බුදු දහමට නිගා වන අයුරින් බුදු රුව හා දේව රූප ඇතුළත් මුද්‍රණයන් නවත්වන්නැයි ඉල්ලමින් තරුණයෙක් පේරාදෙණියේ පාළම අසල කුලුනක් මත නැග උපවාසයක් අරඹා ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි.
වාරියපොළ නිල්ලඹ පදිංචිකරුවකු වන මොහු අතුරුගිරියෙන් තම ගමන ඇරඹූ බවත් ජනපති හමුවන තෙක් දිගටම මේ ක්‍රියාවේ යෙදෙන බවත් පවසයි. ඔහුගේ ඉල්ලීම බුදු දහසට අගෞරව වන ලෙස බුදු රුව මහා දෙව් රුව ඇතුළත් කර මුද්‍රණය කෙරෙන පුවත්පත්, පත්‍රිකා ආදිය නවත්වන ලෙසයි. එමගින් බුදු දහමට වන නිගාව අති විශාල බවද ඔහු සඳහන් කරයි.
මීට පෙරද මහනුවර දළඳා මාළිගාව අසළ මොහු මෙවැනි උපවාසයක් කළ බවද පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය අවධානය ලබාගන්න මේ වගේ වැඩ කරනවා (නි)
මල්ලි, මේක රකින්න ඔයාට නොවෙයි ශක්‍රයාටවත් දැන් බැහැ. ගෙදර ගිහින් තියෙන වැඩක් බලාගන්න මල්ලී (නි)
එක අතකට ඕවා උඩට නැඟ නැඟ ඉන්න වෙලාවේ නිර්භයව ගිනි තියාගත්තා නම් ඒක රටටම ආදර්ශයක්නේ. අන්‍ය ආගමිකයින්ටත් කට උත්තර නැතිවෙනවා ඒ වගේ වීර ක්‍රියාවක් දැක්කහම. (නි)
අනේ බුදුදහම ගැන තව වෙන මොන කතාද? (නි)
කාගෙන්ද රැකගන්නේ? (නි)
බුදු දහම ආත්ම විශ්වාසය හා උත්සායහ මත පදනම් වූ ධර්මයක්. අාත්ම විශ්වාසය නැති උත්සාහයට අකමැති පුද්ගලයින් දෙවියන්ගෙන් විමුක්තිය යදිනවා. ඒත් දෙවියන්ට දියහැකි කිසිවක් නැහැ. ස්වකීය විමුක්තිය රැඳී ඇත්තේ තමාම තුළ බව මිනිසා තේරුම්ගත් දිනට ලොව වෙනස් වේවි. පෙර අටුවා ආචාර්යවරුන් දෙවියන් බුදුදහමට එකතුකර ඇත්තේ බුදු දහමේම ආරක්ෂාවට. (නි)
අනුරාධපුරෙත් ඔය වගේ වීර වැඩක් කළා (නි)
මෙම පුද්ගලයාට ඉක්මනින් මානසික ප්‍රතිකාර ලබා දිය යුතුයි. නැත්නම් ලොකු කරදරකට පත්වේවි. ( ම)
ඔහුගේ ඉල්ලීම ඉටුවෙවිද.මෙන්න බෞද්ධ සමිති සමාගම් වලට ක්‍රියාත්මක වීමට වටිනා අවස්ථාවක්.(ම)
හොඳ මහත්මයෙක්, රටට ආදර්ශයක් (ම)
මෝඩයෙක්, ලොවටම අවාදර්ශයක්, බුදු දහමට අපහාසයක්, මෝඩයින්ට ප්‍රීතියක්! (බ)
ගොඩක් දේවල් මුද්‍රණය කරන්නේ දඹදිව නිසා එහෙදි කළා නම් හොඳයි නේද? (නි)
මෙහෙම දේවල් කරලා පුලුවන්ද බුදුදහම රකින්න? (නි)