වෙසක් දන්සලට මහජනයා කැඳවා ගැනීමේදී බෞද්ධ කොඩියට අගෞරව නොකරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. චාරයක් නැතිව බෞද්ධ කොඩිය වනා ඊට නිග්‍රහ කරන අවස්ථා බොහෝයයි කියයි. දන්සල් පැවැත්වීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිගේ උපදෙස් ද රාජ්‍ය නිලධරයන්ගේ අධීක්ෂණය ද ලබා ගන්නැයි උපදෙස් දී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරුන්ට කියන්න.
බෞද්ධ ශිෂ්ඨාචාරයක් ඇති අපි මේ ගැන දැනුවත් වෙන්න ඕනි
බෞද්ධ කොඩියට ගරු කිරීම සියළු දෙනාගේම යුතුකමයි
අවුරුදු මැරතන් පටන් ගන්නෙත් බෞද්ධ කොඩිය වනලා.
සම්හර ළමයි විතරක් නොවේ ලොකු මිනිස්සුත් හරිම මෝඩ විධියට ඔය කොඩිය අතට අරන් වාහන එනවිට පාරට පැනලා වාහන නවත් වන්න හදනවා. කොඩි හොල්ලන්න ඕනේ නැහැ. ලොකුවට දැන්වීමක් දැම්ම නම් මෙතන දන් සලක් සහ දෙන දේ කෑම ද බීම ද කියා ඒ ඇති. බලෙන් වාහන නවත්වන්න ඕනේ නැහැ. කැමති මිනිස්සු නැවතිලා කාලා බිලා යයි.
බෞද්ධ කොඩිය පිළිබද මෙම ප්‍රවෘත්තිය එවා ඇති මුස්ලිම් ජාතික මොහොමඩ් ආසික් මහතාට බෞද්ධ ජනතාව උපහාර දැක්විය යුතුයි.
මේක කියන්න ඕනි කාටද කියලා අපි දන්නවා
මේක වඩා වැදගත් වෙන දේශපාලඥයෙකුත් ඉන්නවා. අන්න එයාට මේ ගැන කිවුවනම් තමයි හොද
මේක හොද යෝජනාවක්
දන්සැල් වලට වියදම් කරන සල්ලි වලින් දුප්පත් දරුවන්ට පොත් ටිකක් අරන් දුන්නොත් හොදයි. දන්සැල් දැන් මිනිස්සුන්ට හරි කරදරයක් වෙලා. එක ගමකට තියන්න පුළුවන් දන්සැල් ගණන ගැන සීමාවක් දාන්න පුළුවන්නම් හොදයි
බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්‌තුමන්ය.වෙසක් මස පුරපසළොස්‌වක දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කරන්න එවක ඉංගිරිසි ආණ්‌ඩුව පෙළඹවූයේද එතුමන්ය.
බෞද්ධ කොඩිය සම්බන්ධයෙන් මෙසේ ගෙන ඇත්තේ හොද පියවරකි