
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ වැසිත් සමග පුත්තලම හලාවත දුම්රිය මාර්ගය ජලයෙන් යටවිමත් සමග සිව් වන දිනටත් හලාවත සිට පුත්තලම දුම්රිය ගමනා ගමනය සම්පුර්ණයෙන් නවතා දමා ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව අද ( 8) දින පැවසිය.
මෙසේ දුම්රිය නැවති ඇත්තේ හලාවත පුත්තලම මාර්ගයෙ බත්තුළුඔය දුම්රිය ස්ථානය ආසන්නයෙ සිට විශාල ජල කදක් දුම්රිය මාර්ගය වැසි යන ලෙස තිබිම හේතුවෙන් බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් පුත්තලම සිට සෑම දිනකම අලුයම ගමන් ගන්නා බංගදෙනිය කාර්යාල දුම්රිය සමග දුම්රිය වාර ගනනාවක් නැවති තිබේන බව දුම්රිය මගීහු පවසති.
අධික බස් ගාස්තු හමුවේ දුම්රිය තම ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කල විශාල මගීන් පිරිසක් මේ පුත්තලම වෙත දුම්රිය නැවති යාමේන් බරපතල අසිරුතාවයකට පත්වි සිටිති.
කෙසේ නමුත් පුත්තලමට නැවති ගිය සියලුම දුම්රිය ගමන් වාර හලාවත සිට ආරම්භ වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
පසුගිය 4 වන දින මහ වැසිත් සමග දුම්රිය මාර්ගය ජලයෙන් යටවි පුත්තලමට පැමිණේන ගමන් වාර නැවති යාම සිදුව තිබුනී.මේ වන විට දුම්රිය මාර්ගය වැසි ඇතැම් ස්ථාන වල අඩි දෙකකට ආසන්න ජල කදක් ඇති අතර සමහර ස්ථාන වල දුම්රිය මාර්ගයෙ අගල් 10 වැඩි ජලයෙන් පිරි ඇති ආකාරය දැක ගත හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd