ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ 2013/2014 වර්ෂ සඳහා තේරී පත්වූ නව ශිෂ්‍ය නායකයෝ අද දිවුරුම් දුන්හ.
විදුහල්පති ලාල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය නීතීඥ ශාඛ්‍ය නානායක්කාර මහතා සහභාගී විය.
නව ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස ඩබ්ලිව් පී ශාන්ත සඳරුවන් සිසුවා ද, උප ප්‍රධාන ශිෂ්‍ය නායකයන් ලෙස එල් පී විශ්ව ඉන්ද්‍රචාප සහ ප්‍රබෝද් මධුෂාන් සිසුහු ද නීතීඥ ශාඛ්‍ය නානායක්කාර සහ විදුහල්පති දිසානායක මහත්වරුන් අතින් පදක්කම් ලදහ.
අලුතින් ශිෂ්‍ය නායක මණ්ඩලයට බඳවා ගත් සිසුන් 36 දෙනකුට අද කණිෂ්ඨ ශිෂ්‍ය නායක පදක්කම් පැළැඳවූ අතර ගිය වසරේ කණිෂ්ඨ ශිෂ්‍ය නායක පදක්ම් පැළැඳි සිසුන් 20 දෙනකුට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක පදක්කම් පැළැඳවනු ලැබූහ.
පදක්කම් පැළැඳි සියලු ශිෂ්‍ය නායකයන් හට ප්‍රතිඥාව කියවනු ලැබුවේ 2012/2013 හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක ඉසුරු උදාන වීරසිංහ විසිනි.
ඉන් අනතුරුව පාසල හැර යන ශිෂ්‍ය නායකයන්ට සහතිකපත් පිරි නැමූ අතර හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක ඉසුරු උදාන සිසුවා කතාවක් පවත්වමින් තමන් පාසල වෙනුවෙන් සිදු කළ මෙහෙය ගැන විස්තර කළේය. අද දින ශිෂ්‍ය නායක මණ්ඩලයේ වැඩ කටයුතු භාර ගත් නවකයන් හට පාසලේ වැඩ කටයුතු සිදු කරන ආකාරය ගැන ඔවදන් කිහිපයක් ද ඔහු ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමදිමු මගේ විදුහල් මාතා, මට දිරිය නැණස දුන්.... (ස)
මේ මගේ පාසලයි. ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු .යාලුවෝ අද නැත වෙන අය එහි ඇත .නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා!!!!! (නි)
පාසලක ශිෂ්‍ය නායකයෝ තේරීම අවුරුදු පතා කරන අභ්‍යන්තර කටයුත්තකි. (නි)
නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා..... (ස)
මමත් A / L 97, ආඩම්බරයි............ නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා..... (ස)
මා උසස් පෙළ ලියු පාසැල 1979 1982 වසරේ නමදිමු බන්ඩාර නායක විදුහල් මාතා සිතිනි බතිනි.(නදී)
මගේ ආදරණීය පාසැල 2014 කණඩායම.(නදී)
නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා, සැමට දිරිය, නැණ, බල පතමි (නි)
අකුරු මැකී නැහැ කොළ ගැලවී නැහැ... (නි)