ඔක්කම්පිටිය කනත්ත මංකඩදී කොතල හිඹුටු කිලෝ හත්සිය පනහක් රැගෙන ගිය බර කර කරත්තයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
කොතල හිඹුටු වල වටිනාකම රුපියල් පනස් දහස ඉක්මවයි.
විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුර මේ වැටලීම සිදු කළේය.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුර මීගමුවේ කටුවාපිටිය පාරේ දී කේරළ ගංජා කිලෝ පහක් සමග යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලීසියට බාර දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරුම් ගැනීමට අමාරුයි. කොතල හිඹුටු බෙහෙත් කඩවල කෑලි හෝ කුඩු වශයෙන් ඕන තරම් විකුනන්න තියෙනවා. කරත්තයක දමාගෙන යාමද වැරැද්ද? කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න.(නදී)
මම හිතාගෙන හිටියේ කොතල හිඹුටු කියන්නේ ගෙඩි ජාතියක් කියලයි. මේක හරියට මොරටුමුල්ලෙන් අල්ලපු කඳන් කරත්තයක් වගේනේ. (නි)
අපොයි ඔව්, කොතල හිඹටු ටික නම් අල්ලපු එක හොඳයි. දැන් අපිට ජපානෙන් තෑග්ගකුත් ලැබෙයිනේ නේද ? (ස)