ආගම් අතර අසමගිය ඇතිවන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් අද (16) පෙරවරුවේ මානව හිමිකම් කොමිසමට ගියහ.
‘දණ්ඩ නීති සංග‍්‍රහයේ 291ඇ. වගන්තිය ලෙස බලාත්මක කිරීමයි මේ සංශෝධනයෙන් සිදු වන්නේ. භාෂිත, ලිඛිත හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන්, හෝ සංඥාවලින්, හෝ දැකිය හැකි නිරූපණවලින්, හෝ අන්‍යාකාරයෙන්, ජන කොටස් අතර හෝ වෙනස් පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනස් වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර, දරුණු කි‍්‍රයා හෝ ආගමික, වාර්ගික හෝ ජාතික අසමගිය හෝ, අසන්තෝෂය හෝ, සතුරු බව ඇති කරන හෝ තැත් කරන, නැතහොත් ඊට පොළඹවන හෝ තැත් කරන යමකුට, අවුරුදු දෙකක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කරනු ලැබිය යුතුය’ යනුවෙන් ඉදිරිපත් කර ඇති සංශෝධනය මගින් ජාතික සහ ආගමික අසමගියක් නිර්මාණය වන බව බොදු බල සේනා සංවිධානයේ අදහසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමියනි, අපි ඔබ සමඟයි (නි)
අනේ මෙයාලගේ සත්ව කරුණාව මෙයාල නිසා තමා ලංකාවේ ආගමික ප්‍රශ්න ඇති කළේ (බ)
වෙන මොන කරන්නද මෙයාල. මොකෝ බණ කියන්න දන්නවා කියලද ඉතින් .දන්නේ ගහගන්න මරාගන්න විතරයි නේ (බ)
අපි සමගියෙන් තමයි ඉන්නේ , සෝබිත හාමුදුරුවන්ගේ මරණේ දවස අමතකද ...(බ)
ඇන්ටන් ගේ අල්ලපු වත්තේ පල්ලියක් හදල දවසට 5 වතාවක් ශබ්ද විකාශන දාල කෑගහන වෙලාවට තේරේවි (බ)
ලංකාවේ ආගමික ගැටුම් ඇති කළේ සුද්දෝ (බ)
උසාවියට යන්න බයද ? (බ)
සිංහල බෞද්ධයන්ට ගහන්න තමයි සේරමලා බලන් ඉන්නේ (බ)
මට නම් මේකෙ වැරැද්දක් පේන්නෙ නෑ (බ)
ඇන්ටන්, නොදන්නා දේවල් ගැන කථා කරන්න එපා. (බ)
නයා මල්ලෙන් එළියට ආවද නගර සභා ඡන්දයට වෙන්නැති (බ)
සිංහල බෞද්ධ අපේ අයිතිය වෙනුවෙන් මෙහෙමවත් කතා කරන්න මේ හාමුදුරුවෝ හැර වෙන කව්රුත්ම නැහැ . (ම)
ඔය නීති හදලා තියෙන්නේ රජය නෙමෙයි, නීතිය ගැන දන්නා අය. කරුණාකර අනුන්ගේ හිතේ වෛරය වපුරන්න එපා (නි)
මේ හිමියන් පමණයි අපි වෙනුවෙන් ඉන්නේ (නි)
බොදු බල හිමියනි, පෙරටම යන්න. අපි ඔබ සමඟයි (නි)
ඇන්ටන්, මේ හාමුදුරුවන්ගේ අගය තව අවුරුදු දෙක තුනක් යද්දී ඔයාටම තේරෙයි. හැබැයි එතකොට පරක්කු වැඩිවෙයි. (නි)
ඇන්ටන්, රොහාන් කුමාර්, නසාර් සහ හමීඩ්, අන්‍ය ආගම් අදහන ඔබ සියලුදෙනාට නිදහසේ එය කළහැක්කේ ලංකාවේ ඇති සිංහල බෞද්ධ සංස්කෘතිය නිසයි. මෙවැනි හිමිවරු එදත් ඒ වෙනුවෙන් සටන්කළා. ඒ නිසයි අද ඔබට ප්‍රශ්නයක් නැත්තෙ. (නි)
මෙම පනත නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහිවීමක් ලෙසයි මම දකින්නේ. ඕනෑම කෙනෙකුට ආගමක් ගැන හෝ වේවා තම අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකිවිය යුතුයි (නි)
අපේ හාමුදුරුවන්ට ජය! (නි)
රෝහණ කුමාර් මෙන්ඩිස්, බොහෝදෙනා ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ බුද්ධ වන්දනා වැඩසටහනක් අසා තිබෙනවා. ඔබ පළමුව ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් විසින් කරන බුද්ධ වන්දනා වැඩසටහනක් අසා ඉන්පසු ඔබට එය ඊට වඩා හොඳින් කළහැකිද යන්න පරික්ෂාකර බලා මේ අදහස ආපසු ලියන්න (නි)
නැතිවෙන සිංහල අයිතිය, නැතිවෙන බෞද්ද අයිතිය රැකගැනීමට ක්‍රියාකරන්නවුන්ට ආගම්වාදීන්, ජාතිවාදීන් ලෙස හංවඩු ගසා සිංහල නමින් පෙනීසිටින උත්තමයන්ටයි මේ. සිංහලයා කිසිම දිනක අනුන්ගේ දේවල් අයිති කරගැනීමට ගියේ නැහැ. බැරිම තැනක සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් නැඟීසිටීම පමණි කළේ. මේ දක්වාම නැතිවූ සිංහල අයිතිය හෝ බෞද්ධ අයිතිය ලැබුනේ නැහැ. (නි)