මේ කතාව ඇහෙන්නේ "හූව" පළාතෙන් කියලා කියන්න පුළුවනි... එහේ බුලත් කොළේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනෙක් හවුල් ආණ්ඩුවෙම අලිපාටියෙන් පත්වෙච්චි ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනකුට තමන්ගෙ රුස්වීම්වල දොස් පරොස් කිය කියා බණින්න පටන් ගත්තලු. මේ බණින ඇමැතිතුමා කරන විෂය කලින් භාරව හිටියෙ දෝෂාරෝපණයට ලක්වුණ ඇමැතිතුමාලු.
ඉතින් මේ ආරවුල යද්දි මේ දෙන්නට දෙන්න කවුන්සිලේදි මූණට හම්බවුණා. හැමෝම හිතුවේ ගිනි විජ්ජුම්බරයක් වේවි කියලයි.. ඒත් එහෙම වුණේ නැහැ. බැණුමට ලක්වුණ ඇමැතිතුමා බණින ඇමැතිගෙ අතින් අල්ලන් පැත්තකට ගියා.. ගිහිල්ල සුහදව කතා කළාලු. ගිහිල්ල ඇතිවෙච්ච කතාව මේකයි.
ඇයි ඔබතුමා යන යන තැන අපට බණින්නෙ.. අපි නැත්නම් මෙහෙම ආණ්ඩුවක් හැදෙනවද? ඒ නිසා ඔබතුමාගෙ අනාගතේ ගැනත් හිතලා තීන්දුවක් ගන්න දැන් තමයි හොඳම වෙලාව අලිපාටියෙ ඇමැතිතුමා යෝජනා කළා...
"මොකද්ද ඔයා ඔය අදහස් කරන තීන්දුව"... බුලත් කොළේ ඇමැති ඇහුව...
&එන්න අපේ පැත්තට. වතුකර ඡන්ද වාසියත් තියෙන්නෙ අපටයි... අපි ඔබතුමා ඉහළ සුදුසු තැනකට ගන්නම්... අලිපාටියෙ ඇමැතිතුමා යෝජනාව ඉදිරිපත් කළා..
"එහෙම පුළුවන්ද" ඇහුව බුලත් කොළේ ඇමැති තුමා බලමු. බලමු.. කියලා යන්න ගියා.. හැබැයි ඊට පස්සෙ එතුමා අලි පාටියෙ ඇමැතිතුමාට බැණිල්ල නැවත්තුවලු..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd