(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ පුරන් කුඹුරු වෙල්යායකවිශාල ගින්නක් හටගත් බව බන්ඩාරගම පොලිසිය සඳහන් කරයි

අක්කර ගණනාවකින් යුතු පුරන් කුඹුරක එම ගින්න හටගෙන ඇති අතර කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකක් සමග ගිනි නිලධාරීන් එම ස්ථානයට පැමිණියද ගින්න හටගෙන තිබූ ස්ථානයට ලගා වීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇත

කෙසේ නමුත්  ගින්න අවට නිවාසවලට පැතිරේ යයි සැකයෙන් සූදානම්ව එම ස්ථානයේ රැඳී සිටිනු දක්නට ලැබිණි