IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


බඩු කොල්ල කෑවොත් වැඩ වරදී

(සුජිත් හේවාජුලිගේ)

ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදීමට රැගෙන යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අතරමගදි බලහත්කාරයෙන් පැහැර ගැනීම වලක්වන්නැයි පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත.

පරිත්‍යාගශීලින් ලබාදෙන සහනාධාර අතරමග රැඳී සිටින පිරිස් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත.

අතරමගදි භාණ්ඩ බලහත්කාරයෙන් පැහැර ගැනීම වැලැක්වීමට පොලිස් වසම්හි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවද පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් නොපමාව විමර්ශන සිදුකර ඊට අදාල තැනැත්තන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ.

 



අදහස් (3)

බඩු කොල්ල කෑවොත් වැඩ වරදී

Lal Sunday, 07 December 2025 10:09 PM

අහිංසක කොල්ලෝ කෙල්ලොන්ගේ බඩු ටික තමන්ගේ නම ගහල බෙදුවානම් බත්මුට්ටි උස්සගෙන ගිය අය තමයි.

:       3       3

Nalin Monday, 08 December 2025 05:46 AM

ඒ කියන්නේ rachu charuwata වැඩ වරදින්න යන්නේ ?

:       1       2

ගුණරත්න Monday, 08 December 2025 07:30 AM

ඒ මදි, කැඩුණු ගෙවල්වල භාණ්ඩ හොරකම් කරන උන් ඉන්නවා කියල අහන්න ලැබුන, උන්ටත් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 325 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site