2014 අප්‍රේල් මාසයේ දී ජාතික බල සේනාවේ මහියංගන ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොළඹ නිපෝන් හෝටලයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්චාවකට බලෙන් අවුත් කඩාකප්පල් කළැයි කියන සිද්ධියේ හිමි වරුන් දෙදෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වරෙන්තු නිකුත් කළේය.
එම හිමිවරුන් අද අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.
බොදු බල සේනා මහ ලේකම් ගලගොඩ අත්තතේ ඥානසාර හිමි ඇතුළු අට දෙනෙක් චොදනා ලැබ සිටිති. රිමාන්ඩ් බාරයේ සිටින ඥානසාර හිමියන් අද උසාවියට ඉදිරිපත් කළේ නැත.
චන්ද්‍රරතන හිමි හා නන්ද හිමිවරුන් මාර්තු තුන වැනිදාට ඉදිරිපත් කරන ලෙස නියම කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ අපි ඔබ සමඟයි විශාල කරදරයක් එන බව නම් විශ්වාසයි (ම)