කොළඹ පැත්තෙ තියන ලොකු චීන අවන්හලකට ලොකු ටැක්ස් (බදු) ප්‍රශ්නයක් ආව. ඉදිරිපත් වුණ චෝදනාව කාලයක් තිස්සෙ බදු නොගෙවා පොලු තැබීම... එකතු වෙච්ච ගණනත් ලොකුයි...
ඊට පස්සෙ කරන්න දෙයක් නැති තැන මේකෙන් ගැලවෙන්න ආර්ථික අංස ලොකු වගකීමක් දරන ඇමැති සයිස් දේසපාලුතුමෙක් හම්බවුණා... ප්‍රශ්නෙ කියල... මේකෙන් ගැලවෙන්න සලකඤ්ඤං කියල පොරොන්දු වුණේ කෝට්ටෙ පැත්තෙ දේසපාලුතුමාගෙ බංගලාවෙදිලු...
ඊට පස්සෙ දේසපාලුතුමා වහාම ක්‍රියාත්මක වුණා. කළේ මරැ වැඩක් උන්නැහේ ඉහළ තැනකට නියෝග කළාලු මේ බදු ෆයිල් භාර උන්නැහේට මුකුත් නොකර ,ප්‍රමෝෂන්,, එකක් දෙන්න කියල.
ඒ කිව්ව විදියටම වැඩේවුණ අර දසලක්ෂ ගණනක් බදු ගෙවන්න කියන බදු ෆයිල් එක වැහුනලු. සමහරැ නම් කියන්නෙ ඒ ෆයිල් එක අතුරැදන් වෙන්නත් ඇතිය කියලයි.
කොහොම හරි අර චීන හෝටලේට තිබුණ බදු ප්‍රශ්නය නම් කම්මුතුයිලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd