බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමෙන් අනතුරුව එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් කියා සිටියේ මේ රැස්වීම් සියල්ල නීති විරෝධී බවයි. ඔවුන් පැවසුවේ සමස්ථ ලංකා කාරක සභා අවස්ථාවේ දී තමන්ට අදහස් දැක්විමට ඉඩක් නොලැබුණු බවයි. රැස්වීම අවසන්කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතැනින් ඉවත්ව ගිය පසු රැස්වීම පැවැත්වූ ශාලාවෙන් එළියට ආ ඔවුහු මෙලෙස විරෝධය දැක්වූහ. විධායක සභාවේ දී පත්කැරගත් නිලධාරී මණ්ඩලය ගැන තමන්ට නොකී බවත් ගම් මට්ටමින් ආරක්ෂා කරගෙන තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය අද වළලා දැමූ බවත් ඔවුහු කියති. තමන්ට සිදුව ඇත්තේ විධායක සභාවට අත ඉස්සීම බව ද ඔවුහු කියති. රැස්වීම අවසන්වී එතැනින් ඉවත්වීමට ගිය හිටපු ඇමතිවරුන්ට සහ නව නිලධාරීනට ඔවුහු බාධා කළහ.
තම පක්ෂය පාවා දුන් බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා කළ යුතු බවත් ඇතැමුන් කීහ.
මේ රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරු වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ දෙදෙනාට ආරාධනා කැර තිබුණ ද ඔවුන් දෙදෙනා ම පැමිණ සිටියේ නැත. පෙරදින පැවති මධ්‍යම කාරක සභාවේ දී මේ දෙදෙනාට ආරාධනා කැර තිබූ බව හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන මහතා කීවේය. අද ඔහු කියා සිටියේ හිටපු ජනපතිනියටත් ජනාධිපතිවරයාටත කලින් සැළසුම් කළ ඉතා වැදගත් කටයුත්තකට සහභාගී වීමට සිදුව ඇති බැවින් නොපැමිණෙන බව ලිඛිතව දැනුම් දූ තිබූ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් සදාකාලිකව ම ආදරය කරණ බව පවසන හිටපු ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිනියත් රැස්වීමට පැමිණිය යුතු බවත් ඔවුන් පක්ෂයට දක්වන ආදරයේ තරම එයින් පෙනෙන බවත් නම සඳහන් කිරීමට අකමැති මන්ත්‍රීවරයකු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරිනම් බලළ්ලු දමල ඡන්ද ගන්න යන්න එපා. මහින්ද අගමැති කරන්න කලින් කරපු මුදල් දුෂණ හොයල බලල දඩුවම් දුන්නද? එයා සමග හොරකම් කල අයගේ දේපල රජයට ගන්න (නදී);
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අගමැති අපේක්ෂකයා වියයුතු බව ප්‍රකාශ කරන බලවේගයේ නියම තත්ත්වය ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු තේරුම් ගත යුතුය. පසුගිය ජනාධිපතිවරණයෙන් ජනතාව පිළිගත් ජනතා අපේක්ෂාව කඩාකප්පල් කිරීම තුළ පමණක් තමන්ගේ පැවැත්ම ඇති බව මෙම බලවේගය තේරුම් ගෙන ඇත. නැතිනම් දේශපාලන අනාථයන් සහ දුෂිතයන්ගේ පැවැත්ම සදහා කැපවෙනවද? රටෙත් ජනතාවගෙත් යහපත සදහා යථාර්තවාදීව කටයුතු කරනවද? යන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂ ගරු මන්ත්‍රීවරුන් තේරුම් ගත යුතුව ඇත.(නදී)
බලය තියන කාලේ එක එක පක්ෂ වලට ගේම් දීල පක්ෂ කාපු ඒවාගේ විපාක දැන් විදින්න වෙලා නේද බොලව්. (නදී)
දැන් පුදුම නිදහසක් නේ ඉල්ලන්නේ. පසුගිය කාලේ මෙහෙම ඉල්ලුවා නම් (නදි)
ඕවා හැම එකම තාවකාලික දේවල්. පක්ෂ වලට නැතුව රටට ආදරය කරන නායකයන් වාසනාවන් (නදී)
පක්ෂය නැවත ගොඩගත්තා. අමතක කරලා ඉස්සරහට යන්න බැහැ (නදී)
මෙච්චරද ? (නදී)
චන්ද්‍රිකා නෝනා නම් නාවට දොස් කියන්න බැහැ. පසුගිය කාලයේ ඔය එක රැස්වීමකට තියා සාකච්ඡාවකට වත් එතුමියව කැඳවා ගත්තාද ? පැත්තකටම දාල එතුමිය එක්ක කතාවට යන අයටත් ගෙරෙව්වා නේ. දැන් මුණ ඉච්ඡාවටද කොහෙද මෙතනට ආරාධනා කරනවා. (නදී)
ලංකාවේ දුෂණය වංචාව රජකරවන්න ඕන නම් බත්පතෙන් ඉන්දන වලින් හෙනගහන බදු ගහගන්න ඕන නම් කුඩු එතනෝල් වලින් අපේ දරුවෝ විනාශවෙනවා දකින්න ඕනනම් රැස්වීමට ගියාට කමක් නැහැ. නමුත් ජනතාව ජනවාරි 8 උගන්නපු පාඩම නැවත උගන්වන්නේ ඊටත් වැඩිය වේගයෙන් (නදී)
මට හිතෙන්නේ නැවතත් නාමයෝජනා ලැබෙන්නේ හිටපු හොරුන්ටමයි. ප්‍රතිශත ක්‍රමයට ඔවුන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. රජය කියන්නේ හොද නියෝජිතයින් පත්කර එවීම ජනතාව සතු දෙයක් කියලා. ඡන්ද පත්‍රිකාවේ ඉන්න සියල්ලෝම හොරු දුෂිතයෝ නම් ජනතාව කොහොමද හොද පුද්ගලයෝ තෝරන්නේ. රජය මේ බව දැනගන එම වගකීම ජනතාව මත පටවනවා. මෙවරත් හොරුන්ට නාමයෝජනා දුන්නොත් කිසිම රජයකට හොරු ඉවත් කිරීමට අවශතාවයක් නැති බව වැටහෙනවා. (අ)
බුදු පියාණන්ගේ පළමු පාඩම කළගුණ සැළකීම. බොරුවට හිටපු ජනාධිපති හොරකන් කල කියන්නේ නැතුව ඔප්පු කරන්න. බොරු කාරයෝ කවුද කියල අපිට පේනවා. (අ)
නිදහස් පක්ෂය ඇතුලේ කලින් ඔහොම කතාකරන්න නිදහසක් තිබුනද (අ)
මහින්ද මහත්තය නැතිව ඡන්දෙට ගිහිල්ල දිනල පෙන්නන්නකෝ. (නදී)
බලයට කෑදර මහින්ද නොවේ බලයට කෑදර අයට බලයට එන්න ඕන නිසා තමයි මහින්දට බොරුවට මඩ ගසන්නේ . එතුමා දැන් හරියට මොකුත් නොකළ කෙනෙක් ගානයි. එතුමා නැතිනම් මේ කිසිකෙනෙකුට පාරේ බැහැල යන්න බැහැ.දැන් නැවතත් උතුරු පළාත් සභාව වැඩ පටන් අරන්. නැවතත් එතුමවම තමයි ඕනේ . (ස)