රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ රණවිරුවන්ට සහාය දක්වමින් බොදු බල සේනා සංවිධානය හා මහා සංඝරත්නය අද (3) පස්වරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සත්‍යග්‍රහයක් කළහ.
අනතුරුව ඔවුහු එහි සිට ජනපති මන්දිරය දක්වා පාගමනින් යාමටද නියමිතව තිබුණද පොලිසිය උසාවි නියෝගයක් ලබාගැනීම නිසා පාගමන බුද්ධ ශාසන අමාත්‍යංශය අසල නැවතිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරට බැස්සා කියලා ඤාණසාර හිමියන්ට ඇප ලැබෙන්නේ නෑ.(හේ)
මේ වගේ දේවල් කරන්න එපා.(හේ)
මේ රට මෙච්චර කාලයක් රැකගත්තේ සංඝයා වහන්සේලා. හාමුදුරුවො පන්සලට වෙලා හිටියා නම් කියන්නෙ දානෙ කකා ඉන්නවා කියලා. පාරට බැස්සම කියනවා පන්සලට වෙලා ඉන්නලු. (නි)
ඔයතරම් තම රටට, සිංහලයින්ට ආදරේ නම් එදා රතුපස්වල මරාදාපු ඒ සිංහලයන් වෙනුවෙන් යමක් කරන්න තිබුණනේ (නි)
පන්සලට වෙලා ඉන්නකෝ ..බණක් භාවනාවක් කරලා (හේ)
හමුදුරුවනේ ඔය කරන දේ වැරැදි වැඩක්.(හේ)
මිනී මරුවන් හොරුන් සහ බේබද්දන් නිදහස් කරව් (බ)
දේශපාලුවන්ගේ කටු කන කට්ටිය ගොඩක් අදහස් දාලා. (බ)
හේමමාලි, දැන් රට කන්නෙත් සිංහලයින්ම තමයි (නි)
මොකද එක් කෙනෙක් මුහුණ වහගෙන ඉන්නේ? හඳුනා ගනියි කියලද? (නි)
මේ රට ජාතිය ආගම අගාධයකට වැටුනු හැම වෙලාවෙම මුදවා ගත්තේ මහා සංඝයා වහන්සේලා බොලව් (හේ)
මේ ප්‍රශ්නයට රණවිරුවන් ඈද ගන්න එපා.(හේ)
මේ ඇත්තටම හාමුදුරුවරුද ?එහෙම නැත්නම් සිවුරු හැඳගත් බුද්ධි අංශයේ අයද ? මොකද ;ලංකාවේ හාමුදුරුවරු ඉන්නේ මෙච්චර නොවේනේ .(බ)
පුළුවන් තරම් ඉක්මනට නිවන් සැප ලැබේවා ! (බ)
රණවිරුවෝ හිරේ දාන කොට මේකේ අදහස් දාන අයට කිසි ගානක් නැ... දැන් තමයි කුලප්පුව හැදිලා තියෙන්නේ....(බ)
නියමයි (බ)
ලංකාවේ බුදු සසුනට ගියකලක් ! (ම)
අපි ඔබ වහන්සේලා සමගයි. මම කිව්වේ නියම සිංහලයෝ. නැතුව ඔය අදහස් දාල තියන සමහර කළු සුද්දෝ නෙමෙයි. (බ)
මුහුණු වලනම් කිසිම සිල්වත් පෙනුමක් නෑ (බ)
ඔබ වහන්සේලාට බුදු සරණ වේවා (ම)
අහෝ දුකකි.(කෞ)
තලෙයිබාන් හිමිවරු, සිරුර ගැටගහගෙන පහුගිය ආණ්ඩුව කාලේ ගුණ්ඩලා වාගේ හැසිරුනේ. (කෞ)
මේ හාමුදුරුවරු නැත්නම් අපිට වෙන කවුද ඉන්නේ? (නි)
ඩිල්ෂාන්, ඔබ හරි (නි)
මතක කබාගන්න සැම අවස්ථාවකම රට බේරාගත්තේ හාමුදුරුවන් බව (බ)
මොකද මේ අහක ඉන්න රණ විරුවන්වත් මේකට ගාවගෙන? (හේ)
ඇත්තටම මෙතන ඉන්නේ හාමුදුරුවෝමද? (නි)
අම්මෝ! මේ මුහුණු දැක්කහම බය හිතෙනවානේ (නි)
නිකන් මෝඩ වෙන්න එපා. අපිට රකින්න දරුවෝ නැහැ. අපි අද පාරට බැස්සේ අපිට පන්සලට වෙලා ඉන්න බැරුව නෙමෙයි. නුඹලාට කවදාහරි තේරෙයි අපි මේ දඟලන්නේ නුඹේ දරුවන්ට අනාගත පරම්පරාව වෙනුවෙන් කියලා. ඇත්තටම සමහරක් කොන්දක් නැති දේශපාලන පාට පක්ෂ පටු අරමුණු මුදුන්පත් කරගැනීමට වෙරදරන මෝඩයෝ ගැන කණගාටුයි (නි)
මේ ටිකත් කූඩුවේ දැම්මම හරි. .(බ)
හැමදාම සිංහල ජාතිය හා බුදු සසුන වෙනුවෙන් ඉදිරියට ආවේ හමුදුරුවරු තමා. කවුරු මොනවා කීවත් ජාතියේ අරක්ෂාවට ඔබ වහන්සේලා 2012 සිට අවදි කරපු හඬට තමයි සිංහල ජාතිය අවදි වුණේ. ඒ නිසා ඉදිරියටම යමු හමුදුරුවනේ. දේශපලන පක්ශ වලට මුදලට ගැති නොවන සැබෑ සිංහල බෞද්ධයා ඔබ සමගයි..........(ම)
අපේ හාමුදුරුවනේ , බණක් භාවනාවක් කරගෙන මේ සසරින් එතෙර වෙන්න බලමු නේද ? (බ)
අප්පේ මෙච්ච්රද (බ)
පන්න්සලට වෙලා ඉන්නේනතුව බුද්ධ සාසනයම කාලා දැම්මා (බ)
ඔය වැ ඩවලට රණවිරුවෝ ගාවගන්න එපා ...(බ)
මේ වගේ දේවල් සිදු කරන්න මහජනයාට කිසිදු පීඩාවක් නෑනේ.(හේ)
නම වෙනස් කළා නම් තමයි හොඳ. නැත්නම් අපිටත් එක්ක ලැජ්ජයි, මේ ඉන්න පිරිස දකිනකොට. (නි)
එතකොට අර ටික කාලයකට කලින් බීලා වාහනයක් එලවලා තව වාහනයක් හප්පලා පැනලා ගිහිල්ලා පොලිසියෙන් ඇල්ලුවෙ කව්ද? (නි)
බුද්ධාගමට නිගානොකරන්න. කහ සිවුරේ ගරුත්වය රකින්න (නි)
මොනවද හාමුදුරුවනේ මේ ආවේගශීලී හැසිරීම්? (නි)
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ... (නි)
ඔබලා නියම බුදු පුතුන් නම් නීතියට ගරුකර ඔබවහන්සේලාගේ භාවනාවේ චිත්ත ශක්තිය යොදවා එතුමන් සියල්ලන්ටම පෙනෙන ලෙස එළියට වඩම්මවන්න. මේ වැඩ වලින් වෙන්නේ බුදු සසුනට අපහාසයක් සහ හෑල්ලුවක්. (නි)
ජය වේවා ....! (නි)
ඉදිරියටම යන්න හාමුදුරුවනේ! (නි)
හාමුදුරුවනේ, නොසැළී පෙරටම යන්න (නි)
ජයවේවා! (නි)
ඉස්සර රණවිරුවන් රජ මැදුරු වල තණකොළ කපද්දී, මකුළු දැල් කඩද්දි, පාරවල් වල කුණු කාණු සුද්ද කරද්දී, එළවලු කිරද්දී,......... හමුදාව වෙනුවෙන් කතා කරන්න තිබුනනේ. අපි නම් එහෙම දෙයක් අහලා දැකලා තිබුනේ නැහැ.අපි මැරිලා ඉපදුන අය නෙමෙයිනේ. (නි)
බොදු බලසේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙනීසිටියේ කවුරු වෙනුවෙන්ද කියලා ඕනෑම පොඩි දරුවෙක් වුණත් දන්නවා. (නි)
අනේ නැවත ප්‍රශ්නයක් ඇතිකරගන්නද හදන්නේ? (නි)
රණවිරුවො වෙනුවෙන් පෙනීසිටින අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ! (නි)
රටක් ජාතියක් නැති අය මොනවා කිව්වත් ඔබයි අපේ ශක්තිය. සිංහලේ සිංහයා වහා නිදහස් කරවු! (නි)