“ම‍ගේ බුදු අම්මට පුළුවන් විදියට සැලකුවා.ඉස්පිරිතාලේ ඉන්න දවස්වල මගේ අතින් කැද බෙහෙත් පෙව්වා.මම මහණ කිරීමෙන් ලැබු පිනම ඇති මගේ අම්මා නිවන් යන්න‘ යැයි මාතලේ ඕවිලිකන්ද මකුලේමඩ ශ්‍රි නි‍ග්‍රෝධාරාමාධිපති පිළිමතලාවේ මෙත්තානන්ද හිමියෝ හැඩු කදුලින් පැවසුහ.

මාතලේ ඕවිලිකන්ද මකුලේමඩ ශ්‍රි නි‍ග්‍රෝධාරාමාධිපති පිළිමතලාවේ මෙත්තානන්ද හිමියන්ගේ සහ එකම දියණියගේ මව ජි.ජි බේබිනෝනා මාතාව (74) ඉකුත්දා මාතලේ මහ රෝහලේදි මිය ගියාය.

අවුරුදු දහයක්ම මකුලේමඩ ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේම මෑණියන් තබාගෙන උපස්ථාන කරමින් මෙත්තානන්ද හිමියෝ ඇප උපස්ථාන කළහ.

3 

61