රත්නපුර නව නගරයේ අද විවෘත කළ වෛද්‍ය සායන කාර්යාලයයකට බොදු බල සේනාවේ වැල්ලම්පිටියේ සුමනධර්ම හිමි ප්‍රමුඛ භික්ෂූහු පිරිසක් ඇතුළු වී දෙපැයක් පමණ එහි සෝදිසි කර වෛද්‍ය උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවත්, පසුව පොලිසියට භාර දුන් බවත් දැනගන්නට ඇත.
එම උපකරණ අතර ගබ්සා උපකරණ ද ඇතැයි බොදුබල සේනා නියෝජිතයෝ කියති.
එහෙත් පොලිසිය කියනුයේ එම උපකරණ මොනවාදැයි තමන් නොදන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයනවා නම් හැම වැඩක් ගැනම මෙහෙම හොයන්න ඕනෑ. එහෙම කලොත් අපිත් එනවා ඉස්සරහට (නි)
මෙයාලා කොහොමද අදුනන්නේ ඔය උපකරන? එයාලා දොස්තරලද? (නි)
චාමික ඔබ හරි,රානි ඔබ වැරදි.මොනම හේතුවක් නිසාවත් ගබ්ෂාව වැරදිය.එක අනිවර්යෙන්ම මිනිමැරීමක්...මොනම හරි හේතුවකින් ගැහැනියක් හා පිරිමියෙක්ගේ එකතු වීමෙන් මනුස්ස ජීවියෙක් බිහි වෙනවා...එක නැති කිරීම කවදාවත් සමාවක් නොලැබෙන පාපයක්....බොදු බල සේනාවට,අනිත් හැම බලකායකටම මම දැඩිව විරුද්ධය..අපි ගබ්සාවට විරුද්ධ වන්නේ එක පාපයක් නිසා මිසක් බොදු බල වගේ අය කැමරාව ඉදිරියේ කරන මේ රගපෑම් නිසා නම් නෙමේ. (අ)
සමහරු කියනවා අපි බයයිලු සේනාවට. දැන් මේක මාර වැඩේ කියන්නේ සිංහල කාන්තාවන්ට තමාගේ නිදහස වෙනුවෙන් යම් දෙයක් කරන්නත් බැහැ. හැබැයි ඒකට තම්බි මිනිස්සු පලි. (නි)
මමත් අද ඉඳලා තවත් ළමයි දෙන්නෙක් වත් හදාගන්නවා.(නදී)
උපත් පාලන කොපු නම් නවත්වන්න එපා. (නි)
වරුණ, සම්පත්, මේ මොනවද ඕගොල්ලෝ කියන්නේ? මිනිස්සුන්ට ජීවත් වෙන්න තමයි මේ ලෝකේ අලුතින් මෙලොවට බිහිවන්නේත්. මිනිස්සු ඇයි මේ ජාතිවාදයක් අල්ලාගෙන බෙරිහන් දෙන්නේ. කරුණාකරලා සඳුනි අපේ කට්ටියට කියන්න එයාලගේ ජනගහණ වර්ධන වේගය වැඩිකරගන්න කියලා. නැතුව අනුන්ට බනින්න එපා. ඒක නිකන් නිවට කුහක වැඩක් (නි)
කරුණු කරනා තේරුම් අරගෙන කව්රු කව්රුත් අදහස් දක්වනවා නම් හොදයි නේද, ලියන්නම් වාලේ නොලියා. කව්රු කළත් හොද දේ අගයන්න ඕනෑ. ඒක ජාතිවාදය නොවෙයි. (නි)
සඳුනි, එහෙනම් බය නැතුව වැඩියෙන් ළමයින් බිහි කරලා ආදර්ශමත් කාන්තාවක් වන්න හොඳේ (නි)
නිහාල් ඔයාගේ කතාව හරි.වරද තියෙන්නේ අපේ අයගේ.අද හාමුදුරුවෝ පොලිස් බලය අරගෙන.පොලිසිය බණ කියනවා. (නි)
තාරක-කුරානය දැකලවත් තියෙනවද? කවදද අරාබි ඉගෙන ගත්තේ? ඔයා ඉස්ලාමිය විද්වතෙක්ද ? (නි)
මේ රටේ නීතියක් නැද්ද? (නි)
බුද්ධ දර්ශනයේ කියා තිබෙන විදියට .බුදුදහම විනාශ කරන කොටසක් එය තුලිම්ම ඇති වෙනවා . එකම ජාතිය සතුරන් වී මර ගන්නවා . අය්යා මල්ලි ඇන කොටා ගන්නවා . පුතා පියාට සහ අම්මට විරුධව සටන් කරනවා . පියාට පුතාවත් දුවවත් කියා හෙන්ගිමක් නැතිව යනවා . ස්වබාවික විපත් නිතර නිතර ඇතිවී මිනිසුන් මෙරෙනවා . ආයුධ වරුසාවක් වහිනවා . එකී නෙක ඇන කොටා ගෙන මෙරෙනවා . ලෝක විනාශයේ ලකුණු . බුදු දහම විනාශ වී යනවා . මේවා බුද්ධ දර්ශනයේ පැහැදිලිව සඳහන් වෙනවා . මේ ඒ කාලයද කියා මට සිතෙනවා (අ)
ගෆුර්, දවසට කී පාරක් පල්ලි යනවද, පන්සල් යනවද කියන එක මත මනුස්සකම තීරණය වෙන්නෙ නැහැ.ඒ පන්සල් වල පල්ලි වල ඉන්න පූජක අයම කොච්චර නම් වැරදි වැඩ කරනවද? සමහර මිනිස්සු ඔය එක තැනකටවත් යන්නෙ නැහැ.ඒත් හිත හොදයි.සමාජයට අවශ්‍ය බෞද්ධ මුස්ලිම් හින්දු ක්‍රිස්තියානි කියලා බෙදුන අය නෙවෙයි.බෙදීමෙන් වෙන්නෙ හානියක්.තමන්ට කැමති අදහසක් තමන් ලග තියාගත්තට කමක් නැහැ.ඒත් සමාජ සම්බන්ධතා වලට ඒවා අවශ්‍ය නැහැ.පන්සල් පල්ලි කෝවිල් යන අයගෙන් තමන්ගෙ ශාස්තෘන් වහන්සේ කියපු ධර්මය හරියට දන්නෙ කී දෙනාද? (නි)
මෙතන අදහස් දක්වන අය අතර සිංහලයොත්, එදා වගේම අදත් සිංහලයට හතුරුකම් කරන හින් ගලයෝත ඉන්නවා. මම නම් සිංහල ජාතිවාදියෙක් මෙතන අදහස් දක්වන අය අතර සිංහලයන් වගේම එදා ඉඳලම සිංහලයට හතුරුකම් කල හින්ගලයොත් ඉන්නවා. (අ)
බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැයි කියනවනේ.(නදී)
ඒකනේ කමල් කියන්නේ හිමින් යන්න පුරුදු වෙන්න කියලා (නි)
මෙතන ළමයි හදන එකනෙ ප්‍රශ්නෙ. දැන් ඔය ළමයින්ට කන්න දෙන්නෙ එයාලගෙ සල්ලි වලින්ද එතකොට? (නි)
රටක් ඉදිරියට ගෙනයාමට ජනතාව අතර අනොන්ය අවබෝධය ආගමික ජාතික සහජීවනය අවශ්‍යයයි. ඉස්පිරිතාලවල මුස්ලිම් වෛද්‍යවරු (සීමාවාසික බව මතක් කර ගන්න) සිංහල ගෑණු වඳ කරනවා කියන්නෙ එක්කෙනෙක් විතරයි. කෝ ඒ දේ සිද්ධ වෙච්ච කාන්තාව? කෝ ඒ කාන්තාවගෙ ස්වාමියා? නෑදෑයො? කෝ ඔවුන් කවුරුහරි පොලීසියෙ පැමිණිල්ලක් කරල තියෙනවද? අඩු ගානෙ සිද්ධියට කෙලින්ම සම්බන්ධ කෙනෙකුගෙ ප්‍රකාශයක් බේතකටවත් හොයාගන්න නැහැ.රජයේ ඉස්පිරිතාලවල අවුරුදු දහඅටේ පැටික්කියන්ට වඳ සැත්කම් කරන්නෙ නැහැ. මැදි වියේ, ප්‍රමාණවත් දරුවන් සංඛ්‍යාවක් සිටින අම්මලාට පමණයි වඳ සැත්කම් කරන්නේ. මා දන්නා කාන්තාවකටත් සැත්කම කලා, ඇයට දරුවන් හයයි. (නි)
ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිකරන අය භික්ෂූන් නෙමෙයි. බුද්ධාගම විනාශයට හේතුව අන්‍ය ආගම් නොවේ බෞද්ධයන්ගේ පැවැත්ම පිරිහීමයි (නි)
කුරුනේරු එය දෙන්නගේ අදහස් හරියටම හරි.(නදී)
මේ ගොල්ලන් නම් කියයි. අපිනේ දන්නෙ ළමයි හදලා උන්ට කන්න දීලා උස්මත් කරන්න තියෙන අමාරුව (නි)
බොදු බල අයට වටලන්න අවශ්‍යම දේවල් පෙනෙන්නේ නැහැනේ. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර්, ඔයා කියන කතාවත් ටිකක් හරි වගෙයි. (නි)
රටේ සාමයටත් නීතියටත් ප්‍රජාතන්ත්‍රවාදී ජන ජීවිතයටත් මහත් තර්ජනාකාරී ස්වරූපයෙන් අත්තනෝමතික ක්‍රියාවල යමකේ නිරත වනවා නම් එය වැරදි වැඩකි (නි)
කව්ද මේ මගේ නමින් පෙනී ඉන්නේ? මම ඔරිජිනල් ප්‍රභා. ඔය හදන්න කියන දරුවන්ට කව්ද කන්න දෙන්නේ? (නි)
ස්වාමින් වහන්සේලා ඔවුන් සතු සීමාව පිළිබද දැනුවත් වියයුතුයි (නි)
අත්අඩංගුවට ගන්න එයාලට පුලුවන්ද? (නි)
රට පුරා හොරරහසේ මේ ව්‍යාපාරය කරගෙන යන්නේ මොකටද? සිංහල ජනගහනය ක්‍රමානුකුල අඩුකර වර්ගයා වද කිරීමටයි. මෙම සුළු ජාතික ව්‍යාපාරිකයන් ලංකාව පුරා සැක සහිත ඇති දැවැන්ත ව්‍යාපාර අරඹා කරගෙන යනවා. සිංහල ව්‍යාපාර වැහෙනවා. ඔවුන් අපිට සැබෑම තර්ජනයක් වන දවස වැඩි ඈතක නොවේ. (නි)
ඉදිරියේදී සිංහල මිනිස්සුන්ට ඉතාම නරක කාලයක් උදාවේගෙන යන බව ඉතාම පැහැදිලියි. තම දේපොළ පිට විකුණන්න එපා. ව්‍යාපාර අරඹන්න, නීති විරෝදී ගබ්සා මධ්‍යස්ථාන ගැන විමසිලිමත් වන්න. සංවිධානය වන්න. නැත්නම් සිංහලයට කැලෑ වදින්න වෙයි. ඒ තරමට සිංහල ඉඩම්, ව්‍යාපාර පිට අය සතුවේගන යනවා. (නි)
අද අනුරාධපුර කලාවියත් සොහොනක් වගේ. වකුගඩු රෝගය නිසා ජාතියට බත සපයන ගොවි මහතුන් මරු තුරුලට යනවා. (නි)
දේශපාලුවෝ කරන ඕනම ජරා වැඩක් අනුමත කරලා සෙත් පිරිත් මැද්දේ දාතු කරඩුව ඔලුවේ තියලා සෙත් පැතුවම ඕනම මිනිමරුවෙක් හොද මිනිහෙක් වෙනවා. ඕනම තිරිසන් වැඩක් හොද වැඩක් වෙනවා.(නදී)
රටේ කොහෙවත් නීතියක් නැහැ. සංවිධානයකට එහෙම හිතුන හිතුන තැන් වලට පනින්න බලයක් දීලා නැහැ. එයාලට එහෙම කරන්න ඕනෑ නම් පාර්ලිමේන්තුවෙන් නීතියක් සම්මත කරගෙන පනින එකයි ඇත්තේ. (නි)
සිංහල, දෙමළ හෝ මුස්ලිම් වේවා රටේ කිසිම සංවිධානයකට නීතිය අතට ගන්න ඉඩ නොදිය යුතුයි (නි)
කව්රු මොනවා කිව්වත් අන්තිමට අම්මටයි තාත්තටයි ලගින්න වෙන්නේ මහලු මඩමේ. එය බණ පොතේ තියෙනවද? මුස්ලිම් හා දෙමළ පූජකවරුන් නීතිය අතට ගත්තොත් මොනවායින් මොනවා වෙයිද? නීතිය කාටත් සමානයි. පොලිසිය බලාගෙන ඉද්දී මැරකම් කරනවා. දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න.(නදී)
මේ බොදුබල සේනාව, අපේ රටට වින කරන මැරකම් ,හොරකම් , දුෂණ, අල්ලස් ගන්න දේශපාලකයන්ට විරුධව කටයුතු කරනේ නැත්තේ මොකද? (ස)
පවන්, අංගවිකල හරි වෙනත් රෝගයකින් හරි පෙළෙන දරු ගැබකට විතරක්වත් ගබ්සාව අනවශ්‍ය බව මගේ අදහස. සර්ව සම්පූර්ණ සුපිරි මිනිසුන් පමණක්ම මෙලොව ඉපදිය යුතු නැහැ. අංගවිකල හරි වෙනත් රෝගයකින් හරි පෙළුනත් ඔවුන්ගේ ජීවිතවල අයිතිය අපිට නැති කරන්න බැහැ. ඔවුන්ටත් උපදින්න ඉඩ තියෙන්න ඕනේ මේ ලෝකේ. අංගවිකල හරි වෙනත් රෝගයකින් හරි පෙළුන දරුවෝ ගබ්සා කරනඑක හරියටම හිට්ලර් වැඩ කරන්න බැරි ලෙඩ්ඩු, වයසක මිනිස්සු මරල රට ගොඩනගන්න හැදුව වගේ අසාධාරණ මුග්ධ වැඩක්. (අ)
කරුණාකර ජාතිවාද අදහස් දාන්න එපා. (නි)
ඔය මොනවා කළත් අන්තිමේ යුද්ධයක් ඇති වුනොත් අපිට දෙවියන්ගේම පිහිටයි (නි)
මේ අයට වෙන වැඩ ඇත්තෙම නැද්ද ? (ස)
ලක්මන් හරි, යන්තම් යුදිධය නිම උන පමණි ඔය ඕන ජටිවාදයක් (අ)
මේවා පාලකයන්ගේ අඩුපාඩු. නිතිය රකින්නත් නීතියේ නාමයෙන් දඬුවම් කරන්නත් රටට් ගැලපෙන විදිහට නීති සකසන්නත් බැරිනම්, ජාතිය අගම බේරගන්න කාට හරි නැගී සිටින්න වෙනවා. අනික සාධාරණ ලෙස ගබ්සාවක් කිරීම අවශ්‍යනම් එය රජයේ රෝහලකින්ම වියයුතුයි. රානිගේ අදහස පනින රිලවුන්ට ඉනිමන් තියෙනවා වගේ. (ත)
අනේ මම දන්නෙ නැහැ ඕවා. හැබැයි එක ටීවී චැනල් එකක දවසක් මම දැක්ක දේකින් මෙයාලව මට නම් දැන් එපාවෙලා තියෙන්නේ (නි)
සිංහලකමට,බෞද්දකමට කතා කරන අදහස් දක්වන යට විරුද්දව කතාකරන උපාසක උපාසිකා මහත්ම මහත්මීන්ට මේ. මේ රටේ සිංහලකම බෞද්ද කම රැකගන්න එදාසිට අද දක්වාම ජීවිත පුජා කලේ හැලුන. නැතිනුම් මේ රටත් මෙලහට ඉන්දුනුසියාවක්.බංගලා දේශයක්, බුරුමයක්(මියන්මාර්) නැතිනුම් ඇෆ්ගනිස්ථානයක්. ආගම වෙලාවකම ජිවිත පුජ කලේ.ලේ හකගත්තේ නියම සිංහලයන් මිස කෙහෙල්මල් හින්හලයන් නොවේ. රටක හැම පුරවැසියෙකුටම තිබිය යුත්තේ එකම නීතියක්. පන්සලේන්වත්,කතෝලික පල්ලින්වත්,හින්දු දෙවලේන්වත් කැම සඳ හා නීති දන්නා අවේ නැහැ. ආගමික නීති දල ප්‍රශ්නය පටන් ගත්තේ ඒගොල්ල.නියම සිංහලයන්,එදා සිටම මේ රට විපතට පත්වන විට ඉදිරියට මහා සඟරුවන සිටින තුරු මේ රටේ සිංහලකම,බුදු දහම මුස්ලිම් අන්තවාදයට හෝ ඔය සර්ව ලෝක පුට්ටු කාරයන්ට විනාස කරන්න ලැබෙන්නේ නැහැ. (අ)
බොදු බල සේනාවත් මාර වැඩනේ කරන්නේ බලාගෙන ගිහාම.මම නම් හිතුවේ නැහැ මෙතරම් බලතල තියෙනවා කියල.පොලිසීය පනින්නේ නැති කුඩු,ගංජා,අබින්,හොර අරක්කු,ගණිකා නිවාස,හොර නෝට්ටු අච්චුගහන තැන්,පාතාලයෝ ඉන්න තැන් වලට පැනලා අල්ලලා ගස් බැඳ බාර දීම කළ යුතුයි (නි)
අනේ අපේ හාමුදුරුවානේ මසාජ්, ගණිකා මඩම් වටලන්න. ලංකාවේ කෙල්ලන්ට විලි වැසෙන්න අදින්න උගන්වන්න.(නදී)
අපි දන්නව හුසේන්ලට, මොහොමඩ්ලට සිංහල, දෙමල අයගේ ගබ්සා නවත්වද්දී අමාරු බව. (නි)
උපත් පාලන බෙහෙත් අල්ලන්න ඉස්සර වෙලා ඒවා පාලනය කරන්න මිනිස්සු උනන්දු වෙන්නේ ඇයි කියලා බැලුවා නම් හොද නැද්ද? (නි)
හුසේන්, ඔයාලගේ පරපුර ටිකක් අඩුකරගන්න මේ වගේ ගබ්සා ටිකක් කරගත්තා නම් හොඳයි නේද? (නි)
බල සේනාවට මෙච්චර දේවල් කරන්න බලය දුන්නේ කව්ද? එතකොට පොලිසිය මොනවාටද? (නදී)
අනේ මෙහෙමත් වැඩ (අ)
මම දෙක්ක සඟරාවක ලෝකයේ නැතිවී යන බෂා වලින් එකක් සිංහල කියල . හේතුව සිංහලයන් සිංහල කතා කිරීමට අකමැති කමත් .සිංහල කතා කිරීම මදි කමත් කියා සිතන නිසා .ඒවගේම මේ යන ආකාරයට ලංකාවේ නිර්මල උතුම් බුදු දහමත් වඳවී . අන්තවාදී තලේබාන් හා සමාන විකුර්තිවු බෞද්ධ රටක් වෙනවා . අද අපේ සිංහලයන් ය කියා කියා අයම සිංහල ජාතිය නැති කිරීමට ඉදිරිපත් වී සිටි . අපි අනික් ජාතීනට වෙනත් ආගම වලට වෙරදී සොයා ඇඟිල්ල දිගු කරන්න කලින් අපි අපේම අගමැ ජාතිය ගෙන සොයා බල කටයුතු කරනවානම් වෙනත් ආගම වලට අනික් ජාතීනට බිය විය යුතු නැත . අපි උපදින විට ලබන ජාතිය අගමැ අපේ සිත් පල පදියම් වී තිබෙන නිසා . අපි වෙනත් ආගම හා ජාතින් පිළිකුල් කරන්නේ . නමුත් අද බොහෝ දෙනෙක් විශේෂයෙන් සිංහල ය බටහිර යුරෝපිය රටවල පුරවැසි බවය රේගෙන තම උපන් පුරවෙසි බවය පවා දී එත . සමහරු ආගමද මාරු කර ඇත . තවත් සමහරු තමන්ගේ සිංහල නමත් මාරු කර බටහිර රටවලට ගෙල පෙන වෙනත් නම් ආදේශ කරගෙන ඇත. . අද ලංකාවේ මේ ජාති වාදය හා ආගම බේදය වෙනුවෙන් කේ ගසන අය පුවත් පත් සහ විද්‍යුත් නාලිකා හෝ යු ටුබ් එක මගින් මේවා ගෙන කියති . නමුත් මොවුන්ට සමාජයේ ඉදිරියට පැමිණ මේවා කීමට හෝ මේ වෙනුවෙන් දෙයක් කිරීමට කොන්දක් නැත . මේවයින් බනින විට නිර්නාමික නම යොදා සහ මුහුණ නොපෙනෙන නිසා වෙනත් යට නින්දා කිරීම අවලාද කිරීමට පසුබට නොවෙති . පල්ලිය පන්සල කෝවිල කියන්නේ ආගමික ස්ථාන . අපි මොන ආගමේ උනත් වෙනත් අයගේ ආගම වලට පුජකයන්ට පුජනිය ස්ථාන වලට අගෞරව කිරීම නුගත් කමේ විශේෂයකි . පළමුව අප පිරිසිදුවී අනික් අයව පිරිසිදු කිරීම හොඳය . නැතිනම් අපේ කුණුත් අනික් අයගේ ශරීරයේ තැවරේ . සමාජයක් හදන්න කලින් අප එකී නෙකා පළමුව යහපත් පුරවෙසියන් යහපත් ආගම දර්මය අදහන අය විය යුතුය . මේ මම සින්හලකු හෙටියට ලංකාවේ ජිවත් වෙන්නකු හෙටියට දකින ආකාරය . ඔබ සියලු දෙනාටම මෙත් සුව පතමි (අ)
දරුවෙක් වැරදීමකින් හෝ ස්ත්‍රී දුෂණයකින් හෝ විකෘති තත්වයක් මත හෝ අනවශ්‍යය නම් අවශ්‍යය කෙනෙක්ට ඒ දරුගැබ ඉවත් කරන්න අයිතියක් තිබිය යුතුයි.නීතියෙන් ඒකට බාදාවක් තිබේ නම් නිතිය වෙනස් කළයුතුයි. (නි)
මේ ආකාරයට අපේ සියලුම දෙනා අවදියෙන් ඉන්න ඔනී. මෙතෙක් කල් අපේ ලංකාව අම්බලමක් වගේ තිබුනේ. ඕනෑම කෙනෙකුට කැමති දෙයක් කරන්න පුළුවන්. එම නිසා රට හොඳටම විනාශ උනා. බොදුබලසේනාව මෙහෙම කරන්නේ තවදුරටත් බලා ඉන්න බැරි නිසා. අපෙත් යුතුකමක් තියනවා. මේවා සම්බන්ධව අවදියෙන් ඉන්න. දැනුම් දෙන්න. (නදී)
හුසේන් හිතට ගොඩක් දුකයි නේ. අපි දන්නවා ඔයාලට ගොඩක් හිතට අමාරු බව. ඔයාලට තියෙන අනික් අමාරුත් අපි දන්නවා. නිලූ කියලා නම දාගෙන අඩන මුස්ලිම් නංගිටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමා (නි)
ඇයි නංගි මගෙන් මේ ප්‍රශ්නම අහන්නෙ? මේක අමතක කරල අපි වෙන දෙයක් කතා කරමු (නි)
ඔය අහමඩලා ආගමේ තියෙන දේවල් ඒ විදියටම කරනවානම් තමුසේලා හරක් මරන්න ඕනි ගිනියම් උන යකඩ තෙටියක් උඩ සේරෙප්ප්පුවක් වත් නොදා හිටගෙන,ඒවා ඕනි ඕනි විදියට වෙනස් කරන්න හොදය ඔය කටෙන් පොර ටෝක් දෙන අහමද්ලට .අහිංසක සතෙක්ව මරන්න කියලෙ කොහෙවත් ඔය කුරානේ.දන්නත්තම් මම උගන්නන්නන් හුසේන්ටත් ඒ ගෙන. (අ)
අත්අඩංගුවට ගන්න එයාලට පුලුවන්ද? (නි)
ප්‍රවේශමෙන් හොදේ (නි)
බුදුන්ගේ ධර්මය මෙයද? බුදුහිමියන් විසින් සිදු කෙරුවේ මග පෙන්ව්මයි. මේ දේ කෙරුවොත් මෙ දේ වෙනවා, යහ මාර්ගය පෙන්විමක් සිදු කල අතර මෙවැනි ලෙස නිතිය අතට ගෙන කටයුතු කෙරුවේ නැත. හාමුදුරු නමකට එසේ නිතිය අතට ගැනිමේ ඇති නිතිමය හැකියාව සහ සදාචාරාත්මක අයිතිය කුමක්ද ? බුදුන් විසින් හාමුදුරු නමක් වඩින විදිය පවා කියලා දුන්නා. කවදාවත් සිවුර කැහැපොට ගහගෙන චන්ඩි වගේ හැසිරෙන්න කියා දුන්නේ නැහැ. චීවරධාරින් මේ කරන දේවල් තුලින් රටෙ සහජිවනයට මහත් බාධවක් ඇති වන්නේ. මුස්ලිමි ජනතාවගේ දරුවන් වැදිම වැඩියි කිය කිය ඉදලා හරි යන්නේ නැහැ. මේ කෑ ගහන කවුද ලමයි 6-7ක් හදලා තියෙන්නේ. කරුණා කරලා කොටි ඩයස් පොරාවෙ සල්ලි අරගෙන කරන මෙවැනි නීච කටයුතු නවත්වන්න පැමිණිල්ලක් වෙතොත් නිතිය සමග කටයුතු කිරිම මැණවි.(නදී)
මම කැමැති 12ක් හදන්න (අ)
උපත් පාලනය සමාජයට අත්‍යවශ්‍ය දෙයක්. ගබ්සාවත් ඒ වගේමයි. ඒ ගැන තාර්කිකව නොහිතා ඕනෑම දේකට ජාතිවාදය පටලවාගන්න එක මෝඩ කමක්. (නි)
ලංකාවේ ජනගහණ වර්ධන වේගම සිංහල 2%, දෙමළ5%, මුස්ලිම්10%යි. මේක හැමෝම තේරුම්ගන්න (නි)
දොස්තරල මොන ජාතිකයොද?මේ ලගදි වද සැත්කම් කරලා පේරාදෙණියෙන් අත් අඩන්ගුවට ගත්ත දොස්තරලගෙ ජාතියෙම අයද? (නි)
කවුරුවත් කියනවට එහෙම ළමයි හදන්න නම් එපා. ඒවා තමන්ගේ අයිතීන් (නි)
උපත් පාලන කොපුත් තහනම් කරයිද ? (නි)
මින් ඉදිරියට පන්සල් වලට ගිහින් පැමිණිලි දැම්මා නම් හරි. මොකද පොලිසියට වැඩ කියලා වැඩක් නැති නිසා. (නි)
අනිත් ආගම් වලට දොස් කියන සිංහල සහෝරදයන්ගේ අවධානය සඳහා. මුස්ලිම් අයගේ පවුල්වල සිංහල අයට වඩා දරුවන් වැඩියෙන් සිටින්නේ අපේ වරදක් නොවේ. අපි කසාද බඳින්නේ වයස අයුරුදු 26-30 (පිරිමි අය) 18-23 අතර (ගැහැණු අය) අපි කවදාවත් ආර්ථිකය ගැන බිය වන්නේ නැහැ. ළමයින්ට කන්න දෙන්න බැරිවෙය් කියල බිය වන්නේ නැහැ. අපිට තිබෙන්නේ ආත්ම / දේව විශ්වාසය පමනය්. ඔයාල පුළුවන් නම් හොඳින් හොයල බලන්න මුස්ලිම් කාන්තාවන් රැකියාවට යන්නේ ඉතා සුළු පිරිසක්. ගෙදර පිරිමියා තමා මුළු පවුලේම වගකීම කරට ගන්නේ. නමුත් මා දන්නා තරමින් බහුතරයක් සිංහල අය පිරිමි - 35-40 ත් කාන්තාවන් 33-36 වගේ වයසේ දී තමා බඳින්නේ. සමහරු උසස් අධ්‍යාපනය - විශ්වවිද්‍යාලය අධ්‍යාපනය හමාර කර බඳිනවා. තරුණ වයස පහු කරලා මැදිවියට පා තබනකොට. මේ වගේ දේවල් තමා බලපානේ පවුල් ජීවිතයත් දරු සම්පතත් සඳහා. සිංහල කාන්තාවන් වඳ කරන්න තරම් ලංකාවේ මුස්ලිම් අපි පහත් නොවේ. තමාගේ නොහැකියාව සඟවන්න අනුන්ගේ ගිණුමට මෙවැනි පවු බර නොකරන්න. අපිට ආගම ධර්මය තිබෙන්නේ අපිව යහමග යවන්න. ජාතිය බේරා ගැනීමට ගන්න උත්සාහයන් වලට අපේ ප්‍රණාමය නමුත් සුළු ජාතින් කියල අනුන්ට පහර දීම නොවේ. පන්සල් නොයන ගිහියන් පන්සලට ගෙන්වාගැනීම තුලින් ජාතිය රකින්න පුළුවන්. රටේ සිදුවන අපරාධ අවම කරන්න පුළුවන්. අපි දවසට 5 වේලක් පල්ලියට යන නිසා තමා ආගම හා බැඳිලා ඉන්නේ. මේ අදහස් වැරදිනම් ඔබේ ප්‍රතිචාර මට යවන්න. (අ)
ඔව් ඉතින් මේ වගේ දෙයක් දැකපුවහම අහවල් අයට මාර අමාරුවක් තියෙන්නේ (නි)
අහමඩ් ,ඕගොල්ලන්ට එතින් ඉස්සර අල්ල දෙය්යෝ ඕන තරම් ළමය ගෙනල්ල දෙනවනේ .(අ)
සම්පත් ,තම්බිලා වන අපට දරුවන් පාලනය කරන්න කියා දෙවියන් කියා නැත. සියලු දේ දෙවියන්ය. සියලු දේ ලබා දෙන්නෙත් ඔහුය. එම නිසා දරුවන් හදන්න බය වෙන්න දෙයක් නැහැ. සිංහල කට්ටිය ළමය 2 කට පස්සේ නවත්වා ගන්න එකට තම්බි වන අපි මොනවා කරන්නද? ඔය ලංකාවේ ඉන්න හාමුදුරුවරුන් විවාහ වුනා නම් ළමයින් ගොඩක් හදා ගන්න පුළුවන්. ඒ වුනාට ලංකාවේ හාමුදුරු තාත්තලා කොපමණ ඇද්ද? (නි)
වරුණ, පවුලට කියන්න ළමයි දුසිම් ගණන් හදමු කියලා. මෙහෙම ඉරිසියාවෙන් පෙලෙන්න එපා (නි)
අහමඩ් ලට මොන කරදරයක්ද ඉතින්.දරුවොත් හදල දෙන්නේ දෙයියෝනේ.දෙයෝම වෙන්න ඇති පේරාදෙණියට අර ගබ්සා හොර දොස්තරලා බානක් පත් කරන්න ඇත්තේ. ගබ්සා කරන උන්ව අනිවාර්යෙන් කූඩු කරවන්න ඕනේ.(අ)
ඇයි හුසේන් ඕගොෝලන්ට හරි අමාරු ඇති නේද සේනාවත් එක්ක? ඕගොල්ලන්ට ඕනෑ විදියට නටන්න දෙන්නේ නැහැනේ. (නි)
මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න විනාඩි 20ක් විතර යයි. අපි වෙන දෙයක් කතා කරමු (නි)
වෛද්‍ය මධස්ථානයක් ගබ්සා මධස්ථානයක් වුව හොත් එය සිදු වන්නේ කල් ගතවීමෙනි. පළමු දිනයේ ගබ්සා මධ්‍යස්ථානයක් වන වෛද්‍ය මධස්ඨාන කොහිද? ෂුවර් එකටම අල්ලපු දිස්පන්සරියේ දොස්තර ඉරිසියාවට දීපු ලනුව හොඳට කාලා. මේ හාමුදුරුවරු ගබ්සා උපකරණ අදුනනවද? මේ අය දැන් හොදටම වැඩියි. සිවුරේ බලයෙන් නීතිය අවනීතිය කරගෙන සංඝයා කෙරෙහි බෞද්ධයන් කලකිරවනවා. වහාම මෙවැනි අත්තනෝමතික ක්‍රියා වැළක්විය යුතුයි. නැත්නම් ලංකාවේ සංඝ ත්‍රස්තවාදයක් ඇති වේවි.(නදී)
දැන් ඉතින් පාමසි වලටත් පැනලා අපිට තිබෙන අන්තිම සතුටත් නැතිම කරලා දාන්න (නි)
මෙවගෙ නායකයන් අපේ ලොක්කන් කර ගත්තොත් රට ජාතිය අගාදයට යන එක නවත්වන්න බෑ, (අ)
ළමයි හදල ගොඩ වැඩි කර ගමු (අ)
එතෙන එහෙම වැඩක් වෙනවානම් ගරු ස්වාමීන්වහන්සේලාගේ චේතනාව සාධාරණයි, ඒත් ක්‍රියාව වැරදියි. ධර්මය හා බණට හාමුදුරුවරු, නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය හා අධිකරණය. (අ)
වද වී ගන යන සිංහල ජාතිය ගොඩගන්න ඔබවහන්සේලා දිවි කැප කර කරන මේ සේවාව ට ගොඩක් පින් . (අ)
බොදු බලේ කියන විදිහට කරන්ඩ අපිට පිස්සුයෑ (අ)
හාමුදුරුවනේ ඔබ වහන්සේලා එකතුවෙලා ප්‍රථමයෙන් දායකයන් සහ බුදු දහමට නිගා කරන භික්ෂූන්ව නිවැරදි කර ගන්න බලන්න. අකටුතුකම් සිදුවෙන තැන් ඇත්නම් පොලිසියට දන්වන්න. පොලිසියෙන් රාජකාරිය හරියට සිදුනොවේනම් ඔවුන්ට බලපෑම් කරන්න. ඔබ වහන්සේලා නීතිය අතට ගන්න ගියොත් මහා විනාසයක් වෙන්නේ. (අ)
ජනගහනය වැඩිකරන්න පුළුවන් ලේසිම ක්‍රමය නම් ඒ ගොල්ලන්ටත් විවාහ කරගන්න කියන්න (නි)
සදුණි, කොහෙන්ඩ් ඔය වාර්තාව හොයා ගත්තේ? අනේ හෙමොටම බලාගන්ඩ. (අ)
පලවී ඇති පුවත සහ අදහස් අතර තිබෙන වෙනස කොයි තරම්ද? (නි)
උපත් පාලනය,ගබ්සාව ආදි නම් වලින්,මොන ක්‍රමයෙන් හරි සිංහල බෞදධයන්ව නැති කරලම දාන්න තමයි හතර වටින්ම සැරසෙන්නේ.මේවා ගැන දේශපාලුවෝ කතාකරයි කියා හිතන්න බැහැ.මෙවැනි සෝදිසි කිරිම් දිගටම දීප ව්‍යාප්තව සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වෙන අතර,බොදු බල සේනාවට ඒ සදහා ශක්තිය ලැබේවායි පතමු. (නි)
මට නම් හිතෙන්නේ ගබ්සාව අවශ්‍ය වෙන්නේ අංගවිකල හරි වෙනත් රෝගයකින් හරි පෙළෙන දරු ගැබකට විතරයි. මේක සිංහල බෞද්ධ රටක්. මුස්ලිම් අය කිසිදාක හොර රහසේ ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නෙ නැහැ (නි)
ෆිල්ම් හෝල් වල තියෙන 'බොක්ස්' ටිකත් ගලවලා දාන්න (නි)
අපේ රටේ වගකිවයුතු සියලුදෙනා සිංහල බව්ද්ධයන්ට ඇතිවී ඇති ගැටළු ගැන සැලකිල්ලක් ඒ වෙනුවෙන් පෙනී නොසිටිනා නිසා අපේ හාමුදුරුවරු ඒ වෙනුවෙන් පෙනිසිටිනවා. උන්වහෙන්සේලට බණක් භාවනාවක් කරන් සීලය රැකගෙන කවු රුහෝ දෙන ධානයක් වලදා පන්සලට වී නිදහසේ ඉන්නට බැරි කාලයකි මේ උන්වහෙනසේලා ගැන කනගාටුයි. බලය ඇති අයද වගකිවයුතු අයද එයාර් කන්ඩිසන් කාමරවල සැපලබනකොට අපේ හාමුදුරුවරු සිංහල බෞද්ධයන්ට වන අසාධරණයට හඩ නගන්නේ අව්වේ කුසට අහරක්වත් නැතුවය. අපේ හාමුදුරුවරුන්ට ශක්තිය වැඩිවී නිදුක් නිරෝගී සුවය ලැබේවා! (අ)
ඔය අපේ මිනිස්සුන්ගෙ ජනගහනය අඩුවෙන්න ප්‍රධානම හේතුව මත්පැන්. බලුවෙන්න බීල ගෙදර ගියාම හතරගාතෙන් දොයි ඉතින් කොහමද ළමයි වදන්නෙ පලමුවෙන්ම මත්පැන් නතරකරල කකුල් දෙකෙන් ගෙදර ගිහිල්ල ගෑණිත් එක්ක සතුටින් නිදාගත්තාම ඉබේම ළමයි වැඩිවෙයි ඒමිසක් අන්‍යජාතිකයින්ට දොස්කීමෙන් පලක්වෙන්නෙ නැහ ස්වාමීන්වහන්සේල පන්සල්වල වැඩඉන්න ඕන ගිහියන්ට ධර්මය දෙශනාකරන්න ඕන බෞද්ධ කොඩි උස්සගෙන පෙළපාලි ගිහින් එක ගැහණියක් ළමයි 10ක් වදපියව් මුස්ලිම්කඩ වර්ජනය කරපියව් කියල වැදිබණ කියන්නෙ නැතිව බුදුන්ගෙ ධර්මය දේශනාකළ යුතුයි එවිට බුදුදහම ඉබේම රැකෙයි (අ)
පොලීසිය හරියට වැඩ කරන්නෙ නැති නිසා තමයි වෙනත් අය ඒවට සම්බන්ධ වෙන්නෙ. ඕවා පටන් ගන්නකොටම විනාශ කරන්න ඕනෑ(නි)
අනේ අපිට සර් ජෝන් ඉන්න තිබුනේ මේ වෙලාවේ (අ)
ශ්‍රී ලංකා පොලිසිය (අ )
රාණි කියන අදහසත් නිවැරදියි (නි)
පන්සලේ හාමුදුරුවන්ට පුළුවන් නම් නීතිය අතට ගන්න පූජකතුමන්ලාටත් පුළුවන්නේ (නි)
නිහාල්ගේ අදහස නියමයි. (ස)
මට නම් පෙනෙන්නේ බොහොම දෙනෙකුට පිස්සු වගෙයි. (නි)
මේවට ලියන බොහෝ අය පකිස් මෝඩයෝ.මන්ද යත් ප්‍රශ්නය එකක්. නමුත් ලියන්නේ මුස්ලිම් අයගේ උප්පරවැට්ටිය ගැන. බෞද්ධයන්ටත් පුළුවන් වෙන්න ඕනෑ ජාතිය බෝකරන්න (නි)
නිහාල් ගේ කථාව සම්පූර්ණ ඇත්ත.බේබද්දෝ වගේ කට ගොන්නක් බීගෙන ගෙදර ගෑණිට කළ යුතු යුතුකම් ඉෂ්ඨ නොකර අනුන්ගේ ගෑණුන්ව බල බලා හූල්ලලා හරියන්නේ නැහැ.ඒ වගේම පොලිස් නිලධාරීන් නොදන්න උපත් පාලන පෙති මේ හාමුදුරුවරු දන්නවා.එයින් පෙනී යන්නේ කුමක්ද? (නි)
අවංකවම කැත හිතකින් නොවේ මම මේ අහන්නේ. දැනුමක් ඇති කෙනෙක් මාව දැනුවත් කරත්වා. ලිංගික ක්‍රියාව දරු උපතක් අරඹයා පමණක් මිස ආශ්වාදයට කිරීම වරදක් ලෙස බුදුදහම කියනවාද?. (නි)
එක සිංහල පවුලකට ළමයි 3-5 හදා ගත්තා නම් වැඩේ ඉවරනේ (නි)
කන්න බොන්න අනෙක් ඒවා කොරනවානම් අපි ළමයි ඕනාතරම් හදන්නම්.(නදී)
ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ සංඝයා වහන්සේලාටත් ළමයි හදන්න දුන්නා නම්. එතකොට තේරෙයි රගේ... (නි)
ෆස්රුල් ගෆූර් කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. ඒ වගේම නීති විරෝධී වැඩ කරනවා නම් ඒවට විරුද්ධ වෙන එක හොදයි. නමුත් බොදු බල සේනාව වැඩියෙන් දගලන්නේ බොරු දේවල් වලට. නීතිය රකින්න හමුදාව පොලිසිය ඉදිද්දී මෙයාලා දගලනවා හොදටම වැඩියි. මේ හැසිරීම් ධර්මය නිවරදිව ආරක්ෂා කරන යහපත් භික්ෂූන් වහන්සේලාට බුද්ධ ශාසනයට අගරුවක්.(නදී)
බුදුහාමුදුරුවන්ගේ කාලෙත් අල්ලපු වැටේ හිටපු චුන්ද කම්මාර ඌරෝ මැරුවා. ඒත් බුදු හාමුදුරුවෝ භික්ෂූ සංඝයා පිරිවරාගෙන උද්ඝෝෂණ කරන්න ගියාද? (නි)
පවන්, අංගවිකල හරි වෙනත් රෝගයකින් හරි පෙළෙන දරු ගැබකට විතරක්වත් ගබ්සාව අවශ්‍ය බව සමහර අය හිතනවා. මෙලොව එලිය දැකීමට අයිති අංගවිකල නොවෙන, රෝගයකින් පෙළෙන්නේ නැති සර්ව සම්පූර්ණ සුපිරි මිනිසුන්ට පමණක්ම ද ? කියන අදහස එහි පදනමයි. අංගවිකල හරි වෙනත් රෝගයකින් හරි පෙළුනත් ඔවුන්ගේ මෙලොව ඉපදීමට ඇති අයිතිය ඔබටවත් මටවත් තීරණය කරන්න බැහැ පවන්. විශ්වය යනු අපට අවශ්‍ය ලෙස පාලනය කිරීමට උත්සාහ කලයුතු තැනක් නෙවෙයි. (නි)
රසිකා කෙල්ලේ, ඔයා තර්ක කර කර ඉන්නකොට දන්නෙම නැතුව ඔයත් හලාල් වෙලා තියේවි (නි)
සදුනි කොහෙන්ද ඔය තොරතුරු ඔයාට ලැබුනේ ? නරකද ඊර්ෂ්‍යා නොකර අපේ නිෂ්පාදනය වැඩිකලොත් ? (නි)
ගබ්සාව මොන විදියට කලත් වැරදියි. කිසිම ආගමකින් එක සාදාරනීකරණය කරන්නේ නැහැ. වගකිව යුතු අය මේ ගැන වගකීම නොසලකන නිසා බොදුබල සේනාව වගේ සංවිදාන අනිත් ආගම වලට රිදෙන විදියට සමහර දේ වලට විතරක් විරුද්ද වෙනවා. මේවත් වැරදියි. ඒක නිසා ආගමික නායකයෝ උනත් ආගම අතර සමගියෙන් ජීවත් වෙන මිනිස්සු ගැන හිතලා වැඩ කිරීම හැමෝටම හොදක් වනු ඇත. (නදී)
බොහොම හොද වැඩක්. හමුදුරුවන්ට වගකීමක් තියෙනවා මේ වගේ දේවල් හොයලා බලන්න.(නදී)
මෙහෙම ගියොත් තව ඉස්සරහට ථෙරවාදයට වැඩිය මහායානය හොදයි කියයිද දන්නෙ නැහැ (නි)