
(අංජුල මහික වීරරත්න)
ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් රැස් කිරීමේ යාන්ත්‍රණයේ ප්‍රධානතම වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුව යන ආයතන ත්‍රිත්වය මඟින් දරනු ලබයි. වර්තමානයේ එම දෙපාර්තමේන්තු, ඒකාබද්ධ නොවන මෙහෙයුම් ක්‍රියාවලියක් පැවතීම, යාවත් කාලීන නොවූ ක්‍රියාවලින් හා නීති පද්ධතීන් හේතුවෙන් ඇති වන අකාර්යක්ෂමතාවන්, ආදායම් නිසි පරිදි අය නොවීම, ඩිජිටල්කරණය සඳහා ඇති නැඹුරුව ප්‍රමාණවත් නොවීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අන්තර් ආයතනික සම්බන්ධීකරණය ප්‍රමාණවත් නොවීම සහ සුපිළිපන්නභාවය පිළිබඳ ගැටලු යන අභියෝග වලට මුහුණ දෙමින් පවතී.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සාර්ව ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග යටතේ ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ අංශයක් ද සහිතව බදු ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකකයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත.
ඒ අනුව, දැනට පවතින අභියෝග ජය ගැනීම තුළින් රාජ්‍ය ආදායම් පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් සමඟ අනුගත වෙමින් ' ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ' යන නමින් විශේෂ කාර්‌යාංශයක් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බදු ප්‍රතිපත්ති සැලසුම් කරන්න අලුත් ඒකකයක්