ්ඩ නොවෙයි. මා පදිංචි මේ රටේ බුදුරුව, පිළිම ආදිය වෙළඳ භාණ්ඩ හැටියට විකුණන අවස්ථා එමටයි ....
හැම දේකටම ආගම, සංස්කෘතිය හා දේශපාලනය ගාවා ගන්නවා. මේ කාන්තාව බෞද්ධ කෙනෙක් නොවේ,අපි බෞද්ධයෝ මේ වැඩේ නොකළ ඉමු.
සමහර උදවිය බුද්ධ රුප දේව රුප පච්ච කොටවා ගන්නවා ආරක්ෂා වශයෙන්. ඒ නිසා සිංහලයා මෝඩයා කියන කියමන බෞදයා හිමිකරගන්ට උත්සාහ කිරීම අවශ්‍යද?
මට පොලිස් කාරයෝ දෙන්නට දඩයක් වැදුන එක ගැන තියෙන්නේ අමා සතුටක්. ඒවගේම ශ්‍රද්දව පෙන්වන්න පච්චයක් කොටන්න කාට හරි ඕන නම් එක වරදක්ද?
ඉතමත් හොඳ තීන්දුවක්.
අර නිල්මිණි කියල තියනවා වගේ මැද පෙරදීයි අපේ රටෙයි ජීවත්වෙන අය අතර වැඩි වෙනසක් නැහැ. එකම වෙනසකට තියෙන්නේ දෙගොල්ලෝ අඳින ඇඳුම් වල වෙනස පමණයි.. මොලගෙඩි ටික නම් දෙගොල්ලන්ගේම එක වගේමයි. ඒ අයට නම් අඩුතරමේ පෙරකළ පිනට දෙයියන්ගෙන් ලැබුන තෙල් ටිකවත් තියනවා විකුණගෙන කන්න. එත් අපේ අයට මහපොළවේ තියන වතුර ටිකත් හිඳිලයි තියෙන්නේ. හිත්වල තියන පව්කාර කම් වලට.
ඒ විදේශික කාන්තාව නොදන්නවා ඇති අපේ ඇත්තෝ විනෝදාංශයක් විදිහට නඩු දාන බව. මේක ඉන්දියන් සාගරයේ අමුතු මිනිස්සු ඉන්න අමුතුම රටක් බව මේ විදේශික කාන්තාව දැනගෙන හිටියේ නැද්ද?.
මෙය අන්තවාදීන්ට දුන් කදිම පාඩමකි. බුදු දහම ඇත්තේ පිලීම සහ බෝගස් වල යැයි විශ්වාස කරමින් මරාගෙන මැරෙන්න සූදානම් වූවන් දැනගත යුත්තේ මෙම සියළුම පිලීම නෙලීම් බෝගස් වන්දනාව බුදුන් කල නොතිබුන බවයි. බුදු පිලීමයද පසු කලක ආගමික සංකේත යක් වුවද නියම බුදුන්ගේ ස්වරූපයකැයි කිව නොහැක. තමන් කැමති දෙය තමන් කැමති තැනක පච්ච කෙටීම තමන්ගේ අයිතියකි.
පච්චයක් ගහගන්න යන මුදල ඉතා ඉහල මුදලක්. බුදුරුවක් වගේ සංකීරණ එකකට යන මුදල තවත් වැඩි. අනික පච්චයක් හැටියට තෝරාගන්නේ තමන් හුඟක් ආස , ගරු කරන දෙයක්. ලංකාව මුලදර්මවාදී රටක් නෙවි. බුදුදහම විනාශ වෙන්නේ පච්චයක් හින්දද?
මේක අසාධාරණ තීන්දුවක්. බුදු රුව පච්ච කොටාගෙන ඉන්න හාමුදුරුවරු වෙනත් රටවල් වල ඉන්නවා. මේක බුදු හාමුදුරුවන්ට හෝ බුදු දහමට අවමානයක් වෙන්නේ කොහොමද? එහෙම නම් අපේ සමහර හාමුදුරුවරු කරන දේවල් වලට එල්ලුම් ගස් යා යුතු නේද?
මේ මනුස්සයාගේ කැමැත්ත නිසයි මෙහෙම කරන් තියෙන්නේ අපි අන්තගාමී නොවී මැදහත්ව බලමු.
ඔබගේ උත්තරය නම් ඉතාම අගෙයි කාලෝචිතයි ....ආගම් මිනිසා විසින්ම හදාගෙන තම බලය නුවණ ආගමටම පවරා ඊට යටත්ව බයේ ජිවත් වෙයි ...
පච්ච කොටන එක පුද්ගලික වැඩක්.ගොන් පාර්ට් දන්නේ නැතුව හිටයනම් ඉවරයි.පිට රටකට ගිහින් බලගත්තනම් හරි මිනිස්සු කොච්චර පච්ච කොටගෙන ඉන්නවද කියල. මේකේ මෝඩ නිකන් වැඩ නැති එවුන් ගොන් කතා දාන එක දැන්වත් නිකම් හිටියොත් හොඳා....
මේ සියළුම අදහස් කියෙව්වම මට නම් තේරෙන්නේ අපේ රටේ ඉන්නේ තාමත් සුද්දන්ට ඔළුව නවන මිනිස්සු නේද කියලයි. සුද්දිට බුද්ධාගමට එන්න ඕනේ නම් ඒකට කිසිම බාධාවක් නැහැනේ. ඒත් තුන්ලෝකාග්ර වූ අමා මෑණී බුදු පියාණන් වහන්සේ තමන්ගේ උරහිසේ පච්ච කොටාගෙන නිදා ගන්නකොට අතට යට කරගෙන ඉන්නේ කොහොමද?. එ් වැඩේ කව්රු කළත් වැරදියි. ආයේ ඒකේ කතා දෙකක් නෑ. ඉතින් මේ වැරදි වැඩේ වැරදි වෙන්න නම් අපේ රටේ නීතිය අපේ රටට ගැලපෙන්න සකස් වෙන් ඕන නේද? නීතිය අනුව ඕනෑම ආගමික ශාස්තෘ කෙනෙකුගේ අනුරුවට සමාන ලෙස අනු රූ උන්වහවන්සේලාට අගෞරවයක් වෙන විධියට භාවිතා කිරීම වැරදි බවටත්, එය දඬුවම් ලැබිය යුතු වරදක් බවටත් නීතියක් එන්න ඕනෑ. ඒ සදහා අවශ්‍ය පසුබිම සැකසීමට මෙම සිද්ධිය යොදා ගැනීමට මේ සිද්ධියේ දී උගත් පාඩම් වෙන්නේ්...